ඔබේ ගෙවත්තේ ඉබේ වැවෙන දිව ඔසු වන් පැළෑටි

බොහෝ දෙනෙකු හට ගෙවත්තේ ඇති ඖෂධීය හෝ ආහාරමය වටිනාකමක්‌ ඇති ශාක පිළබඳ අවබෝධයක් නොමැති තරම්. එසේම බොහෝ දෙනා පෝෂණීය සහ රසවත් පළාවක්‌ ලෙස ද ආහාරයට ගත හැකි ශාක වගාවට මැළිවෙති. නමුත් පළාවල නිසි ගුණ අඳුනාගත්විට නිසැකයෙන්ම ඔබ පළා වගාවට යොමුවනු ඇත.

ඉතා සුලබ ශාකයක් වන තවුසි එසේත් නොමැති නම් කුරුඤ්ඤං කොළ, ජපන් බටු හෝ සිංගප්පුරු කොළ ලෙස හැඳින්වෙන ශාකයයි. මෙහි විටමින් ඒ මූලාශ්‍රයක්‌ වන බීටා කැරොටින්, විටමින් සීල ප්‍රෝටීන්, විටමින් බී, කැල්සියම්, යකඩ සහ පොස්‌පරස්‌ වැනි පෝෂක සංඝටකවලින් අනූන ආහාරයක්‌වේ.  ආදිය පමණ අඩංගු වෙයි. විටමින් සී සහ බීටා කැරොටින් පිළිකා පාලනය කරන්නට ද ඉවහල් වන හොඳ ප්‍රතිඔක්‌සිකාරකයන් ද වෙයි. තවද තවුසි කොළ වල ප්‍රතිඔක්‌සිකාරක ගුණය පියයුරු පිළිකාව, අක්‌මා පිළිකාව සහ මහාන්ත්‍ර පිළිකාව මර්දනය කිරීමෙහිලා විශිෂ්ට ගුණ දක්‌වන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

කූර තම්පලා පැළෑටිය ද වල් පැළෑටියක්‌ ලෙස සලකා සමහරු තම ගෙවත්තෙන් බැහැර කරති. එහෙත් කූර තම්පලා යනු අත්‍යාවශ්‍යය ප්‍රෝටීන සඳහා අති විශිෂ්ට මුලාශ්‍රයක්‌ වෙයි. මෙය විටමින් ඊ සහ කැල්සියම්, මැග්නීසියම්, මැන්ගනීස්‌, යකඩ, සින්ක්‌, සෙලෙනියම් වැනි ක්‍ෂුද්‍ර පෝෂක සඳහා විශිෂ්ට මුලාශ්‍රයක්‌ වෙයි. ඊට අමතරව වයසට යැම පාලනය කරන්නට ද ඉවහල් වන පිරඩොක්‌සින් ද මෙහි සුලබව අන්තර්ගත වෙනවා.එසේම රතු තම්පලා ශාකයේ  පිළිකා මර්දන හැකියාවක්‌ සහිත ශාක රසායනිකයක්‌ වන ඇන්තොසයනින් ද අඩංගු වෙයි. විචිත්‍රවත් තම්පලා වර්ග රාශියක්‌ තිබෙන බැවින් ඒවා ඔබේ ගෙවත්තට අලංකාරයක්‌ ලැබ දෙන්නට ද ඉවහල් වනු ඇත.

කලු කැම්මේරිය නොහොත් තැම්බේරියා ශාකය ඇතමුන් මේ වන විට වල් පැළෑටියක්‌ ලෙස සලකා තුරන් කර දමන වටිනා පැළෑටියක්‌ වෙයි. ස්‌වශන ආබාධ, දියවැඩියා රෝගය, සමනය කරන, රුධිරයෙ වස විස ඉවත් කරන, පෙනීම වර්ධනය කරන ඖෂධීය ශාකයක්‌ ලෙස තැම්බේරියා පැළෑටිය සැලකේ. මෙහි ඉදුණු ගෙඩි ඇන්තොසයනින් වැනි ප්‍රතිඔක්සිකාරක වර්ගවලින් අනූන වෙයි.

සාරණ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්‌ වන අතර, විටමින් බී සහ විටමින් ඊ සඳහා හොඳ මුලාශ්‍රයක්‌ ද වෙයි. මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක්‌ වන්නේ හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට වැදගත් වන එමෙන්ම, අස්‌ථි වර්ධනයට සහ රුධිරයේ වස විස ඉවත් කරන්නට ඉතා වැදගත් ඛනිජ ලවණයක්‌ වන මැග්නීසියම් සාරණ තුළ බෙහෙවින්ම අන්තර්ගත වීමයි. හානි වූ අක්‌මා සෛලවලට පුනර්ජීවනය දිය හැකි සහ පියයුරු පිළිකා රෝගීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන පෝෂණය අතින් අති විශිෂ්ට තවත් පැළෑටියක්‌ ලෙස සාරණ හැඳින්විය හැකිය. මෙයට අමතරව ගොටුකොළ, නිවිති සහ ලුණුවිල මතක ශක්‌තිය දියුණු කරන, ස්‌නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ඉවහල් වන පොෂණීය සහ ඔෂධීය පැළෑටි ද වන බව පර්යේෂණාත්මකව සොයා ගෙන තිබෙනවා.

වල් පැළෑටි ලෙස සලකන මෙම ඇතැම් පැළෑටි සතුව විස්‌මිත පෝෂණ සහ රෝග සුව කිරීමේ ගුණයන්බෙහෙවින් තිබෙනවා. එවැනි පැළෑටි වර්ග ද යම් සීමාවකට යටත්ව ඔබේ ගෙවත්තේ වගා කර ගන්නට පිළිවන් නම් ඔබට වගේම පරිසරයටද මහඟු සෙතකි.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles