ලස්සන රෝස මල් ගැන ඔබ නොදත් කතා

රෝස මලකට අකමැති කවුුරුන්ද? නමුත් රෝස මල් ගැන බොහෝ දෙනා එතරම් දැනුවත් නැහැ. රෝස මල් වසර දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ මල් වර්ගයක්. රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි. රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.වසර මිලියන 35 ක්‌ පමණ වූ ඉතිහාස කතාවේදී වගාවක්‌ ලෙස රෝස මල එකතු වූයේ ආසියාවෙන් බවට මතයක්වේ.

ආසියාවේ සිට ග්‍රී‍සියටත් එතැනින් රෝමයටත් එයින් පසු කාලයකදී යුරෝපයටත් රෝස මලේ සුවඳ පැතිරී ගිය බවට සැලකෙන අතර රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය , ජපානය හා ග්‍රීසිය ද වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත.

පුරාණයේ යම් යම් රෝග සදහා රෝසමල් පෙති තම්බාගත් ජලය ප්‍රයෝජනයට ගෙනඇත. චීනය, ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී සැරසීම සදහා රෝසමල් අනිවාර්යයෙන්ම යොදාගැනේ. ආදරවන්තයින්ගේ දිනයටත් දැන් රෝස මල් නැතිවම බැරිවී ඇත.

මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත. පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. මීට අමතරව වර්තමානයේ දැකිය හැකි රෝස වර්ග කීපයකි. මේවා මල්වල පැහැය හැඩය වර්ණය අනුව වර්ග කොට ඇත.කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත. 17 වන ශතවර්ෂයේදී රෝස දෙමුහුන් කිරීමේ ශිsල්පය අරඹා ඇත. දෙමුහුන් කිරීම මගින් බිහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වරගීකරණයට ලක්කොට ඇත. සමගම හැම ගෙවත්තකටම අසිරියක් ගෙනෙන සුන්දර රෝස මල් ගැන දැනුවත්ව සිටීමත් සුන්දරයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles