2017 වසර තුල ලොව ජනප්‍රියම විලාසිතා

0
905

තාරුණ්‍ය සහ විලාසිතා කියන්නේ එකට ඉන්න මිතුරන්.විලාසිතා වලින් තොර තාරුණ්‍යයක් නැතිවා වගේම තාරුණ්‍ය අමතක කරලා විලාසිතා වලට පැවැත්මකුත් නැහැ .ඉතින් දවසින් දවස අලුත් වන විලාසිතා ලෝකයෙන් 2017 වර්ෂයටම ආවේණික වුණ නවතම විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම…….

ඩෙනිම් මිනි ස්කර්ට්

මේවා නම් සමහර විට අල්මාරිය මුල්ලකින් මතු කරගන්නත් පුළුවන් වේවි.මේ අවුරුද්ද මිනි ස්කර්ට් එකට තැනක් ලැබෙන අවුරුද්දක්.තරුණ බව කෙළිලොල් බව වැඩි වෙලා පෙනෙන ඇඳුමක් තමයි මිනි ස්කර්ට් කියන්නේ.

ග්‍රැෆික් ටී ෂර්ට්

මේ අවුරුද්ද ග්‍රැෆික් ටී ෂර්ට් විලාසිතා වලට කියාපුම වසරඒ නිසා ෂොපින් කරද්දී මේ බව මතක තියාගන්න.

සුදු පාට

සුදු පාට 2017 විලාසිතා ලෝකය කළඹවන වර්ණය බවට පත් වී අවසන්.ඕනෑම ස්කින් ටෝන් එකකට ගැළපෙන පාටක් නිසා ලොව පුරා තරුණියන්ට සරාගී සුන්දරත්වයක් ගෙන දේවි.

ඕවර්සයිස් ස්ලීව්

පරණ තාලේ විලාසිතා නැවත නැවත මතු වීම සාමාන්‍යයි.ප්‍රමාණයෙන් විශාල අත් තියෙන උඩුකය ඇඳුම් මේ වසරේ ඔබට ක්ලැසික් පෙනුමක් ගෙන දේවි.මහත වගේම සිහින් ශරීර තියෙන දෙපිරිසටම එක හා සමානව ගැළපෙන කදිම විලාසිතාවක් විදියට මේ විලාසිතාව හඳුන්වන්න පුළුවන්.

සොබා දහමෙන් විලාසිතා

සොබා දහමට සමීප සුමුදු රෙදිදීප්තිමත් වර්ණ වල අපිළිවෙල ග්‍රැෆික් රටා මේ වසරේ විලාසිතා ලෝකය අලුත් ඉසව්වකට රැගෙන යනවාඉතින් අලුත් බවේ කොටස්කාරියන් වෙන්න කැමති අයටයි මේ අවස්තාව.

මුද්‍රිත මල්

මේ වසර මුද්‍රිත මල් වලින් හැඩවුන විලාසිතා වලට ඉඩක් කඩක් තියෙන වසරක් .පෞරාණික බවක් පෙනෙන පැරණි යුරෝපයේ වෝල් පේපර් වල තිබුන මෝස්‌තර ලොව පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා.මේ විලාසිතාවන් උත්සව අවස්ථාවකටත් කදිම තෝරා ගැනීමක් වේවි.

ඉතින් නව යොවුන් වියේ පසුවන්නනට පමණක් නොවෙයි හැඩට වැඩට ඉන්න කැමති කොයි කාටත් මේ විලාසිතා නව පෙනුමක් රැගෙන ඒවි .

– චම්මි –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?