(අ)හිමි සිහින -24

පවුල් ජීවිතය ඇතුලේ ඕනෑවට වඩා විඳවන ගැහැණු ඉක්මනින් විශාදයට ලක්වනවා.නැත්නම් වෙන ආදරයක් හොයා ගන්නවා.ඔයාගේ කතාව ටිකක් අසාමාන්‍ය වෙන්නේ ඒ දෙකම වෙලා නැති නිසා.”

Smartlady පිටුවට එහෙම පණිවිඩයක් යොමු වෙලා තිබුණා.වසර කිහිපයක අතීතය දිහා ආයේ ආයේ හැරිලා බලනකොට ඇත්තටම මටත් මහ පුදුමයක් දැනෙනවා.මං කොහොමද එහෙම ඉවසාගෙන හිටියේ.සමහරවිට මං හිතනවාට වඩා ශක්තියක් මං ඇතුළෙන් නිර්මාණය වෙන්න ඇති.

පුංචි කෙල්ලක් යෞවනියක් කාලේ මම මොනතරම් දඟකාර කෙල්ලක් ද කියලා කියලා මට තාමත් මතකයි.හැමදේම විහිලුවට ගන්න,ලෝකෙ කඩා වැටුණත් කිච් බිචි ගාලා හිනාවෙන අනුරාධා නුවරට දීග ආවට පස්සේ වෙනස් වුණු තරම ගැන මාත් හිතන්නේ පුදුමයෙන්.සුදාරක වෙනුවෙන් අසීමිතව සටන් කළාට ඔහුගෙන් ලිපියක් වත් කිසිම ආරංචියක් වත් නැති උනාම ඉකි ගහ ගහ ඇඬුවට මම මොන තරම් සතුටකින් ඒ කාලේ ජීවත් වුණා ද?

ඒ හැමදේම විවාහයෙන් පස්සේ හීනයක් විතරක් වුණා.විවාහය විනාශයක් වෙන්න පුළුවන් කියන්නේ ඔන්න ඕකට වෙන්න ඇති.රෝගී අම්මා කෙනෙක් බලාගන්න ගමන් අසංකටත් අමුතු පිළිවෙලකට සලකන්න මට සිද්ධ වුණා.මොකද ඔහුත් සාමාන්‍ය තාලේ පැවතුම් තිබුණු කෙනෙක් නෙවෙයි.

ඔයාලට මතක ඇති මම දවසක් කිව්වා,අසංක බත් කටක් වත් නොකන කෙනෙක් බව.ඔහුට බත් කන්න බෑ.ලංකාව ප්‍රධාන ආහාරය බත් කරගත්තු රටක් වුණාට අසංක බත් ඇටයක්වත් කාපු මනුස්සයෙක් නෙමෙයි.ඔහුගේ කෑම පිලිවෙල වෙනස්.ගෙදර අනිත් අයට බත් සමග කන්න හදන ව්‍යාංජන ඔහු කන්නේ ඔහුගේ ආහාර වේලට කලින්.කොළ මැල්ලූම්, වට්ටක්කා, බණ්ඩක්කා වගේ ව්‍යාංජන අපේ ගෙදර හදලා තේරුමක් නෑ.එයාගෙ ප්‍රධාන ආහාරය වුණු පාන් හෝ වෙනත් දෙයක් කන්න සුදුසු ව්‍යාංජන මම පිළියෙල කරන්න ඕනේ.අනිත් අයට කන්න බත් සහ ව්‍යංජන හදන්නත් ඕන.මගේ ගෙදරදී පොල් බෑයක් වත් නොගා හිටපු මට ඒ තරමට උයන්න පිහන්න සිද්ධ වුණා.

වැඩ කටයුතු පිරුණු ජීවිතේ මට දුක් වෙන්න සහ වේදනා විඳින්න වෙලාවක් තියෙන්න නැතුව ඇති.

නමුත් ඉතින් දරුවෙක් නැති ගැටලුව අපි වසාගෙන පැතිරෙන්න පටන් ගත්තා. මගේ අම්මලා මාව මඳසරු භාවයට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගියා.

“ගැටළුවක් නම් නෑ..”

වෛද්‍යවරු එහෙම කියලා සාමාන්‍ය ඖෂධ ලබා දුන්නා.ඒ වුණාට මොකක් හෝ ප්‍රශ්නයක් ඇති කියලා හැමෝම හිතන්න ඇති.හැබැයි ඒ සෞඛ්‍යමය ගැටලුවක්.

“ළමයි රෝස කැලෙන් ලැබෙන්නෙ නෑ. කොක්කු ගෙනත් දෙන්නෙත් නෑ..”

එම කියන කියලා කෑ ගහන්න මට නොහිතුනා නෙවෙයි.කිසිම ලිංගික සම්බන්ධයක් නැති ජෝඩුවකට ළමයි කොයින්ද?හැබැයි හැම දෙයක්ම සිද්ද වෙන්න හොඳට කියලා මට හිතුණේ පස්සේ.අසංකටත් මටත් දරුවෝ හිටියේ නැති එක හොඳ බව ඔබටත් තව ඉදිරියට මේ කතාව කියවගෙන යනකොට හිතේවි.

“හැම දෙයක්ම සංසාර ගනුදෙනු.මමත් අසංකත් එක්ක සංසාර ගනුදෙනුවක් පියවන්න කවුරුත් ඉන්න නැතුව ඇති.ඒ අසංකටත් මටත් සංසාර බැඳීමක් නොතිබුණ නිසා වෙන්නත් ඇති.”

දරුවෙක් නැති වීම ගැන එහෙම හිතලා මං හිත හදාගත්තා.ගෙදර වැඩත් අම්මාගේ වැඩත් කරමින් මම රැකියාවක් කළා.ඒ ප්‍රමුඛතම රන් ආභරණ සමාගමක ජුවලරි ඩිසයිනර් හැටියට.හොඳ රැකියාවක් කරාට මගේ අතේ මුදල් යහමින් ගැවසුණේ නැහැ.

ඒ කාලේ මගේ ජීවිතයේ පුංචිම හරි සතුටක් තිබුණෙත් නෑ.ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නු අම්මා තාත්තා කෙනෙක් එක්ක අවුරුදු විසිතුනක් ජීවත් වුණු මම සුළි කුණාටුවකට අහු වුණු ගානට මහනුවර වීදි දිගේ අතීතය සිහි කරමින් ඇවිද ගිය දවස් ඕනේ තරම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content