සැබෑම ආදරයෙන් පිරි සංග්‍රහයකට තෙල් සීනි අවම උත්සව මේසයක් සකසමුද ?

අවුරුදු නත්තල් විතරක් නෙවෙයි එදිනෙදා පැමිණෙන විවිධ සම්භාෂණ ආදියෙන් අපේ ජීවිතය පිරෙනවාඉතින් මේ උත්සව මේස නිතරම හැඩ වැඩ වෙන්නේ තෙල් සීනි වලින් පිරුණු සෞඛ්‍යට අහිතකර කෑම වලින් කියලා අමුතුවෙන් කිව යුතු නෑඉතින් අපි මඳක් සොයා බලමු මේ තෙල් සීනි භාවිතය අවම කරගත හැකි අවස්ථා මොනවද කියලා 

ආහාර වට්ටෝරුව තෝරා ගැනීමේදී තෙල් සහ සීනි භාවිතය අවම වන ලෙස එය තෝරා ගන්න.

  • ඌරු මස්වල තෙල් කොටස් ඉවත් කර පිළියෙළ කරන්න.
  • ගව මස්වල සැව් සහ තෙල් කොටස් සම්පුර්ණයෙන් ඉවත් කරගන්න.
  • කුකුල් මස් වලදී උඩහම ඉවත් කර පපු පෙදෙස තෝරා ගන්න.
  • කළුකුම් සහ කුකුල් මස් රොස්ට් කිරීමෙන් තෙල් ගතිය තව දුරටත් ඉවත් කරගත හැකියි.
  • කපාගත් මස් ෆීසර් කර උඩට මතුවී මිදුන තෙල් කොටස් ඉවත් කරගන්න.
  • බයිට් වර්ග සඳහා ධාන්‍ය වර්ග සේම ගම්මිරිස් ඉස ගත් පළතුරු භාවිතා කරන්න.
  • මාළු පෙතිමස් පෙතිපේස්ට්‍රි පැටිස් ආදිය ගැඹුරු තෙලේ නොබැද බේක් කරගන්නනැතිනම් ග්‍රිල් කරන්න.
  • පළතුරු සලාද සඳහා සීනි අඩු පළතුරු වර්ග තෝරා ගන්න.
  • පානයන් සඳහා ස්වාභාවික පළතුරු යුෂ තෝරා ගන්නඒවා විවිධ වර්ගයන්ගෙන් වර්ණයන්ගෙන්තෝරා ගන්න.
  • මේද රහිත මාජරින් භාවිතා කරන්න.
  • අමු එළවලු පළතුරු වලින් සාදන සළාද වැඩි කරන්න.
  • සළාද කොළ අනිවාර්යයෙන්ම සැන්විච් සඳහා යොදන්න.

ඉතින් කෑම මේසයේ ආදරණිය වෙනස ඔබේ හිතවතුන් ඉක්මනින්ම වටහාගනිවී.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles