වෙනස් විදිහකට Deviled eggs හදමු

එකම විදිහට බිත්තර හදලා එපා වෙලාද? එහෙනම් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට බිත්තර හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර 6
  • Mayonnaise   කෝප්ප 1/4
  • Yellow Mustard තේ හැඳි 1
  • ගම්මිරිස් ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • කුඩාවට කපාගත් පාස්ලි කොළ ස්වල්පයක්
  • ගාගත් චීස් ස්වල්පයක්

සාදාගන්නා අයුරු :

සාස්පානක් ගෙන එහි බිත්තර ටික  තබාා වතුර සහ ලුණු එකතුකර හොඳින් තම්බාගන්න. ප්‍රවේසමින් බිත්තර කටු ඉවත් කරගන්න. ඉන්පසු බිත්තරය හරි මැදින් දෙකට කපා වෙන්කරගන්න. දැන් බිත්තර සියල්ලගේම කහමද ඉවත් කරගන්න. ඉන්පසු එම කහමද ටික වෙනම භාජනයකට දමා එයට mayonnaise, mustard, පාස්ලි කොළ, ගාගත් චීස්, ලුණු සහ ගම්මිරිස් එකතුකර ගෑරුප්පුවක් ගෙන හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයේ හැන්දකින් මිශ්‍රණය සුදු මදය තුළට පුරවාගන්න. නැතිනම් Nozzle එකක් භාවිතෙයන් පුරවාගන්නටත් හැකියි. කැමති නම් ගාගත් චීස් ස්වල්පයක් ඉස අලංකාර කරගන්නටත් පුළුවන්.

සාදයකට අතුරු කෑමක් විදිහට පිළිගන්වන්න වගේම ප්‍රධාන ආහිර වේලටත් මෙය එකතුකරගන්න පුළුවන්. ලස්සනට පයිප්කර කැරට්, සළාටකොළ ආදිය යොදා සරසා ගතහොත් පොඩිත්තෙකුගේ උපන්දින සාදයකට ඉතාමත්ම රසවත් අලංකාර කෙටි කෑමක් ලෙසත් එකතුකරගත හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles