විෂාදය ඇත්නම් වහාම මේ දේවල් ගැන පරීක්ෂාකාරීවන්න

විෂාදය යනු දුර්වල බවක්‌ හෝ කම්මැලිකමක්‌ නොවේ. එය සුලබව දක්‌නට ලැබෙන මානසික රෝගයක්වන අතර එය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතී.  රෝගයේ අපහසුතා සමඟ ජීවත් වීමට රෝගීහු දැඩි වෙහෙසක්‌ දරති. විෂාදය රෝගයේ මුල් අවධියේ දී රෝගියා ශාරීරික රෝග ලක්‌ෂණ (මහන්සි ගතිය, ඇඟපත වේදනාව, හිස රුදාව පෙන්නුම් කරයි.  වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී  සති/මාස ගණන් පවතින ශෝකී බව, එදිනෙදා වැඩ කටයුතුවල දී උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනාගත හැකි ය.

විෂාදයේ රෝග ලක්‌ෂණ:

  • බෙහෝ අවස්‌ථාවල සිතේ සතුටක්‌ නොමැති බව (සවස්‌ කාලය වන විට මේ අසතුටු බව අඩු විය හැකි ය).
  • නුරුස්‌සනසුලු ස්‌වභාවය.
  • කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක්‌ නැති බව.
  • සැම විටක ම පාහේ වෙහෙස බවක්‌ දැනීම. නින්ද යැමේ අපහසු බව හෝ පාන්දර ම අවදි වීම.
  • ඔහු/ඇය මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක්‌ දැනීම.
  • කෑම අරුචිය සහ බර අඩු වීම (සමහර රෝගීන් ගේ කෑම රුචිය වැඩි වී බර වැඩි වීම සිදු විය හැකි ය).
  • ලිංගික ක්‍රියාවලට කැමැත්ත අඩු වීම.
  • කාංසාවේ හා කලබලකාරී බවේ ලක්‌ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.

සිය රෝගීන් මෙම රෝග ලක්ෂණ සියල්ලන්ගෙන්ම පෙළීමට ලක් නොවේ. රෝග ලක්ෂණයන්ගේ තීව්‍රතාවය පුදගලයා මත රඳා පවතියි. එනමුත් සියදිවි හානි කර ගැනීමට සිතීම හෝ තැත් කිරීම හැර අනෙක් රෝග ලක්ෂණය අඩුම වශයෙන් සති 2ක් පැවතීම විෂාදය රෝග නිර්ණය කිරීම අවශ්‍ය වේ. ඔබට විෂාදය ඇත්නම් කළ යුත්තේ මෙන්න මේ දේවල්-

  • ඔබට විශ්වාස කෙනකු සමග ඔබේ හැගීම් ගැන කතා කරන්න. තමන්ට ඇහුම්කන් දෙන කෙනකු හා කතා කිරීමෙන් බොහෝ විෂාද රෝගීන්ට සහනයක්‌ අත් වේ.
  • ඔබ හොඳින් සිටි කාලයේ විනෝදය ගෙන දුන් ක්‍රියාකාරකම් දිගට ම පවත්වාගෙන යන්න. සෘණාත්මකව හැෙගන දේට ප්‍රතිවිරුද්ධ දෙය කරන්න. මේ සඳහා පෙලඹවීමක්‌ ලබා දිය හැකි සමීපතමයන් සමග ගැවසෙන්නේ නම් මැනවි.
  • නිතිපතා ව්‍යායාම කරන්න. එය කෙටි ඇවිදීමක්‌ වුව කම් නැත.
  • ආහාර ගැනීමේ හා නිදාගැනීමේ සාමාන්‍ය පුරුදු වෙනස්‌ නො කර පවත්වාගෙන යැමට උත්සුක වන්න. මද්‍යසාර ගැනීමෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න. මේවා විෂාදය තවත් දරුණු කරයි.
  • පවුලේ සාමාජිකයන්, යහළු මිත්‍රාදීන් සමග දිගට ම සබඳතා පවත්වාගන්න.
  • දිවි නසාගැනීමට සිතෙන්නේ නම් එය වැළැක්‌වීමට උදව් කළ හැකි කෙනකුට ඔබට දැනෙන හැගීම පවසන්න.
  • වෘත්තීය විශේෂඥ සහායක්‌ ඔබට අවශ්‍ය ය. ළග ම සිටින වෛද්‍යවරයා වෙතින් පටන්ගන්න. නිවැරදි සහාය ලැබිණි නම්, ඔබ ගේ තත්ත්වය හොඳ අතට හරවාගත බව මතක තබාගන්න.

ගර්භණී කාලයේ දී හා පසු ප්‍රසව සමයේ මවුවරුන්ට ද විෂාද තත්ත්වය ඇති විය හැකි ය. රෝග ලක්‌ෂණ, රෝගියා ගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි. විෂාදය සුලබ බව සමාජයට නොපෙනෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. විෂාදය වැනි රෝග පිළිබඳව අවධානයෙන් සිටීම ඔබේත් ඔබේ පවුලේත් සෞඛ්‍ය ආරක්ෂාවට හේතුවේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles