Exercise කරන්න කලින් ඔබ දැනගතයුතුම දේවල්

ව්‍යායාමවල යෙදීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාට අවබෝධයක් නොමැත. එනිසා ව්‍යායාමවල යෙදීමට පෙර මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්

ව්‍යායාමවල මගින් අප බලා පොරොත්තු වන්නේ ශරීරය උත්තේජනයක්‌ බැවින් එම උත්තේජන ලබා ගැනීම සඳහා අපගේ ශරීරය සුදුසු මට්‌ටමක පවතිනවාද කියා පළමුව අවධානය යොමු කළ යුතුය. එහිදී අපගේ ශරීරයේ හෘද ස්‌පන්දන වේගය පරීක්‌ෂා කරගත යුතුය. අධික වෙහෙස ගෙන දෙන ව්‍යායාම වල යෙදීමෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයේ වේගය වැඩි වේ. එහිදී ඉහළ යන රුධිර පීඩනයන්ට අනුව හදවතේ ස්‌පන්දනය සිදුකළ හැකි දැයි කියා පරීක්‌ෂා කරගත යුතුය. එය වෛද්‍යවරයකු වෙත ගොස්‌ රුධිර පීඩනය සහ හෘද ස්‌පන්දන වේගය පරීක්‌ෂා කර ගැනීම මගින් දැනගත හැකිය.

ව්‍යායාමවල යෙදීම සඳහා සුදුසු ඇඳුමකින් සැරසිය යුතුය. කපු රෙද්දෙන් සකස්‌ කළ ඇඳුමක්‌ ඇඳීමෙන් ශරීරයෙන් පිටවන දහදිය ඊට උරාගනී. ව්‍යායාමවල නිරත වීමට පෙර පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කිරීම වඩාත් ඵලදායීවේ. එසේම ව්‍යායාමවල යෙදිය යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්‌ථානවල සිටය. එවිට ශරීරයට හොඳින් ඔක්‌සිජන් උරාගත හැකිය.

තමාට ගැලපෙන ව්‍යායාම ක්‍රම සහ නිරත විය යුතු කාලය සහ වාර ගණන පිළිබඳව ක්‍රීඩා වෛද්‍යවරයකුගෙන් උපදෙස්‌ ලබාගැනීම අත්‍යවශ්‍යය. බොහෝ දෙනා ඇවිදීමේ ව්‍යායාමයේදී කිලෝ මීටරයක්‌ දුර ඇවිදිය යුතුනම් ආරම්භක ස්‌ථානයේ සිට එක දිගට කිලෝ මීටරයක්‌ දුර ඇවිද යයි. ඉන් පසු ආරම්භ ස්‌ථානයට පැමිණෙන්නේ වාහනයකිනි. කිලෝ මීටරයක දුර ඇවිදිය යුතුනම් අප ගමන් කළ යුත්තේ කිලෝ මීටර් 1/2 ක දුරකි. එතැන් සිට නැවත ආරම්භක ස්‌ථානයට පැමිණීමේදී කිලෝ මීටරයක දුර සම්පූර්ණ වේ.

ක්‍රීඩා කටයුතුවල නිරත නොවන එතරම් කය වෙහෙසවා කටයුතු නොකරන රැකියාවල නිරත වන පුද්ගලයන් කාය වර්ධන ව්‍යායාම යෝග ව්‍යායාම ක්‍රීඩකයන් සඳහා භාවිත කරන වෙහෙසකර ව්‍යායාමවල යෙදීමට එකවර යොමුවීම සුදුසු නැත. ඔවුනට ගැලපෙන සැහැල්ලු ව්‍යායාම වල නිරත විය යුතුය. ඉන්පසු ශරීරයේ ඇතිවන වර්ධනය සමඟ වෙහෙසකර ව්‍යායාම වල යෙදිය හැකිය.

වඩාත් සුවබර දිවියක් ගතකිරීමට නම් ඔබත් අනිවාර්යයෙන්ම ව්‍යායාමවල යෙදීමට පෙර මෙවැනි කරුණු පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles