හිනෝන්මාදය ගැන දන්නවාද?

ශාරිරික මෙන්ම මානසිකව රෝගීවූ විටකදී ද තාක්ෂණයෙන් දියුණු යැයි කියනා මෙවන් යුගයක අඩුවක් නැතුව වෛද්‍ය උපකාර නොපතා වෙනත් විකල්ප වෙත යොමුවීම සුලබයි. මෙවැනි විකල්ප මරණයේ දොරටුව වියහැක. විශේෂයෙන්ම මානසික රෝග සම්බන්ධයෙන් නොදැනුවත්කම ලාංකීක සමාජයේ බරපතල ගැටළුවක්.

හිනෝන්මාදය ප්‍රමුඛතම මානසික රෝගයක්. මෙය උග‍්‍ර මානසික රෝගී තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර ප‍්‍රවේණිගතව ඇති විය හැකිය. පරිසරය අනුව ද සියයට 50 පමණ හින්නෝන්මාදය ඇති වීමට බලපානු ලැබේ. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑව ද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවම කර ගත හැක. හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 15-16 අතර පසුවන පිරිමි දරුවන්ටත්, වයස අවුරුදු 25 පසු තරුණ දියණිවරුන්ටත් සමාජිය, අර්ථික ප‍්‍රශ්න මත හින්නෝන්මාදයට, ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම එදිනෙදා කටයුතුවලට බාධාවල් ඇති වීම අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි දේ ඇති වේ. මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් ප‍්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ වන්නේ අස්වාභාවික ලෙස බාහිර පාර්ශවයන් සැක කිරීමට පටන් ගැනීමය. මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගන්නා ඔවුහු, බාහිර පාර්ශ්වය තමන්ට විරුද්ධව කටයුතු කරන බව සිතති. තමාට වසදී මරාදමති යැයි සිතනා ඔවුහු තනියෙන් කතා කරති. සිනාසෙති. භ‍්‍රස්තිය තත්ත්වයේදී තවත් කෙනකු තමා සමග නිතර කතා කරන බව ඇසේ. අනෙක් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් අසන්නට ලැබේ. තමන්ට විරුද්ධව කතා කරන බව හැෙඟන අතර පුද්ගලයකු සිටියත් නැතත් කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ.

මානසික රෝගවලට ගොදුරුවන බොහෝ දෙනකු රෝහල් ගත කෙරෙන්නේ බොහෝ කලක් ගොසිනි. මානසික රෝගයක් ලෙස රෝගය නිශ්චය කර ගැනීමට නොහැකි බොහෝ දෙනකු විසින් කරනු ලබන්නේ තමාට හෝ තම හිතවතාට හෝ භූත දෝෂයක්, යක්ෂ දෝෂයක් ඇතැයි සිතා රුපියල් ලක්ෂ ගණන් වියදම් කර බලි තොවිල් කිරීමයි. එතනින් ද නොනවතින රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වන විට මළගිය ඥාතිවරු ආරූඪ වී ඇතැයි, නැවත නූල් දැමීම, දෙහි කැපීම, ආදී දේවලට නැඹුරු වීමේ ප‍්‍රවණතාවක් තිබේ. සමහරුන් බලිතොවිල් කරන්න ගිහින් මිය ගිය අවස්ථා පවා වාර්තා වූ අවස්ථා ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles