ක්‍රීඩාව තුලින් කාන්තා සිරුරේ ලාලිත්‍ය නැති වෙනවාද?

තවමත් බොහෝ දෙනා සිතන්නේ කාන්තාවන් තරගකාරී ක්‍රීඩා ඉසව්වලට සහභාගී නොවිය යුතු බවයි. ක්‍රිකට්, හොකී, රගර්, පාපන්දු ආදී ක්‍රීඩාවන් වඩාත් සුදුසු වනුයේ පුරුෂ පාර්ශවයට බවත් එවැනි ක්‍රීඩාවන්හි නිරතවීමෙන් කාන්තා ලාලිත්‍යය හීන වන බවත් අදටත් පවතින අන්ධ විශ්වාසයක්.

ඒ වගේම මෙවැනි  ක්‍රීඩාවන්හි නිරතවන කාන්තාවන් පිළිබඳව සමාජයේ තවමත් පවතින්නේ දුරවබෝධයක්. මෙනිසාම දෙමාපියන් දියණිවරුන්ට වෘත්තියක් ලෙස තබා විනෝදාංශයක් ලෙසවත් මෙවැනි  ක්‍රීඩාවන්හි නිරතවන්නට ඉඩ නොදෙති. එනිසාම ක්‍රීඩාවට හිමි විට යුතු සැබෑ දක්ෂතා එළි දකින්නේ නැත. මෙය සැබවින්ම සංවේදජනක කරුණකි. එමෙන්ම ක්‍රීඩා සහ විලාසිතා යනු නොගැලපෙන සබඳතාවක් බවට තවත් දුර්මතයක් වේ.

මෙම දුර්මත බිඳලමින් සමාජ ජාලා තුල වීඩියෝවක් පසු ගිය කල සංසරණය විය. එය ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2017 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ලන්ඩනයට පැමිණි අවස්තිවක ලබාගන්නා ලද වීඩියෝවකි.

https://youtu.be/pSeAKkJcihM

මෙම වීඩියෝව නැරඔූ බොහෝ දෙනාගේ මතය වූයේ මෙම ක්‍රීඩිකාවනට සුපිරි මෝස්තර නිරූපිකාවන්ද පරාජය වන බවයි. ඔවුන්ගේ රූ සපුව පමණක් නොව විනීත බවද සැමග් අවධානයට ලක්විය. ක්‍රිකට් ලොවේ විශිෂ්ටතම කාන්තා කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කුසලතාවෙන් ඉතා පිරිපුන්ය. විවිධ කරුණු කියමින් විලාසිතා බැහැර කරන කාන්තාවන්ට මෙම ලලනාවන් ලබා දෙන්නේ ආදර්ශයකි.

නිසි පුහුණුව සහ මනා සංයමය තුළින් ඔප් නැංවෙන ක්‍රීඩාවට ලාලිත්‍යයක් එක් කරන්නට කාන්තාවන්ට හැකි බව මෙයින් ප්‍රකට නොවන්නේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles