ආදරණිය සිඟිත්තාට හොඳම පෙර පාසලක් තෝරා ගනිමු

බොහෝ පෙර පාසල් වල පළමු වාරය සැප්තැම්බරයේ ආරම්භ කිරීමට නියමිතයිඉතින් එකිනෙකට නොපරදින ආකර්ෂණිය දැන්වීම් ඔබ ඉදිරියේ ප්‍රදර්ශනය වෙනු දකින්න පුළුවන්.

ඔබේ පුංචි දඟකාරයා දන්නෙම නැතිව පෙර පාසල් යන වයසටත් ඇවිත්ඉතින් හැමදාම වගේ බුද්ධිමත් තේරීමකට ඔබගේ අවස්තාව නැවතත්දරුවා අධ්‍යාපනය හැදෑරීමේ මුල් පියවර තැබීමටයි මේ සුදානම් වෙන්නේඉතින් මේ ආරම්භක පියවර නිවැරදි දෙසකට යොමු කරවීම සහ ඒ සඳහා උපකාර කිරීම ආදරණිය දෙමාපියන්ගේ ප්‍රධානම වගකීමක්ඉතින් ඒ සඳහා අපත් ඔබට පුංචි මග පෙන්වීමක් කරන්නයි මේ සූදානම………….

  • නිවසට තරමක් හෝ ආසන්නයේ තිබෙන්නක් නම් වඩාත් සුදුසුයි.
  • ප්‍රියමනාප බව
  • පිරිසුදු බව
  • එළිමහන් ක්‍රීඩා වලට සුදුසු ඉඩක් තිබේදැයි සොයා බැලීම.
  • ගුරුවරුන්ගේ සුදුසුකම් සහ ආයතනයේ කිර්තිනාමය
  • දරුවාට පහසුවෙන් සහ ආරක්ෂිතව පංති කාමරයට පිවිසිය හැකිදැයි තහවුරු කර ගැනීම.
  • දරුවාගේ සනීපාරක්ෂක කටයුතු සඳහා ඇති ස්ථානයන්හි පිරිසුදු බව
  • පංති කාමර හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් වී ඇති බව
  • පරිසර මුල්ලපොත් මුල්ලවැලි මුල්ලසෞන්දර්ය මුල්ලසෙල්ලම් ගෙයසකස් කර තිබීම.
  • පංති කාමරය දරුවාට පහසුවෙන් එහා මෙහා යා හැකි ලෙස සැකසී තිබීම.
  • කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට ඇති ඉඩ කඩ
  • පෙර පාසලට පෙර සහභාගී වූ සිසුන්ගේ දෙමාපියන්ගේ අදහස් දැනගැනීම
  • දරුවාගේ ආරක්ෂාව තහවරු වන්නේදැයි සොයා බැලීම.
  • දරුවා විශේෂ අවශ්‍යතා ඇති අයෙකුනම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් තිබේදැයි සොයා බැලීම.
  • දරුවාට ආදරය රැකවරණය පිළිගැනීම ලැබෙනවාදැයි සොයා බැලීම.

ඉතින් මෙන්න මේ කරුණු සියල්ල පිළිබඳව මනාව සැළකිලිමත් වුවහොත් ඔබේ ආදරණිය සිඟිත්තාට සතුටෙන් පිරුණු ආධ්‍යාපනයකට අවස්ථාව අනිවාර්යයෙන්ම සැලසෙනු ඇති.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles