(අ)හිමි සිහින -81

මම ඔෆිස් එකත් ගෙදරත් අතර පමණක් සංචාරයේ යෙදෙන ගේ ගෙම්බියක බවට පත් වෙලා හිටිය කාලයක් ඒ.චමල් එක්කත් කඩපොළට ඇරෙන්න කොහෙවත්ම නොගිය මම රැකියාව අවසන් වූ ගමන් ගෙදර ආ ගැහැනියක්.ඒ එදවස මගේ දවසෙ කාලසටහන ගොඩ නැඟී තිබුණු විදිය වෙන්න ඇති.නමුත් මම සුධාරකගේ ඉල්ලීම පිළිගත්තේ ඔහු මොකක්ම හෝ ලොකුම ගැටලුවක කියලා මට තදින්ම හිතුණු නිසා.

ඒ පැමිණි ගමන ගැන මට කියා ගන්න බැරි හැඟීමක් දැනුණේ ඔහුව දුටුමතින්මයි.අදටත් මගේ හදවත කොනිත්තනසුළු හැඟීමක් මට ඒ මොහොත සිහි වෙද්දී දැනෙනවා.ප්‍රාණයටත් වඩා ආදරය කළ මිනිසා බොහෝ කාලයකට පසු දැකීම,එය දරා ගන්නට අසීරු මොහොතක්.මම ඔහුව දෙදහස් නවයේදී එක් දවසක් දුටුවාට ඔහු එවකට හිටියේ බොහෝ තේජාන්විත මිනිසෙක් හැටියටයි.ඒත් අද!!මට කෑගසා හඬමින් ඔහු වැළඳ ගන්නට සිතුණා.

එතරම් අපිළිවෙලක්!!

මා දන්නා සුධාරක බොහොම පිලිවෙකට ඇඳුම් අඳින කෙනෙක්.බොහොම තදින් තමන් අඳින පළඳින දේ ගැන සැලකිලිමත් කෙනෙක්.හිස නොපීරා,මහ අපිලිවෙල පාටට ඔහු දැකීම මට දරා ගැනීමේ සීමාව ඉක්මවා ගිය සිදුවීමක් වුණා.අනේ ඔහුට එහෙම වුණේ ඇයි? මගේ හදවත මගෙන් කෑගසා අසන්නට පටන් ගත්තා.

“අනේ ඇයි මහත්තයෝ මේ?”

වෙන කිසිවක්ම අසන්නට පෙර ඔහුගෙන් මම එසේ ඇසුවා.ඔහු අර සුපුරුදු සිනාවෙන් මදෙස බලාසිට ආගිය තොරතුරු විමසුවේ මගේ ප්‍රශ්නයට උත්තර දීම අහකටම දාලා.ඊටත් පසු මොනවා හෝ කෑමට දෙයක් ඇණවුම් කරන්න ඔහු සැරසුණා.මම වහාම ඔහුව වැළකුවා.මට

“ඔයාගේ පුංචි කෙල්ල දැන් හොඳ රස්සාවක් කරනවා.මං ගන්නම්..”

එහෙම කියමින් මම ආහාර ඇණවුම ලබා දුන්නා.ආහාර ගන්නා අතර සාමාන්‍ය කතාබහකට අපි යොමු වුණත් මට දැනෙනවා ඔහු මම දිහාම බලාගෙන ඉන්න හැටි.ඒ බැල්ම මට ඇත්තටම අපහසුවක් රැගෙන ආ බැල්මක් වුණා.අතීතයේ ඔහුගේ ආදර බැල්මක් මට ලෝකයම මා පාමුලට රැගෙන එන්නට සමත් වුණත් මට දැන් එය මහත් අපහසුවක් බව මට දැනෙන්නට පටන් ගත්තා.මේ මගේ පළමු ප්‍රේමවන්තයා සහ පළමු සැමියා බව ඇත්ත.නමුත් දැන් මම වෙනත් කැදැල්ලකට අයිති ගැහැනියක්.

“මට ඔයාව හරි ලස්සනට පේනවා මැණිකේ.මට ඔයාව කරේ තියන් දුවන්න හිතෙනවා.”

ඔහු කියන්නේ බොළඳ පාසල් ප්‍රේමවන්තයෙකු වගේ.කොහොමත් ඔහු රැකියාව සම්බන්ධයෙන් තද ගති ඇති ශක්තිමත් මිනිසෙකු වුණත් ආදරයේදී අවුරුදු දාසයක කොලුවෙක් වගේ.ඔහු ආදරය කරන්නේ හරිම බොළඳ විදියට.ඔහු ආදරයට කතා කරන්නේ වෙන කිසිම කෙනෙකු නොකියන අමුතුම හුරතල් කතා වලින්.තවමත් ඒ ගතිය නොවෙනස් බව සිහි වෙද්දී මා ඉදිරිපිට ඉන්නා මේ බොළඳ ආදරවන්තයාට අවුරුදු පනහක් පිරෙන්නට ඉතා ආසන්න බව මට සිහි වුණා.මම ඔහුගේ ආදර වදන් අමතක වන්නට අප දැන් මොනතරම් වැඩුණු මිනිසුන් ද යන්න ඔහුට සිහිපත් කළා.අප සතුව මොනතරම් වගකීම් ඇතිද යන්න ඔහුට මතක් කර දුන්නා.

“පිස්සුද මැණිකේ.මට නම් ඔයා ඉස්සර හිටිය පුංචි කෙල්ලම තමා.මම නම් තාම කොල්ලෙක්.”

ඔහුට මා මුණ ගැහෙනකොට මම දහතුන් හැවිරිදි කුඩා කෙල්ලක් බව ඇත්ත.නමුත් දැන් මට එවැනි තුන් ගුණයක වයසක් ඇති බව ඔහුට අමතක වුණත් මට මතක් වුණා.මට සුධාරකගේ හැසිරීමේ වෙනස දරා ගන්නටම බැරිතැන මම කෙලින්ම කතාවට බහින්නට තීරණය කළා.ඇත්තටම ඔහු මේ අනියම් සම්බන්ධයක් පතා ආ ගමනක් නොවන බව මම දන්නවා.නමුත් ඔහු ආදරය පතා ආ ගමනක් බවත් මට වැටහෙනවා.මම සුධාරක දෙස තත්පරයක් විතර බලා සිටියේ වචන හොයා ගන්න.

“මට ඔයාගේ වෙනසක් තේරෙනවා.ඇයි මේ?”

පිළිතුරු දෙන්නට පෙර ඔහු කොළඹ අහස කලඹවන තරමේ බරැති සුසුමක් මුදා හැරියා.ඔහු පිළිතුරක් දෙන තෙක් මම අවන්හලේ වීදුරු බිත්ති තුළින් පෙනෙන කලබල පිටත ලෝකය දෙස බලා සිටියා.ඒ ලෝකය මොනතරම් කලබල ද? ඒත් මගේ හිත ඊටත් වඩා කලබල බව මට දැනෙන්නට පටන් ගත්තා.

“මැණිකේ,මං සතුටින් නෙවේ ඉන්නේ.මම මහා ප්‍රශ්න ගොඩක ඉන්නේ.”

මට ඈත ලෝකයකින් ඇසෙන්නාක් මෙන් ඔහුගේ කටහඬ ඇසෙන්නට වුණා.දිය හැකි පිළිතුරක් සොයමින් මම ඔහුගේ අසරණව ගිය මුහුණ දෙස බලා සිටියා.සැබෑවටම ඔහුට ඇති ප්‍රශ්නය කුමක්ද කියලා මට හිතන්නටත් අමාරුයි.නමුත් එය අසන්නට මම තීරණය කළා

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...