සියල්ල විකුණන්න වෙළෙන්දන්ට ඕනෙවුණාට සියල්ල මිළ දී ගන්න ඔබ ඉක්මන් වෙන්න එපා

ඔබේ මුදල් පසුම්බියේ බර අඩුවෙන්නෙ ඔබ නොහිතන තරම් ඉක්මණින්. අත්‍යවශ්‍ය නොවන බොහෝ දේට පවා ඔබ නොදැනුවත්ව ම ඔබේ මුදල් වියදම් කරවන්න මේ කාලෙ අලෙවිකරණ සහ දැන්වීම් ප්‍රචාරණ ආයතන බොහොම දක්ෂයි.

ඉතින් ඔබ ඉතා පැහැදිලි අවබෝධයකින් කටයුතු නොකළොත් අසාර්ථක වන්නට සිදුවන්නේ ‍ඔබටයි. වෙළඳපොළේ ඇති සියල්ල විකුණා ගැනීම අලෙවිකරුවන්ගේ අවශ්‍යතාව වුණාට වෙළඳ පොළේ ඇති සියල්ල මිළ දී ගැනීම ඔබේ අවශ්‍යතාව නොවෙයි. පෙළඹවීම් නිසා අනවශ්‍ය වියදම්වලට යාමෙන් අලෙවිකරුවන් බලාගෙන ඉඳිද්දි පොහොසත් වෙද්දි දන්නෙම නැතිව ඔබ දුප්පත් වේවි. මේ නිසා

  • අරමුණුසහගතව අවශ්‍යතා හඳුනාගන්න
  • අත්‍යවශ්‍ය දේ පමණක් තෝරා ගන්න
  • එහි සඳහන් මිළට ඔබ ලබාගන්නා භාණ්ඩය හෝ සේවාවේ ගුණාත්මක බව පවතිනවාද යන්න තහවුරු කරගන්න
  • එකක් ගත්තම තව එකක් නොමිළේ දෙන්නෙ ඇයි ද කියා බලන්න
  • ලාබ බඩුවල හිල් තියෙන බව අමතක කරන්න එපා
  • ඩිස්කවුන්ට් දෙන භාණ්ඩවල ප්‍රමිතිය ගැන දෙවරක් නොව කිහිප වරක් හිතන්න
  • ආසන්න අගයට වටයන්න. ඔබ වැය කරන සම්පූර්ණ මුදල ගැන දැනුවත් වෙන්න

 – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles