ලස්සනට නීරෝගීව සිටින්න – මෙන්න මේ විදිහට වතුර බොන්න

නීරෝගීව සිටින්නට පමණක් නොව රුව ලස්සනට තබාගන්නටත් නිසි ලෙස ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක්. දැනට පවතින වෛද්‍ය මතය අනුව නිරෝගී මිනිසෙක් දිනකට ලීටර් 1-2ක් අතර ප්‍රමාණයක දියර ලබාගතයුතු බවයි. කාන්තාවකට නම් ලීටර් 1.6 ක් වගේ දියර ප්‍රමාණයක් දිනකට ශරීරයට ගැනීම ප්‍රමාණවත් බව වෛද්‍ය මතයවේ. පිරිමියෙකුට සඳහා එය ලීටර් 2ක් ද වේ. මෙහිදී දියර යනුවෙන් අදහස් කරනුයේ ජලය පමණක් නොවේ. ජලය යනු අප දිනක් තුල දී දියර වශයෙන් ප්‍රධාන ලෙස ශරීරයට ලබාගන්නා ද්‍රවයයි. ඊට අමතරව අපි පානය කරනු ලබන තේ, කොපි, කිරි, බීම වර්ග සහ පළතුරු යුෂ ආදී සියලුම ද්‍රවමය ද්‍රව්‍ය දියර ඛාණ්ඩයට අයත්වන අතර මේ සියල්ල අප දවසකදී පරිභෝජනය කල යුතු දියර ලීටර් 1-2  අතර ප්‍රමාණයට ඇතුලත්වේ.

පුද්ගලයෙකු දවස තුලදී ලබාගත යුතු දියර ප්‍රමාණය තීරණයවනුයේ සාධක කිහිපයක් මතයි. එනම්  ශරීරයේ ප්‍රමාණය, ක්‍රියාශීලි බව සහ ජිවත්වන  පරිසරයේ ස්භාවය මතයි. ඔබ ජිවත් වනුයේ උණුසුම් කාලගුණයක් ඇති පරිසරයක නම් ඔබට ටිකක් වැඩි පුර වතුර බොන්න සිදුවේ.  එසේම ඔබ වතුර පානය කලයුත්තේ ඔබේ ශරීරය වතුර ඉල්ලන වෙලවාට මිසක් ඔයාට ඕනේ ඕනේ වෙලාවට නෙවෙයි. ඒ නිසා වතුර පානයකිරීමට සුදුසුම වෙලාව වන්නේ ඔබට ස්භාවිකව තිබහ දැනෙන වෙලාවට.

එසේම ඔබ පිටකරන මුත්‍රාවල වර්ණය පිළබඳවත්සැලකිල්ලෙන් සිටින්න. ඔබේ මුත්‍ර වල පාට තද වර්ණයක් ගන්නවා නම් ඔබ ටිකක් වැඩි පුර වතුර පානය කල යුතුයි. මුත්‍රා වල වර්ණය සුදු පැහැයට හුරු නම් ඔබ බොන වතුර ප්‍රමාණය අඩු කල යුතුයි. නිරෝගී මිනිහෙක්ගේ මුත්‍රා වල පාට වියළි පිදුරු ගසක වර්ණයට සමාන බව සැලකේ.

ඔබ ලස්සනට නීරෝගීව සිටින්න අවශ්‍ය නම් මෙම ආකාරයට නිසි අයුරින් දියර ශරීරයට ලබා ගැනීමට ඔබත් අද පටන්ම උත්සාහ කරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles