කෝපගන්නේ බලාගෙනයි…

ඔබ නිතර අධික කෝපයට පත්වන්නෙක් ද? එසේ නම් ප්‍රෙව්ශම්වන්න හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය (මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි. මෙය බහු හේතුක රෝගයකි. බලපාන හේතු සාධක අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ දුම්බීම, අධික මේදය අනුභවය. ස්ථුලතාවය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, දීර්ඝ කාලීනව පවතින මානසික අසහනය, කායික ව්‍යායාම අඩුවීම සහ ජන්ම ප්‍රවේණියයි.

නමුත් අධික කෝපයට පත් වන උදවිය හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමකට ලක් වන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ. හදිසි කෝපයක් ඇතිවී පැය දෙකක් ඇතුළත දී හෘදයාබාධයක් ඇති වීමට පවතින අවදානම පස් ගුණයකින් ඉහළ යන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

නිතරම පාහේ හදිසි කෝපයට පත් වන උදවිය මුහුණ දෙන අවදානම ක්‍රමයෙන් ඉහළ යන බවද මෙම පර්යේෂණයෙන් හෙළි වී තිබේ.ඇති වූ කෝපය පිට කරන අයට වඩා කෝපය හිර කර ගෙන සිටින්නන් හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බවද මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍යවරු පවසති. ඔබ විසින් කෝපය පාලනය කර ගත යුතුම වන්නේ මේ නිසයි.

අධික කෝපය හේතුකොටගෙන හෘදයාබාධය ඇතිවීමට බලපාන යම් යම් සාධක පාලනය කිරීමෙන් හෘදරෝග නිවාරණය කර ගත හැක. එනිසා ඒ සඳහා උචිත ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසුවේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles