කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී වැඩිහිටියන් සිදුකරන වැරදි

කොච්චර දුන්නත් ගුණයක් නැහැ .මේ දරුවන් ලෙඩ වී බෙහෙත් ගනිමින් සිටිද්දී දෙමාපියන් කරන චෝදනාවක්හොඳට බලන්න.හරියට බෙහෙත් වේල දීම ගැන ඔබ සැලකිලිමත්ද කියලා ………..

වැරදි මාත්‍රාවන් ලබා දීම

ඕනෑම බෙහෙතකට නිවැරදි මාත්‍රාවක් තියෙනවාවැඩිහිටියන්ගේ වගේ නෙවෙයිදරුවන්ගේ මේ මාත්‍රාව තීරණය වන්නේ ශරීරයේ බර අනුව.එය කවරයේ සඳහන් කරලා තියෙනවා වගේම සමහර විට ඉන් පරිබාහිරව වෛද්‍යවරයා විසින්ද නිර්දේශ කරනවා.ඒ නිසා දරුවාගේ බරට සහ වෛද්‍ය නිර්දේශයට ගැන බෙහෙවින් සැළකිලිමත් විය යුතුමයි.

නොදැනුවත්ව දෙවරක් එකම බෙහෙත ලබා දීම.

සමහර විට අමතක වීමෙන් සහ කලබලය නිසා එකම බෙහෙත දෙවරක් පොවන අවස්ථා ඕනා තරම් .එක සමාන බෙහෙත් අසුරණ ඇති විට මේ වැරැද්ද සිදු වීම බහුලයි.

කාල අන්තරය නොසැලකීම

බෙහෙත් ලබා දීමේදී කොපමණ කාලයකින් ලබා දිය යුතුද කියා සටහන් කරනවා.නමුත් බොහෝ දෙනෙක්ට මේ වෙලාව එහේ මෙහේ වනවා.

අපැහැදිලි විස්තර නිසා පටලවිම

සමහර විට විස්තර පත්‍රිකාවේ සටහන් විස්තරයේ අපැහැදිලි බව නිසා ඇති වන පැටලවිලි බොහොමයි.ඒ නිසා බෙහෙත් ශාලාවේදීම එය නිරවුල් කරගෙන පැමිණීම ඉතාම වැදගත්.

වැරදි බෙහෙත් ලබාදීම

එක සමාන ඇසුරුම් නිසා ඇති වන අනෙක් වැරැද්ද වන්නේ වැරදි බෙහෙත දරුවාට ලබා දීම .එක් වරක් ලබා දුන් බෙහෙත වෙනත් තැනකින් තැබීමෙන් හෝ කිසියම් ලේබලයක් ඇලවීමෙන් හෝ මේ තත්ත්වය මගහරවා ගත හැකියි.

වැරදි මාර්ගයෙන් ලබා දීම

සමහර විටෙක කණට හෝ ඇසට දැමිය යුතු බෙහෙත නාසයට දැමීම වගේ දේවල් සුලබ සිදුවීම්ඉතින් මේ ගැන මනා අවධානයකින් ඔබ සිටිය යුතුම වනවා.

නිවැරදි තැනක නොතැබීම

සෑම බෙහෙතකම ගබඩා කළ යුතු උෂ්ණත්වය සඳහන් කර තිබෙනවා.ඒ උෂ්ණත්වයෙන් පිටදී බෙහෙතේ ගුණය ලැබෙන්නේ නැහැ .

ඒ වගේම විශේෂයෙන්ම මතක තබා ගත යුතුම දෙයක් වන්නේ දරුවන්ට ලඟා විය නොහැකි උසකින් මේවා ගබඩා කර තැබීමයිඅවධානමට පෙර සූදානම හොඳයිනේ..නේද ?

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles