සඳක්වගේ බැබළෙන මුහුණක් ලබාගන්නට පුංචි පුංචි ප්‍රතිකර්ම

0
2907

ලස්සන මුහුණ තවත් ලස්සනට තබාගන්න පුංචි ප්‍රතිකර්ම නිවසේදීම කරන එක තවත් හොඳයි. ලොකු වියදමක් නැති මෙම ස්වාභාවික සත්කාර ලස්සනවෙන්න කැමති ඔබ සඳහාමයි –

අමු කහ සහ olive ප්‍රතිකාරය

අමු කහ හොඳින් තලා කුඩු කර ගෙන එයට සමාන ප්‍රමාණයෙන් olive oil ටිකකුත් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා උණු වතුර යොදා සෝදා දමන්න. කහවලට මෙලනින් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා.

කඩල පිටි mask එක

මෙය ඉන්දියානු කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය ආලේපයක්. කඩල පිටි මේස හැදී දෙකකට අවශ්‍ය ප්‍රමාණයට වතුර හෝ කිරි  ස්වල්පයක් එකතු කර තලපයක් ලෙස සකසා ගන්න.  පසුව එයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කර  මුහුණේ ආලේපකරන්න.

කියවන්න :  T-Shirt එකට ලේස්වලින් ලස්සන හඳක් එකතු කරමු

මීපැණි සත්කාරය

මීපැණි සහ දෙහි යුෂ සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් කලවම් කර මුහුණේ ආලේපකරන්න. වියළුණු පසු මද සීත ජලයෙන් සෝදා ඉවත්කරන්න.

අමු ගස්ලබු mask එක

ගස්ලබු වල ඇති papaine එන්සයිමය සහ විටමින් C යහමින් තිබෙන අතර මගින් සම පැහැපත් කරනවා.  Papaine   එන්සයිමය වැඩියෙන්ම ඇත්තේ අමු ගස්ලබු ගෙඩිවලයි. ගස්ලබු ගෙඩියක්ගෙන කුඩා කැපලිවලට කපා බ්ලෙන්ඩ් කර මුහුණේ ආලේපකර විනාඩි 20ක් පමණ තබා උණු වතුර යොදා සෝදා ඉවත්කරගන්න.

කියවන්න :  මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන ස්වභාවික ක්‍රම.

මතක ඇතිව මෙම ඕනෑම mask එකක් මුහුණේ ආලේපකරන විට එය මුහුණේ උඩු අතට ආලේපකිරීමට වගබලාගන්න. ඔබටත් මෙම පුංචි රුව වඩන ප්‍රතිකර්ම නිවසේදී පහසුවෙන්ම අත්හදා බැලිය හැකියි.

– සන්දනා –