දානයකදී මෙම කෑම වර්ග පිළිගන්වන්නේ පරිස්සමින්

සැදැහැ සිතින් අපි පිළිගන්වන දානය, දානය වළඳන භික්‍ෂූන් වහන්සේලාට සෞඛ්‍ය ගැටළු ඇති නොවන ලෙස ලබා දුන්නොත් වඩාත් සුදුසු නොවේද? එනිසා මෙම ආහාර දානයකට පිළිගැන්වීමේදී වඩාත් සැලකිලිමත් වුවහොත් ඉතාමත් සුදුසුයි

ප්‍රෝටීන් බහුල ආහාර පිළිගැන්වීම – භික්‍ෂූන් වහන්සේනමකගේ දවසේ ප්‍රධාන ආහාර වේල් දෙක වන උදැසන හීල් දානය සහ දහවල් දානවේලහි ප්‍රොaටීන බහුල ආහාර අවම වශයෙන් එකක්‌වත් අඩංගුවිය යුතුය. එනම් කඩල, කවුපි, මුං ඇට, පරිප්පු, සෝයා, tofu (සෝයා ආහාර) කොල්ලු, බෝංචි හා දඹල වැනි ප්‍රොaටීන හා යකඩ බහුල පියලි හා ඇට වර්ග සුදුසුය. කජු, රට කජු, වැනි තෙල් සහිත බීජවලද ප්‍රෝටීන අඩංගු බැවින් ඒවාත් පිළිගැනීම සුදුසුය. නිවිති, කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග හා තද කොළ පැහැති එළවළු වර්ගවල ප්‍රොaටීන හා යකඩ අඩංගු බැවින් මෙම ආහාර වැළඳීමද සුදුසුය.

රොටි, පිට්‌ටු, තෝසේ හා කොළ කැඳ වැනි ආහාර පිළියෙල කිරීමේදී සහල් පිටි සමඟ කඩල පිටි, මුං පිටි, සෝයා හෝ උළුදු පිටි ස්‌වල්පයක්‌ එකතු කිරීම මගින්ද අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල සහිත අංග සම්පූර්ණ ප්‍රෝටීන් ආහාරයක්‌ ලැබේ. කුඩා හිමිවරුන් තවමත් කායවර්ධන අවධියේ පසුවන බැවින් එම හිමිවරුන්ගේ ප්‍රොaටීන අවශ්‍යතාව තරමක්‌ ඉහළය. එබැවින් එම හිමිවරුන් ප්‍රෝටීන් අඩංගු ආහාර අවම වශයෙන් 2 ක්‌ හෝ 3 ක්‌ ගැනීම සුදුසුය.

මේදය සහිත ආහාර පිළිගැන්වීම – තෙල් යොදා පිසූ ආහාර පිළිගැනීම සීමාකළ යුතුය. ගැඹුරු තෙලේ බදින ලද ආහාර ඉඳහිට පිළිගැනීම සුදුසුය. තෙම්පරාදු කරන ලද ආහාර ගණන එක්‌ වේලකට එකක්‌ හෝ දෙකක්‌ ලෙසට සීමාකළ යුතුය. කේක්‌වර්ග, ප්‍රේස්‌ටි වර්ග, බිස්‌කට්‌ වැනි ආහාර තුළ අහිතකර මේදය තිබිය හැකි බැවින් නිතර දානය සඳහා පිළිගැනීම සුදුසු නැත. චතුමධුර පිළිවෙල කිරීමේදී ගිතෙල් හා බටර් භාවිත කරන බැවින් එය නිතර අනුභවය සෞඛ්‍යයට අහිතකර විය හැකිය.

ස්‌වභාවික රස කාරක යෙදූ ආහාර පිළිගැන්වීම – ආහාර රස ගැන්වීම සඳහා යොදාගන්නා කෘත්‍රිම රස කාරක වෙනුවට ස්‌වභාවික රසකාරක වන කුරුඳු, කරාබු නැටි, ඉඟුරු, සාදික්‌කා, වසාවාසි, සුදු ලූනු, ගම්මිරිස්‌, උළුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අබ, කහ, මිරිස්‌, දෙහි, තක්‌කාලි, සියඹලා හා ගොරකා, රම්පෙ, කරපිංචා යනාදිය යොදා ගැනීම මගින් රුධිරගත සීනි හා කොලෙස්‌ටරෝල් ප්‍රමාණය පාලනය කරන අතර පිළිකා සෑදීමට ඇති අවදානමද පහත හෙළයි.

නිතර අධික ලෙස ප්‍රෝටීන්, මේදය සහිත ආහාර  ලබාගත හොත් ඕනෑම අයෙකුගේ සෞඛ්‍යය පිරිහී යා හැකි බැවින් වළඳන භික්‍ෂූන් වහන්සේලාට පිරිනැමෙන දානය ඉතා උසස් ලෙස වගේම වඩාත්ම සෞඛ්‍යය සම්පන්න ලෙසත් ලබාදෙන්නට වගබලා ගනිමු.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles