(අ)හිමි සිහින – 63

මම ගුවන් ගමනේ ඉඳන් හිතමින් හිටියේ මෙතනින් එහාට කරන දේ.මගේ කකුල කැපුවොත් මට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ රෝද පුටුවේ.මම ඒ ජීවිතයේ දරා ගන්නා ආකාරය මම කල්පනා කරා.

“මට තව අඩු හෙනයක් විතරයි.”

අහස උසට ප්‍රශ්න එනකොට මිනිස්සු එහෙම කියනවා මම දැකලා තියෙනවා.නමුත් මට එහෙම ලේසියෙන් ජීවිතේ අත් අරින්න කවදාවත් හිතිලා නැහැ.රෝද පුටුවෙ ජීවත්වෙන්න සිද්ධ වුණොත් මගේ වැඩ කටයුතු කරගන්න ආකාරය මගේ නිවස මගේ පහසුවට සකසා ගන්නා ආකාරය මම දිගින් දිගටම කල්පනා කරා.ඒ වගේම මගේ වෘත්තීය ජීවිතේ රෝදපුටුවක් උඩ කරගෙන යන්නේ කොහොමද කියලත් මම හිතන්න පටන් ගත්තා.මම චිත්‍රපටියක් වගේ දේවල් හිතින් මවා ගන්න පටන් ගත්තා.මේ මේ තැන් මට අපහසුතා ඇති කළ හැකි බවත් මට කළ හැකි දේවලුත් මම සැලසුම් කරන්න පටන් අරන් තිබුණා.

මම එහෙම තමයි ජීවිතේ සැලසුම් කරන්නේ.මම ඇත්තටම විශ්වාස කරනවා ඒ විදිහට ඉස්සරහට වෙන දේවල් ප්ලෑන් කරගන්න පුළුවන් නම් ජීවිතේ වන බොහෝ අපහසුතා අපට මගහරවා ගන්න පුළුවන් බව.ඒ වගේම කරන දේ සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් කියලා.

සාමාන්‍යයෙන් මං උපන්දින කේක් එකක් හැදුවත් එකේ සම්පූර්ණ නිමාව හිතින් මවාගෙන ඉටිපන්දම් ගහලා කේක් කපල රස විඳලත් බලනවා.එතකොට තමයි මට ඒ කරන්න යන වැඩේ සාර්ථකව කරගන්න පුලුවන්ද කියන එක ඔළුවට එන්නේ.අඩුපාඩු විය හැකි තැන් ගැන කල් ඇතිව දැනුවත් වෙලා හිටියම මට මගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්.වරදින තැන් ගැන මම කල්තියා දැනුවත්.

ජයවර්ධනපුර රෝහලට එනකොට මම හිටියේ බොහොම අසීරුවෙන්.තුවාලේ වේදනාව සහ ශරීරයට දැනෙන අපහසුතා එක්ක මට නොකඩවාම වමනේ යමින් තිබුණා.මම හිතුවේ රෝහලට ගිය ගමන්ම මාව ශල්‍යාගාරයට රැගෙන යයි කියලා.නමුත් වෛද්‍යවරු බොහොම කලබල වෙලා මාව පරීක්ෂා කළා මිසක එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ.නමුත් මගේ කකුල හොඳටම නාස්ති වෙලා කියන එක නම් ඔවුන් මට කිව්වා.මට දිගින් දිගටම ඖෂධ සහ එන්නත් ලැබෙන්නට පටන් ගත්තා.එක් එන්නත් මාත්‍රාවක් මට දවසට කිහිප වතාවක්ම ලැබුණා.සිංගප්පූරුවේදී මගේ කකුල වහාම කැපිය යුතු බව කිව්වට අපේ වෛද්‍යවරු එහෙම දේවල් කිව්වේ නැහැ.මම ටිකක් කලබල වුණා මම හිතුවා ඇති මේ වැඩේ ඉවරයක් කර ගත්තනම් හරි නමුත් දැන් මට මොනවා වෙයිද දන්නෙ නෑ කියලත්.මම සතියක් ඒ විදිහට ප්‍රතිකාර ලබා ගත්තා.

තුවාලය සුද්ද කරනවා!
එන්නත් සහ ඖෂධ ලබා දෙනවා!!

තමයි ඒ දවස්වල මගේ රෝහල් ජීවන චක්‍රය ගත වුණු ආකාරය.

හරියටම සතියකට පස්සේ මාව ශල්‍යාගාරයට ගත්තා.දියවැඩියාව උත්සන්න වෙලා මගේ කකුල කුණු වෙන්න පටන් අරගෙන කකුල පුරාම සැරව පැතිරිලා ගිහින් තිබුණා.සිංගප්පූරුවේදි පහසු ප්‍රතිකාරය විදිහට මුළු කකුලම අයින් කරන්න ඔවුන් තීරණය කරලා තිබුණා.නමුත් ලංකාවේ වෛද්‍යවරු තීරණය කරලා තිබුණේ මෙන්න මෙහෙමලු.ඔවුන් මගේ කකුලට එන්නත් ලබාදෙමින් සැරව එක තැනකට රැස් කරන්න සැලසුම් කරලා තිබිලා තියෙනවා.පස්සේ එතනින් සියලුම සැරව අයින් කරන එක තමයි ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රමය වෙලා තියෙන්නෙ.ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වෛද්‍ය කාරණා ලියන්න මම දැනුවත් නැතත් මට ඔවුන් කියපු දෙයින් වැටහුණේ අන්න එහෙම දෙයක්.මට හිතෙන කාරණාව තමයි අපේ වෛද්‍යවරු ලෝකයේ අනිත් රටවල වෛද්‍යවරුන්ට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නවා කියන එක.

මාව ශල්‍යාගාරයෙන් වාට්ටුවට එවලා පසුදින වෛද්‍යවරයා විසින් තුවාලය වෙලුම් ලිහා බැලුවා.එතකොට දණහිසේ ඇටකටුත් පේනවා.මම ලබාගත් ලබාගත් පදක්කම විතරම ලොකු වලක් දණහිසෙන් නිර්මාණය වෙලා.එය අඟලක විතර ගැඹුරකින් යුක්තයි.කකුල ඒ තරමට ඉදිමිලා තමයි තිබිලා තියෙන්නෙ.

ඉතා අපහසු දින කිහිපයක් එහෙම පසුවෙමින් තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content