fbpx

අවුරුදු කෑම මේසය සරසන රසවත් අතුරුපස

බනානා බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්.ලෙලි ඉවත් කරගත්
  • සීනි ග්‍රෑම් 500
  • බිත්තර 5
  • පිටි ග්‍රෑම් 500
  • බේකින් පවුඩර් ග්‍රෑම් 12.5
  • බේකින් සෝඩා ග්‍රෑම් 15
  • කොර්න් තෙල් මේස හැඳි 3
  • සරසා ගැනීම සඳහා පොඩි කරගත් කජු

සාදා ගන්නා ආකාරය:

  1. කෙසෙල් සහ සීනි එක භාජනයකට දමා මිශ්‍ර කරගන්න.
  2. ඒ අතර තුර වරින් වර බිත්තරය බැගින් එකතු කරගන්න.
  3. පිටිවලට බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකතු කර පෙනේරයකින් හලා ගන්න.
  4. පිටි කෙසෙල් මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.කොර්න් ඔයිල් එකතු කරගන්න.
  5. බේක් කරගන්නා බඳුනට මිශ්‍රණය දමාගන්න.උඩින් විසිරෙන සේ කජු දමා ගන්න.
  6. සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයක මිනිත්තු 45-55 අතර බේක් කරගන්න.

රයිස් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කිරි මිලි ලීටර් 500
  • බාස්මතී සහල් මි.ලී.5
  • මී පැණි ග්‍රෑම් 40
  • ඔරේන්ජ් සෙස්ට්ග්‍රෑම් 2 {දොඩම් ගෙඩියක සිහින්ව කැපු පිට පොත්ත }
  • ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 125

සාදා ගන්නා ආකාරය:

  1. ගැඹුරු පතුලක් ඇති භාජනයක් ගන්න.
  2. එයට මී පැණි,වැනිලා එසෙන්ස් සහ ඔරේන්ජ් සෙස්ට් එකතුකර උණුකර ගන්න.
  3. පියනකින් වසා විනාඩි 30 පමණ හොඳින් තම්බා ගන්න.
  4. බත සෑදුණු පසු එය ලිපෙන් බා නිවීමට හරින්න.
  5. නිවුණු පසු එයට ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරන්න.
  6. අවශ්‍ය නම් එය මතට වියළි මිදි හෝ කජු කැබලි කිහිපයක් දමා සරසා ගන්න.

– ඉරේෂා –

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: