(අ)හිමි සිහින – 64

මම මොකක් හෝ තරගයකට සහභාගි වෙලා පදක්කමක් දිනාගෙන ආපු බව රෝහලේ කාර්ය මණ්ඩලය දන්නවා.ඒ දිවීමේ තරගයකට සහභාගි වෙලා කියලා ඔවුන් හිතාගෙන හිටියේ.

“දුවන්න ගිහින් වැටිලා පදක්කම් අරගෙන ම ඇවිල්ල..

එයාලා මට එහෙම හිනා වෙමින් හිටියාඅ.මම වෘත්තියෙන් සූපවේදිනියක බවත් මේ කේක් නිර්මාණ සම්බන්ධ තරගයක් සඳහා වූ පදක්කමක් බවත් කියන්නට සෑහෙන වතාවක් මට සිද්ධ වුණා.

ශල්‍යාගාරයෙන් පිටතට යැව්වට පස්සෙ මම අම්මත් එක්ක ගිහින් වෙව්ල වෙව්ල නාගත්තු විදිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.වසර කිහිපයකට කලින් අසංකගේ අම්මත් එක්ක රෝහල්ගත වෙලා හිටපු ආකාරය මට නිතරම සිහිපත් වුණා.ඇයට ඇප උපස්ථාන කරපු නිසාම මම රෝහල් කාර්‍යයන් ගැන යම් පමණකට දන්නවා.ඇයව බොහොම ඉහළින් බලාගැනීමේ පින මට නැවත ලැබුණා කියලත් මම හිතනවා.මම මේ මේ ආත්මය තුළ කරගත්තු පින් මට මේ ආත්මෙම ලැබුණා කියලා මම විශ්වාස කරන්නේ සිංගප්පූරු රෝහලකින් කපන්න ඕන කියපු කකුල තුවාලයක් සුවකිරීමකින් පමණ බේරා දෙන්න අපේ වෛද්‍යවරුන්ට හැකි වූ නිසාමයි.

එය මට එක් අතකට ප්‍රාතිහාර්යයක්.

මම මාස එකහමාරකට කිට්ටු කාලයක් රෝහලේ හිඳිමින් තුවාලය සුව කරගත්තා.ඒ අතරම මගේ දිය වැඩියා මට්ටම පාලනය කරන්නත් වෛද්‍යවරුන් ක්‍රියා කළා.සම ලියළීම සම්බන්ධයෙන් විශාල මුදලක ඖෂධයක් මට ලබා දුන් අන්දම මට මතකයි.ඉන්පස්සේ වැඩි වශයෙන් ලියලූ සම කපා දැම්මා.

දරුණු මට්ටමේ අත්දැකීම් කිහිපයක්.ඒත් මම ඒ සියල්ලම දරා ගත්තා.ගැහැනියකට අන්තිම සීමාව දක්වාම ඉවසීමෙන් කටයුතු කළ හැකි බව මම තදින්ම විශ්වාස කළා.

මේ සෑම අවස්ථාවක ම තමයි මගේ ලඟින්ම හිටියා.ඔහු මොනතරම් බීමට ඇබ්බැහි වෙලා හිටියත් ඔහුව අතනොහැර ගත යුතු බව මම හිතාගත්තා.පුංචි කාරණා වලට සහකාරයෙකු ප්‍රතික්ෂේප කරන වයසක නෙමෙයි මම හිටියේ.මම දික්කසාද වූ ගැහැනියක්.යම්තාක් දුරට හෝ ගැලපෙනවා වගේ පේන සහකරු එක්ක ජීවිතයේ ඉතිරි දුර ඇවිද යා යුතු බව මම තීරණය කරා.

අර මෝටර් රථය සම්බන්ධ ණය මම කිසිම අඩුපාඩුවකින් තොරව ගෙවා ගෙන එමින් සිටියා.ලෙහෙසියෙන් බිඳ වට්ටන්නට අසීරු මම ඒ දේවල් කොහොමහරි ගොඩ දාගන්න ඒ විදියට කටයුතු කළා.

අවසානයේ දී මම චමල් සමඟ විවාහ වෙන්න තීරණය කළා.මට විවාහ උත්සවයක් ගැනීමට ආශාවක් තිබුණේ නැහැ.මහා විශාල මංගල උත්සවයක් අවසානයේ මට කිසිවක්ම ඉතිරි කළේ නැහැ.ඒ නිසා මේ වතාවේ එහෙම මහා ලොකු වෙඩින් මට ඕනෑ කරේ නැහැ.

අද කාන්තා දිනය.මගේ කතාව කියවමින් ධෛර්යමත් වූ ගැහැනු ළමයින් ස්මාර්ට්ලේඩි කණ්ඩායම හරහා මා අමතපු අවස්ථා බොහොමයි.මගේ ජීවිත කතාව මෙවර කාන්තා දින තේමාවට බොහෝ ළඟින් යන බව මට හිතෙනවා.Break the bias.සැබෑවටම මම සීමා බිඳ දැමූ ගැහැනියක බව මට සිතෙනවා.ඉදිරියේ දී ඔබට තවත් එහෙම හිතෙයි

සුන්දර සහෝදරියනි,

ජීවිතයට එන හැම අභියෝගයකටම නොසැලී මුහුණ දෙන්න.ඔබට පුලුවන්.අපිට හැකිනම් කාටවත්ම නොහැකි බව හිතන්න.

චමල් සමඟ ජීවිතේ ගෙවුණු හැටි කියන්න හෙට හමු වෙන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles