අවුරුද්දට නිවසට එන අමුත්තන්ට අලුත් විදිහකට තේ කෝප්පයක්

අලුත් අවුරුද්දේ තෑගි බෝග අරගෙන ඔබේ නිවසට සපැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නට අලුත්ම ප්‍රණීත රසයන්ගෙන් යුත් තේ පානයන් කිහිපයක් තමා අද අප හඳුන්වා දෙන්නට යන්නේ. මුලින්ම ඔබ රසවිඳලා බලන්න. දෙවනුව සංග්‍රහ කරන්න.

මී පැණි සමඟ කිරි තේ

අවශ්‍ය ද්‍රව්‍ය : 1 තේ කෝප්පයකට

  • කිරිපිටි තේ හැඳි 3
  • තේ කොළ හැඳි 1
  • ඕනෑනම් නැවුම් එළකිරි යොදා ගන්න
  • මී පැණි තේ හැඳි 2
  • අයිස් කැට කිහිපයක්

සාදා ගන්නා ආකාරය :

  1. පළමුව කිරි තේ පානය සාදා ගන්න.
  2. කෝප්පයකට අයිස් කැට දමා ඒ මතු පිටට මී පැණි දමන්න.
  3. එය කිරි තේ එක සමඟ මිශ්‍ර කරගන්න.
  4. උඩින් මී පැණි එක්කරන්න.
  5. දැන් පීරිසි කෝප්පයකට දමා සීතල යාමට පෙර අමුත්තන්ට සංග්‍රහ කරන්න.

මසාලා කිරි තේ

අවශ්‍ය ද්‍රව්‍ය : එක තේ කෝප්පයක් සඳහා

  • කිරි කෝප්ප 3/4
  • වතුර කෝප්ප 1 1/2
  • තේ කොළ හැඳි 1
  • කරදමුංගු 3
  • කරාබු නැටි 2
  • කුරුඳු අඟල් බාගයක පමණ කැබැල්ලක්
  • කුඩු කරගත් ඉඟුරු තේ හැඳි 1

සාදා ගන්නා ආකාරය :

  1. කරඳමුංගු හොඳින් පිටිවන තුරු කොටාගන්න.
  2. තේ කෝප්පයට අවශ්‍ය වතුර උණු කරගන්න.
  3. නටන විට කරදමුංගු,කරාබු නැටි,කුරුඳු සහ ඉඟුරු දමා උණු කරගන්න.
  4. උණු වන විට තේ කොළ එක් කරන්න.
  5. කිරි එකතු කර හොඳින් නටවා ගන්න.
  6. පසුව පෙරා තේ කෝප්පයට වත් කරගන්න.
  7. රසවත් උණුසුම් තේ පානය අමුත්තන්ට සංග්‍රහ කිරීමට පෙර ඔබත් රස විඳ බලන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles