(අ)හිමි සිහින -35

දුක ගැනම කියවන ගෑනියෙක් මහා කන්දොස්කිරියාවක් කියලා ඔබට හිතෙමින් තිබෙන බව මම දන්නවා.කෙළවරක් නැතුව වේදනාව ගැනම කියවන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක්වත් අදහසක් නැති ගෑනියෙක් විදිහට මාව කියවන සමහර මට ලේබල් අලවමින් ඉන්න මොහොතක් මේ.ඒ වුණත් ඔබට කියන්නේ වේදනාව ගැහැනියක් යකඩයක් බවට පත්කරමින් ශක්තිමත් කරන හැටි බව මට විශ්වාසයි.

“මොකක්ද ඔයාගෙන් අපට ගන්න තිබුණු ආදර්ශය?”

එහෙම අහන ඔබට දෙන්නත් මට උත්තරයක් තියෙනවා.අපි ආදර්ශ ලබා ගන්න ඕනේ ජීවිතේ ගොඩ දාගත්ත මිනිස්සුන්ගෙන් විතරක් නෙමෙයි.කොතනක හරි දේවල් වැරදුණු මිනිස්සු ළඟ පවා අපිට ගන්න ඕනේ තරම් ආදර්ශ තියෙනවා.එයාලට වැරදුණු තැන ඔබට පේනවා නම් ඔබ හරි දේ කරන්න දන්න කෙනෙක්.අවුරුදු හය හතක් තිස්සේ මම ජීවිතේ අපතේ හරිමින් ඉන්න බව මේ වෙද්දි කටුක විවාහ ජීවිත ගත කරන තරුණ සොහොයුරියන්ට පෙනෙනවානම් ඒ තමයි මම මේ කතාව ඔබට කියමින් ලබන ජයග්‍රහණය.ඔබ වේදනාවක සිරවෙලා ඉන්නවනම් ඒ කුල ගෙය ගිනි ගෙයක් බව ඉක්මනින් වටහා ගන්න.පසුපස නොබලා පලායන්න.ඔබ සොයා ගන්නා නිදහස් මාවතේ කෙළවරක ඔබ වෙනුවෙන් ඉතා සුන්දර ලෝකයක් ඉදි වෙන්නට නියමිත බව හොඳින් මතක තියාගන්න.

මම මේ වෙද්දි ඔබ හැම දෙනාම දන්නා කියන ගැහැනියක්.දවසකට එක් වතාවක් දෙවතාවක් වත් ඔබ රූපවාහිනී තිරයෙන් මාව නොදැක ඉන්නේ නෑ.ජීවිතයේ විඳි අප්‍රමාණ වේදනා සහ මා කෙරෙහි මා තැබූ විශ්වාසය මම එවැනි තැනකට රැගෙන ආ බව මට විශ්වාසයි.ඔබ විශ්වාස කරන්න.ගැහැනියකට දේවල් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් ඒ ලේසි ක්‍රම දවසක ඔබට ඉතිරි කරන්නේ තමන් ගැනම වේදනාවක් වෙන්න පුළුවන්.ඒ නිසා ගැහැනියකුට කළ හැකි පහසුම කාර්යයට නොපෙළඹෙන ගමන් ජීවිතය දිනා ගන්න තදින් උත්සාහ කරන්න.

මගේ ලෝකයට ආදරය අහිමි බව හදවත කෑ ගසා කියමින් තිබූ වකවානුවක මට ඉතා තද උණක් හට ගත්තා.ඒ නම් නිකම් වෛරසයක් නොවන බව මට වැටහුණා.ඒ මේ වගේ වසංගත තිබ්බ කාලයක් නොවුණත් මං හිටිය හරිම අමාරුවෙන්.

“ඔයාට ඩෙංගු හැදිලා.”

වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ ගැන සනාථ වුණා.අසංක මාව රෝහලට රැගෙන ගියා.ඒ වෙද්දි අම්මා නිසාම මහනුවර මහ ඉස්පිරිතාලෙ මට ගෙදර වගේ තැනක් තමයි. ඒ උනාට මම වෙනදට එතැනට යන්නේ අම්මා බලාගන්න.අද මම කෙඳිරිගාමින් ඇඟපතට දැනෙන අමාරුවත් එක්ක රෝගියකු විදියටයි එතනට යන්නේ.ඒ නිසා මට බයක් සහ දුකක් දැනෙමින් තිබුණා.

සාමාන්‍යයෙන් අවුරුද්දේ සමහර කාලවලදී ඩෙංගු රෝගය රටපුරා ව්‍යාප්ත වෙන්නේ මහා භයානක විදිහට.රෝහල් පිරී ඉතිරී යන ඒ කාලයට රජයේ රෝහල්වල තියෙන්නෙ දැඩි තදබදයක්.මාව ඇතුළත් කරපු වාට්ටුව පුරා පුදුම විදිහට රෝගීන් සිටියා.

“ඔහොම ඉඳගෙන ඉන්න.ඇඳක් හම්බෙයිනෙ. මම යන්නම්.”

මාව වාට්ටුවට ඇතුළු කරපු අසංකට ආපහු යන්න තිබුණු පුදුම හදිසියක් .මට වෙන්නේ මොකක්ද ඇඳක් ලැබෙයිද වගේ දේවල් හොයලා බලලා ඔහු ගියානම් මට දුක හිතෙන එකක් නැහැ.නමුත් ඔහු මාව දාලා ආපහු ගියේ පුදුමාකාර හදිසියකින්.මගේ අම්මා තාත්තා මගේ ළඟ හිටියනම් මාව පෞද්ගලික රෝහලකට රැගෙන යයි,පහසුවෙන් ඉන්න ලැබෙයි වගේ දේවල් සිහියට එනකොට මට හරි ආත්මානුකම්පාවක් දැනුණා.බංකුවක අමාරුවෙන් වාඩිවෙලා මම ගැනම දුක් වෙමින් ඔහේ හිටපු හෝරා කිහිපය මට තාමත් මතකයි.එතනින් යන්න ආපු ජේෂ්ඨ හෙද නිලධාරිනියක් බොහොම අමාරුවෙන් හිටපු මාව ඇඳකට මාරු කරන්න සෙසු හෙදියන්ට නියම කළා.ඩෙංගු හැදුණු රෝගීන්ට මදුරුදැලත් අනිවාර්ය නිසා මම ඇඳට වෙලා නෙට් එකත් දාගෙන නිදාගත්තා.

“අනේ අපේ අම්මලාට පණිවිඩය දෙනවද?”

මං එහෙම ඉල්ලපු ඉල්ලීම අසංක ඉෂ්ට කරල තිබුණා.අම්මත් තාත්තත් පහුවදා උදේම මාව බලන්න ආවා.මව පෞද්ගලික රෝහලකට රැගෙන යන්න ඔවුන් සූදානම් වුණත් මට රජය රෝහල ගැන විශ්වාසයක් තිබුණා.මා තාත්තට කරදර කරන්නත් මට හිත දෙන්න නැතුව ඇති.ඒ දවස් කිහිපය ම මට කෑම උයාගෙන ඇවිල්ලා මාව බලාගත්තේ මගේ අම්මයි තාත්තයි.අසංක මම ගැන එතරම් වගක් තිබුණේ නැහැ.

දැන් ඇති ජීවිතේ ගැන තීරණයක් ගන්න!මගේ හිත මට කිව්වේ මේ රෝහල් සයනයේ ඉඳිද්දීමයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles