(අ)හිමි සිහින -65

දෙදහස් දොළහ වසරේදී චමල් එක්ක මම විවාහය සිදු කරන්න හැම දෙයක්ම සූදානම් කරගත්තා.විවාහයට සූදානම් වෙනකොට මට අපේ ගෙදර අයගෙන් සිහි කැඳවීමක් ලැබුණා.

“නුවර අසංකගෙ ගෙදර ඔයාගෙ බඩු කොච්චර තියනවද? ගිහින් ඒවා අරන් එන්න..”

අසංකගේ මුළු ගෙදරම තියන බඩු මගේ වීම ඇත්ත.නමුත් මම දික්කසාද වෙලා දැන් සෑහෙන කාලයක්.ජීවිතේ සෑහෙන් දේවල් අහිමි වූවානම් ඇත්තටම ගෘහ භාණ්ඩ මක් කරන්නද කියලා මං ඒ දවස්වල හිතුවා.ඒ නිසා මට ඒ බඩුමුට්ටු එකක්වත්ම ඕනෑ වුණේ නැහැ.රත්තරන් බඩු පවා උකස් වූ තැන්වල.මම ඒ කිසිම දෙයක් ආපහු ගත්තෙ නැහැ.මුළු ගෙදරකම බඩු ඔහු ගාව.අපේ අම්මලා කියන කතාව ඇත්ත වෙන්න ඇති.ඒවා නොඉල්ලන එක මහා මෝඩ වැඩක් වෙන්නත් ඇති.

“ජීවිතේ හොඳම කාලයක් අහිමි වුණා මිසක්කා මට ලැබුණු දේකුත් නෑනෙ.ඔන්නොහෙ ඒ දේවල් ඉල්ලා ගන්නවා.”මම අන්තිමට එහෙම හිතා ගත්තා.ඒවා අම්මලා අරන් දුන්නු බඩු මුට්ටු නිසා මට ලොකුවට දේවල් අම්මලාට කියන්න බැහැ.බොරුවට රණ්ඩු කරන්නත් බෑ.

මම අසංකට දුරකථන ඇමතුමක් දුන්නා.

“ඔයා මට වෙඩින් එකටඅරන් දුන්නු රත්තරන් බඩු උකස් වෙලා ඇති.ඒවා මට එපා.මම අරගෙන ආව රත්තරන් බඩු මට ලැබුණොත් ඇති.ඒවා මම ලොකු ළමයෙක් වුණු වෙලාවේ ලැබුණු දේවල් නිසා මම මේක වුණත් කියන්නේ. මට අම්මලා බනින නිසා තමයි මේ දේවල් ඉල්ලන්නෙ.අම්මලාගෙන් අතමාරුවට ලැබුණු සල්ලිත් ලැබුණොත් ලොකු දෙයක්.”

අසංක කොහොමටත් ගැටුම් ඇති කරගන්නා සුළු මිනිසෙක් නෙවෙයි.ඔහු ව්වාදයකින් තොරවම ඒ දේවල් ආපහු ලබා දෙන්න එකඟ වුණා.ඔහුට එය කිසිම ගැටළුවක් නොවන බවත් කිව්වෙ බොහොම සුහදව.

අපි දික්කසාද වන විට හිටපු ගෙදරම තමයි අසංක ඒ වෙනකොටත් හිටියේ.අපි දවසක උදේම එහෙට ගියා.අපේ තාත්තා හිතේ තිබුණු කෝපය නිසාම ද මන්දා අපේ යැයි කියන පීරිසි කෝප්පයෙ ඉඳන් ආපහු අරන් එන්න උත්සාහ කළා.

“පොඩ්ඩක් ඉන්න අම්මේ.ඕක හොඳ වැඩක් නෙවෙයි.අසංකට ඕනෑ මොනවද එපා මොනවද කියලා එයාගෙන් අහන්න..”

අම්මා මට එක සීරුවට බනින්න ගත්තා.අපේ රටේ තියන ලොකුම නරක සිරිත තමයි යුවලක් වෙන් වූ පසු වෛර බැඳ ගත යුතු බවට වෙන විශ්වාසය.එකිනෙකා නයි මුගටි බවට පත් විය යුතු බවත් එකිනෙකාට රිදවා ගත යුතු බවත් විශ්වාස කරන නිසාම මගේ අම්මාත් ගෙදර තියන තරමක බඩු ගේන්න හැදුවේ අසංකට රිදවීම පිණිස බව මම දන්නවා.ඒත් එහෙම කරන්න මට ඕනෑ වුණේ නැහැ.අවුරුදු හතක පවුල් ජීවිතය තුළ ගෙදර බඩුමුට්ටු පාවිච්චි කළේ ඔහු විතරක් නෙවෙයි.ඒ හැම එකක්ම මමත් පාවිච්චියට ගත්තා.ඒ මනුස්සයා දැනට පාවිච්චියට ගන්නා හැම දෙයක්ම ඔතා ගන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ.

separation

“මේවා දෑවැද්දට ඔයාලා මට දුන්නට මේවා දැන් මගේ.කරුණාකරලා මට මේවා ගැන තීරණ ගන්න ඉඩ දෙන්න..”

එහෙම කියපු මම අසංකට කතා කළා.ඔහු දැන් තමන්ට ව්‍යාංජන වර්ග සහ කෑම.ජාතිත් හදා ගන්න පුරුදු වෙලා හිටියේ.ඒ නිසා ඔහුට උයාපිහාගෙන කන්න ඕනෑ දේවල් මොනවද කියලා නාහා ඉන්න මට බෑ.

“අරගොල්ලො කියන විදියකට කරන්න අනූ..”

ඔහු එහෙම කිව්වා.නමුත් මට එහෙම කරන්න හිතක් නෑ.අපි දික්කසාද වෙන්න කලින් මේ දේවල් පාවිච්චි කරා කියලා මං ඔහුට මතක් කළා.ඔහු ඉතාම අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ මගෙන් ඉල්ලා සිටියා.අපේ අයගේ දැඩි දෝෂාරෝපණයට මම ලක් වුණා.නමුත් මම මගේ තීරණය වෙනස් කළේ නැහැ.ඇත්තටම මට අසංකට රිදවන්න ඕනෑ වුණේ නැහැ.මට වඩා යහපත් ජීවිතයක් දෙන්නට බැරි වුණත් ඔහු හොඳ මනුස්සයෙක්.ඔහු වෙනුවෙන් ඒ දේවල් ඉතිරි කරන්න මම කටයුතු කළේ ඒ නිසා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles