අහිමි සිහින -99

මට වෙනත් සම්බන්ධයක් ඇති බව චමල් ද දැනගත් දවසක් පැමිණියා.අපි අතර විශාල බහින්බස් වීමක් ඇති වුණා. ඇත්තටම එවැනි මොහොතක වචන වලට පාලනයක් නැති බවත් හැසිරීමට සීමා නැති බවත් අමුතුවෙන් කියන්න උවමනා ද? අපි අතර තරමක බරපතල රණ්ඩුවක් ඇති වුණේ මගේ ජීවිතය තුළ සිදු වූ විශාලම අනතුර මට සිදු කරමින්.

රණ්ඩුව ඉවරයි!!

එහෙම හිතාගෙන ආපහු ගෙට යන්න මම හිතුවේ වචන හරඹය තරමක් නැවතුණාට පසුවයි.නමුත් එය එහෙම වුණේ නෑ.චමල් ඔහුට පිටුපා ගෙට යන මට පා පහරක් ලබා දුන්නා.විසි වී ගිය මම වැටුණු බවත් මට තුවාල බවත් මට වැටහුණේ මගේ මුහුණ පුරා ලේ ගලද්දී.

ඔබට මතකද මම දියවැඩියාව උත්සන්න වී විඳි වේදනාව.එදා මම හිතුවේ මගේ ජීවිතය තුළ සිදු වී ඇති විශාලම වේදනාව එය බවක්.නමුත් එය එහෙම නොවන බව මට හිතුණේ මුහුණ පුරා රුධිරය ගලන්නට වූ පසුවයි.මුදුනතින් කැඩී හිස් කබල එළියට නිරාවරණය වී තිබුණා.ලේ විලක් මැද පවා මම හිටියේ හොඳ සිහියෙන්.මම හැඬුවේ නෑ.බියපත් වුණෙත් නෑ.බිය සහ ශෝකය අපිට පියවි සිහිය අහිමි කරන බව මම දැනගෙන හිටියා.මම උණු ලේ වගුරවමින් සුධාරකට ඇමතුමක් ගත්තා.

“මට අනතුරක් වුණා.මම පුලුවන් ඉක්මනින් හොස්පිටල් එකට යනවා.මට පොරොන්දු දෙකක් ඕන.පළවෙනි එක ඔයා චමල් එක්ක රණ්ඩු වෙලා ප්‍රශ්න දාගන්න බෑ.දෙවැනි එක මට මෙහෙම ලේ ගිහින් මොනවාහරි වුණොත් මගේ දූව ස්වීඩන්වල ඉන්න මගේ අක්කට දෙන්න.”

මා මේ ලෝකයේ වඩාත් ආදරය කරන ආදරණීයයන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කළ මම ඊටපසු කළේ ඔබ පුදුමයට පත් කරන දෙයක්.මම කණ්ණාඩියක් ළඟට ගොස් මගේ මුහුණ දෙස බැලුවා.උණු ලේ වගුරවමින් සිටින මා දකිද්දී මට සිහිපත් වූයේ කාලි මෑණියන්වයි.ලේ ඇසිපිය පවා තෙත් කරමින් ගලද්දී මම ඇසිපිය අමාරුවෙන් ඈත් කරල මාව නැරඹුවා.

මගේ හිස්කබල පෙනෙන සේ නලල බාගයක්ම කැඩී ගිහින්.එය එල්ලා වැටෙනවා.මම කන්නාඩියෙන් මුහුණ දිහා බලාගෙන එල්ලා වැටෙන කොටස අඩමානයට සවි කරගත්තා.එය ඇඟිල්ලෙන් තද කරගත් මම බය බිරාන්තව මදෙස බලා සිටින අම්මාට රෝහලට යන්නට කතා කරා.මගේ කුඩා දියණිය තදින් කම්පනයට ලක් වී හඬමින් සිටි අන්දම මට කිසිම දවසක අමතකව යන එකක් නෑ.මේ මොහොතේ මම හොඳ සිහියෙන් කලබල නොවී ඉන්නට උවමනා බව පමණක් මගේ හිත මට නොනවත්වාම කියූ බව නොකියාම බෑ.

ඇත්තටම මම බියව සිටියේ නෑ.රෝහලට ගොස් බලද්දී මගේ රුධිර පීඩනය පවා අතිශය සාමාන්‍යයි.වෛද්‍ය කණ්ඩායම මගේ තුවාලය දැක නළලේ අත් ගසා ගත්තා.එය හොඳින් ප්ලාස්ටර් කරන්නට ඔවුන් ක්‍රියා කළා.ඒ ලේ වහනයේ තරමට මම සිහි විසඥව ඉන්න නියමිත වුණත් මම හිටියේ හොඳ සිහියෙන්.

“ඔයා මාර මනුස්සයෙක්.” වෛද්‍යවරුන් මට කිව්වේ එහෙම කතාවක්!!

දහවල් දොළහට පමණ අනතුරට ලක් වූ මම කැඩුණු මුහුණ සකසන්නට පස්වරු හයට පමණ ශල්‍යාගාරයට ගත්තා.ඒ මොහොතේ මගේ හිතේ බුරබුරා නැගුණේ එකම ප්‍රශ්නයක් විතරයි.

ඔබට පුලුවන්ද ඒ ගැන අනුමාන කරන්න?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles