ජංගම දුරකතනය ලඟ තබාගෙන නිදාගැනීමෙන් සිදුවන හානිය ගැන දන්නවා ද?

නින්දට යාමේදී ද ජංගම දුරකතනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කර ගැනීමට ජංගම දුරකතනය භාවිතා කරනවා. නමුත් නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කටයුත්තක් වන බවයි.

ජංගම දුරකතන අදුරේ භාවිතය පවා හානිකර බව සොයාගෙන තිබෙන බව ඔබ දන්නවාද? බොහෝ විට ජංගම දුරකතන සහ tablet තිරයන්ගෙන් නිකුත් වනුයේ නිල් පැහැති ආලෝකයන් ය. එය නින්ද උත්තේජනය කිරීමට සමත් බව සොයාගෙන ඇති අතර දිගින් දිගටම මෙය සිදු කිරීම මගින් නින්දට ඇබ්බැහි විය හැකිය. එහි අතුරු ප්‍රතිඵල ලෙස විවිධ රෝගාබාධ ඇති වීමට පුලුවන්. රූපවාහිනී තිර මගින් ද නිල් ආලෝකය නිකුත් වුවද එය ඇසට වඩාත් සමීපවන්නේ නැති නිසා එතරම් ගැටලුවක් වන්නේ නැත.  එපමණක් නොව ජංගම දුරකතන මගින් නිතර නිකුත් කරන විකිරණයන් නිසා මොළයේ සෛල වලට හානි වීම සිදු විය හැකිය. මෙය ඉතා බරපතල සෞඛ්‍යමය ගැටලුවක්. ජංගම දුරකථනය නිදන ස්ථානයේ තබා ගැනීමෙන් මෙම අවධානම දෙගුණ තෙගුණ වෙනවා.

අක්‍රමවත් නින්ද, හිසෙහි කැක්කුම, කන ආශ්‍රිත ආබාධ, මතක ශක්තිය පිරිහීම, පරිවෘතීය ක්‍රියාවන් අක්‍රමවත් වීම, එන්සයිමයන් ශ්‍රාවය වීම අක්‍රිය වීම, අලසකම, ඇස් පෙනීම දුර්වල වීම වැනි රෝග තත්වයන් මේ හේතුවෙන් ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිඛෙනවා. එමෙන්ම මොළය ආශ්‍රිත පිළිකා තත්වයන් පවා ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස ජංගම දුරකතනය හැදින්වෙනවා. ඔබ දැනටමත් මෙම රෝගයන්ගෙන් පෙළෙන්නෙකු නම් ඇතැම් විට එයට හේතුව ජංගම දුරකතනය විය හැකිය.  නොදැනුවත්කම නිසා බොහෝ පිරිසක් එයට හුරු වෙන්නට ඇති. උදෑසන අවදි වීමට එලාම් ඔරලෝසුවක් භාවිතය සදහා නැවතත් කාලය පැමිණ ඇත. එමගින් මෙවැනි සෞඛ්‍යමය තර්ජනයන්ගෙන් මිදීමට ඔබට හැකිවනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles