අලුත් අවුරුද්දට අලුත් පෙනුමක් නිවසට එකතු කරමුද ?

සිංහල නව වසර එන තුරු අප සියලු දෙනාම ඉන්නේ නොඉවසිල්ලෙන්. නෑ හිත මිතුරන් සමඟ ප්‍රීති වෙන්න වගේම චාරිත්‍රානුකුලව නව වසර සමරන්නටත් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. ඒ එය එදිනෙදා ඒකාකාරී දිවියෙන් තරමකට හෝ අපට ඉසිඹුවක් ලබා දෙන බැවින්.

ඉතින් මේ නව වෙනස අප ලොකු වියදමකින් තොරව නිවසටත් එකතු කර ගන්නේ කොහොමද කියලා හිතලා බලමුද ? ඔබේ නිවසේ අලුත් වෙනස් පෙනුම නෑදෑ හිත මිතුරන්ට පමණක් නෙවෙයි ඔබවත් ඔබේ පවුලේ සාමාජිකයනුත් අමන්දානන්දයට පත් කරවනු නියතයි. ඇත්තටම සල්ලි වියදම් කරලා කරන ලොකු දේවල් නෙවෙයි. නිර්මානශිලිව හිතුවොත් කල නොහැකි දෙයක් නෑ කියලා ඔබටම දැනේවි.

අපි බලමු. මොනවද කළ හැකි වෙනස්කම් …………

මුළුතැන්ගෙය

  • භාජන,හට්ටි මුට්ටි රාක්ක සියල්ලම පිරිසුදු කරගන්න.
  • අනවශ්‍ය දෑ සියල්ලම ඉවත් කරන්න.
  • හැකිනම් ඔබ සහ පවුලේ අය එකමුතුව බිත්ති පිරිසුදු කර තීන්ත ආලේප කරන්න.
  • බඩු භාණ්ඩ සුපුරුදු පිළිවෙල වෙනස් කරන්න.
  • මල්,විසිතුරු දෑ ආදිය ද මුළුතැන් ගෙය අලංකාර කරගැනීමට යොදාගන්න නැතහොත් මුළුතැන් ගෙයට අදාල දේවල් වලින් නිර්මානශිලිව සැරසිල්ලක් සාදා ගන්න.

නිදන කාමර

  • පරණ පින්තූර ,සැරසිලි ඉවත් කරන්න.
  • හොඳින් පිරිසුදු කරගන්න
  • හැකිනම් තිරරෙදි මාරු කරගන්න නැතහොත් සායම් පොවා හෝ වෙනයම් දෙයකින් අලුත් පෙනුමක් එයට එක්කරගන්න
  • නිදන ඇඳ ඇතුළු ගෘහ භාණ්ඩ වල පිහිටීම වෙනස් කරන්න
  • අලුත් පින්තුර සැරසිලි එක්කරගන්න.
  • අලුතෙන් මිලදී ගැනීමෙන් තොරව කාමර වල සහ විසිත්ත කාමර සැරසිලි පින්තුරද මාරු කිරීමෙන් එම ස්ථානයට අලුත් පෙනුමක් ලැබෙන බව වටහාගන්න.

විසිත්තකාමරය

  • මනාව පිරිසුදු කර හැකියාවක් ඇත්නම් පමණක් තීන්ත ආලේප කරගන්න.
  • කුෂන් කවර ආදිය සෝදා ගන්න
  • සැරසිලි පින්තුර ඉවත්කර නව පෙනුමක් ගෙන දෙන ඒවා එක්කරන්න
  • ඔබට හැකියාවක් ඇත්නම් ඔබ විසින්ම නිර්මාණය කරගන්න.
  • ගෘහ භාණ්ඩ අසුරා ඇති පිළිවෙල වෙනස් කරන්න.

මේ ලෙසට නිවසට පමණක් නොව ගෙවත්තටද අලුත් පෙනුමක් එක්කරන්නට ඔබට හැකියාවක්
ලැබෙනවා .මල් බඳුන්, පැළ වර්ග  තිබෙන ස්ථානයන් වෙනස් කිරීම මඟින්, අලුත් මල් වර්ග සිටුවා ගැනීම මඟින් මෙන්ම ගෙවත්තේ තිබෙන බංකු වැනි දෑද වෙනස් කිරීම මඟින් වෙනදාට වඩා වෙනස් පෙනුමක් එකතු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් විශාල වෙනස්කම් නොවුණත් මේ වෙනස්කම් හැකි පමණින් සිදු කළොත් අලුත් අවුරුද්දේ අලුත් පෙනුමක් ඔබේ නිවසටත් පැමිණෙන බවට කිසිදු සැකයක් නැහැ.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles