(අ)හිමි සිහින -82

ආයේම ආයේම ආයේම වතාවක් අනුන්ගේ ප්‍රශ්න අහ අහා තමන්ව විනාශ කරගන්න යනවද කියලා අහලා ඔබ මට බනින්න පටන් ගනීවි.තමන්ගේ ජීවිතය ගැන බරක් නොතිබීම කියන කාරණාව ගැන මට චෝදනා කරන්න පුලුවන් ඇති.ඒත් මට හෘද සංවේදී නොවී ඉන්න බැරි වුණා.

හැමදාම ඔබ මගෙන් එක එක ප්‍රශ්න අහලා තිබුණා.අද මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.අදහස් ප්‍රකාශ නොකර හිටියත් දවසකට මාව බොහෝ පිරිසක් කියවන බවත් මට ස්මාර්ට්ලේඩි කණ්ඩායම කියලා තියනවා.ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තර ඔයාලා හැමෝම smartladyl.k පිටුවේ,SmartLady හෝ Smart Life ෆේස්බුක් සමූහවල මේ කතාව පළ වෙන තැනක කමෙන්ට් එකක් තියයි කියලා මම හිතනවා

ඇත්තටම ඔබ බොහෝ ආදරය කරන කෙනෙකු තමන්ගේ වේදනාවක් කියන්න ඔබම තෝරා ගන්නවානම් ඔබ ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවද?

මට අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඔබට පුලුවන් ද?

මම සුධාරකව අහගෙන ඉන්න තීරණය කළා.ඔහු දිගින් දිගටම ඔහුගේ වේදනාව මට කියන්නට පටන් ගත්තා.

“මම ඉන්නෙ ප්‍රශ්න ගොඩක මැණිකෙ.හරියට ණය වෙලා.ගන්න සැලරි එකට වුණත් මොනවා වෙනවද කියලා මට හිතා ගන්න බෑ..”

ඔහු එහෙම කියාගෙන යනවා.මටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා.නමුත් එතනනම් හේතුව චමල්ගේ අසීමිත බේබදුකම සහ නාස්තිය බව දන්න නිසාම සල්ලිවලට මොනවා වෙනවා ඇතිද කියලා මට හිතා ගන්න බැරුව ගියේ නැහැ.ඒත් සුධාරකට එහෙම වෙන්නේ ඇයි?

“ඇයි ඔයාගේ නෝනා? එයත් රස්සාවක් කරනවනෙ.”

මම එහෙම අහනකොට ඔහු ආයේ තද හුස්මක් මුදා හැරියා.ඊටත් පසු මහා වේදනාත්මකව වචන කිහිපයක් මුදා හැරියා.

“මං දන්නේ නෑ මැණිකෙ.ඒ ගෑනු මනුස්සයා මට කිසිම ආදරයක් නැහැ.ඒ මනුස්සයා මොනවා කරනවද කියලා මම දන්නෙත් නෑ.මම මොනවා කරනවද කියලා ඒ මනුස්සයා දන්නෙත් නෑ.මට උදව් කරන්න බැරිද මැණිකෙ මේ වෙන්නේ මොනවද කියලා හොයාගන්න.”

සාමාන්‍යයෙන් ඉහළට ඉගෙන ගන්න,ඉහලපෙළේ රැකියා කරන සමහර අයගේ තියන ප්‍රබලම දුර්වලතාවයක් තමයි ප්‍රශ්න හමුවේ තීරණ ගන්න ඇති නොහැකියාව සහ සාමාන්‍ය සමාජ දැනුම සෘණ අගයක් ගැනීම.රස්සාවටම කැපවීම එයට හේතුව වෙන්න ඇති.සුධාරකටත් එය අඩු නැතුව පිහිටා තිබුණා.ඔහු රැකියාවටම හිස ඔබාගෙන සිටි මිනිසෙක් නිසා වෙන්න ඇති ඔහුටත් අවට ලෝකය තදින් මඟ හැරී තිබුණා.ඔහුට සාමාන්‍ය ජීවිතයේ සතුරන් අඳුනා ගන්න කවමදාවත් තිබුණේ නෑ.නමුත් ඔහු යුද්ධයේදී හොඳ සටන් වීරයෙකු වුණා.

සුධාරක තරුණ කාලයේ යමක් උපයා ගත් මිනිසෙක්.දැන් බරපතල ආර්ථික පරිහානියකට ලක් වී ඉන්න හේතුව හිතා ගන්න බැරුව මහා අනුකම්පාවක් ඇති වුණා.එය මිත්‍රත්වය පදනම් වූ එකක්.ඔහුට මම බරපතල ලෙස ආදරය කළ නිසා ඔහු මේ මුළු කාලයම මගේ හිතින් දුරස් නොවූ නිසා මට ඔහුට උදව් කරන්නට හිතුණා.

“මම ඔයාට උදව් කරන්නම්.සල්ලිවලට වෙන දේ ඔයාට බැංකුවලින් හොයා ගන්න පුලුවන්”

තමන්ගේ විදිය

මම එහෙම කියමින් ඔහුට උදව් කිරීම පිණිස සූදානම් වුණා.ඔහුගේ බිරිඳ බරපතල ලෙස යන්ත්‍ර මන්ත්‍ර සහ දේවාල සම්බන්ධයෙන් විශ්වාස කරන්නියක් බවත් ඔහුගෙන් හෙළි වුණා.ඒ නිසා ඇය සහ ඔහු අතර සම්බන්ධය බරපතල ලෙස හීන වෙන්නට පටන් අරන්.

මම මගේ මිතුරන් කිහිප දෙනෙකුගේ උදව් ලබාගෙන ඔහුගේ බැංකු ගිණුම් වලින් සොයා බැලීම් කරන්නට පටන් ගත්තා.ඔහු බැංකු කිහිපයකම ණය ආධාර ගණනාවක් අරගෙන ඇති බව මම එතැනින් හොයා ගත්තා.එතැනින් එන මුදලත් ඔහුගේ බිරිඳ ලබා ගන්නවා.ඇයත් පෞද්ගලික අංශයේ රැකියාවක් කළ ගැහැනියක්.

තියන විදියට කාලා බීලා ඉන්න කිසිම පහසුකමක් නැතුව ජීවත් වෙන ලෙලි ගිය සපත්තු දාන සුධාරක ගැන මට බරපතල කණගාටුවක් ඇති වෙන්නට පටන් ගත්තා.

ඒ අතර ඔහු අප දෙදෙනාගේ දික්කසාදය වූ හැටි ඔහු දැනගත් ආකාරයත් ඔහුගේ කසාදය වූ ආකාරයත් මට කියන්නට පටන් ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles