සුදෝ සුදු දත් දෙපලක් ලබාගන්න පුංචි පිළියම්

දන්ත කළ්‍යාණය රුව ඔපනංවන වැදගත්ම ආභරණයක්. දත් අවපහැ වී ඇති නම් මොන තරම් ලස්සනට මේකප් කලත් වැඩක් නැහැ. මේ පුංචි පිළියම් අවපැහැ වුණු දත් නැවතත් දීප්තිමත් කරගැනුමටයි.

දන්තාලේප වලින් මෙතෙක් කල් කොපමණ දත් මැද්දත් දත් අවපැහැ ගැන්වී ඇත්නම් එයට හොඳම විසඳුම වනුයේ පොල් තෙල්ය. පොල් තෙල් යොදා සුළු මිශ්‍රණයක් සාදාගැනීම පමනයි කල යුත්තේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ පොල් තෙල් හා බේකින් පව්ඩර් පමණකි. මිශ්‍රණය පහත ආකාරයට සාදා ගන්න. පියනක් සහිත කුඩා පිරිසිඳු බඳුනක් සූදානම් කරගන්න පොල් තෙල් හා බේකින් සෝඩා සමාන කොටස් දෙකක් යොදන්න. රසගැන්වීමට අවශ්‍ය නම් Peppermint වැනි රසයකින් බිංදු කිහිපයක් එක් කර ගන්න. සාදාගත් මිශ්‍රණය සිසිල් ස්ථානයක තබන්න. මෙම සාදාගත් මිශ්‍රණයෙන් දිනපතා දත් මැදීමෙන් ඔබට දීප්තිමත් දත් දෙපෙළක් ලබා ගන්නට හැකි වේවි.

ඔබට දීප්තිමත් දත් දෙපෙළක් පහසුවෙන් ලබා ගැනීමට දත්මැදීමට විනාඩි දෙක තුනකට පමණ පෙර ඔලිව් තෙල් ටිකක් ගෙන පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ කපු පුළුන් කැබැල්ලක් මගින් දත් වල ආලේප කරන්න. දැන් සුපුරුදු පරිදි දත් මදින්න.

පහසුවෙන්ම සපයාගත හැකි කෙසෙල් ලෙලි, දොඩම් ලෙලි. පලතුරු ලෙලි වල ඇතුළු පැත්ත දත් දෙපෙළේ හොඳින් අතුල්ලන්න. මෙම පලතුරු ලෙලි මැග්නීසියම්, මැන්ගනීස් සහ පොටෑසියම් ආදී දත් වල එනමලය සවිමත් කිරීමට සමත් පෝෂකවලින් හරිම සාරවත්. පලතුරු ලෙලි ආලේපයෙන් විනාඩි කිහිපයකට පසු දත් සුපුරුදු පරිදි මැදගන්න. Toothpaste අවශ්ය නැහැ. සතියකට දෙවරක්වත් මෙම ප්‍රතිකර්මය කරනවානම්, ප්‍රතිඵලය ඉක්මන්.

මෙන්න මේ ක්‍රම පිළිපැදීමෙන් ඔබටඉක්මනින් සහ පහසුවෙන සුදෝ සුදුවන් දීප්තිමත් දත් දෙපෙළක් ලබා ගන්නට හැකි වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles