(අ)හිමි සිහින -114

දිල්හානි යන්නට ගොස් ටික කාලයකින් ඇගේ තාත්තා මේ ලෝකයෙන් සමු ගත්තා.ඒ මව්පියන් ජීවත් වූයේ සුධාරක ඉදි කළ නිවසේ.එනිසා සුධාරක ඒ නිවසට ගියේ නැහැ.නමුත් ඔහු සේවකයන් යොදවා ඒ දෙමාපියන් ගැන සොයා බැලුවා.දිල්හානිගේ තාත්තා මිය යන තුරුම ඔහුට අවශ්‍ය සියලුම හෙදකම් කළේ සුධාරක යෙදවූ සේවකයන් විසින්.

සුධාරකගේ නිවසේම තිබූ මලගමට ඔහු සහභාගී වූයේ නම් නෑ.ඔහුගේ ප්‍රධානියාගේ උපදෙස් මතයි ඔහු එහෙම කළේ.සුධාරක තමන්ගේ වයසක දෙමාපියන්ට හිංසා පීඩා කරන බවට දිල්හානි නිරන්තරයෙන්ම පැමිණිලි එවීම තමයි එයට හේතුව.ඒ නිසා සුධාරක දුරට වී යුතුකම් ඉටු කර පසෙකට වී හිඳින්නට වග බලා ගත්තා.

යන්නට ගෙයක් නැති වීම නිසා සුධාරක සති අන්තයේ දී ඔහුගේ මහ ගෙදරට එන්නට පටන් ගත්තා.ඔහු පිලිවෙල සහ පිරිසිදුකම ගැන ඉතාම සැලකිලිමත් වූ කෙනෙක්.ගෙබිම වැලි ඇටයක්වත් තියෙනවාට ඔහු හරිම අකමැතියි.එනිසා සුධාරක එන්නට පෙර මම ඔහුගේ මහ ගෙදරට යනවා.ඔහුගේ අම්මා ගෙදර තනියම ඉන්නා නිසා ගෙදර කිසිම පිලිවෙලක් නැහැ.මම කරන්නේ මුළු ගෙදරම අස්පස් කිරීම.ගේ අතු ගා මකුළු දැල් කඩා නාන කාමරය සහ මුළුතැන්ගෙය පිරිසිදු කර නිවස වාසයට ප්‍රිය ස්ථානයක් කිරීම හැම සති අන්තයකම මගේ පුරුද්දක් වෙන්නට පටන් ගත්තා.

මම සති අන්තය සුධාරක සමඟ ජීවත් වෙන්නට යන බව චමල්ට කිසිම වගක් තිබුණේ නැහැ.හෙලවෙන දතක් මෙන් තිබූ අපේ විවාහය ගැලවෙන්නට ඔන්න මෙන්න වී තිබුණා.චමල් මිතුරන් සමඟ කමින් බොමින් ඇවිද්දේ මා සහ දුව ඉන්නවාදැයි අමතකව.ඉතින් අපි යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියන දේ ඔහුට වැදගත් වූයේ නැහැ.ඔහුට සිදු වූ එකම හානිය මගෙන් ලැබුණු මුදල් අහිමිවීම පමණයි.ඒ හ්

“මල්ලි,මැණිකේ මගේ.මම එයාට ආදරෙයි.එයාට මොනවත් හිංසාවක් කරන්න එපා.එයාට අත තියන්න හානි කරන්න එපා.දුවෙකුට අම්මා කෙනෙක් ඉන්න ඕන.ඒ දරුවට කවදහරි ලැජ්ජා වෙන විදියට අම්මා මූණ කට සවුත්තු කරගෙන තුවාල කැලැල් එක්ක ඉන්න බෑ.ඒ නිසා එයාට අත උස්සන්න එපා.මට මාව පාලනය කර ගන්න බැරි වෙයි.”

මගේ හිසට අනතුර සිදු වූ මොහොතේ සුධාරක චමල්ට එසේ පවසා තිබුණා.එනිසාම ඔහු නැවත මා සමඟ ගැටුමක් ඇති කරගන්නට බියට පත් වුණා වෙන්නත් පුලුවන්.කොහොම නමුත් මම යන්නේ කොහෙද කරන්නේ මොනවාද සොයා බැලීම චමල් අතැර දමා තිබුණා.

චමල් එසේ අතැර දැමුවාට මගේ අම්මා තාත්තා එසේ සටන අහවර කළේ නැහැ.ඔවුන් අපි කුඩාවුන් සන්දියේ අපේ ප්‍රේමයට විරුද්ධ වූ අන්දමටම තවමත් අපිට එරෙහි වන්නට පටන් ගත්තා.සුධාරක තමන්ට තර්ජනය කළ බව චමල් අපේ තාත්තාට පවසා තිබීමත් ඔවුන්ගේ කෝපය දෙගුණ තෙගුණ කරන්නට සමත් වී තිබුණා.මට නිතරෝම බැන වදින්නට ඔවුන් වග බලා ගත්තා.එහෙත් මම ඒවායින් සැලුණේ නෑ.නමුත් සුධාරක හිටියේ කම්පාවෙන්.ඔහු වෙනුවෙන් කැපවීම නිසා මට ගැහැට විඳින්නට සිදු වීම ඔහුට මහත් හිත් වේදනාවක් ගෙනාවා.

එනිසා මා වෙනුවෙන් යහපත කරන්නට එක් තදබල තීරණයක් ගන්නට ඔහු වග බලා ගත්තේ ඒ කාලයේ දී.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles