අත්සන වෙනස්‌වූ විට ගතයුතු පියවර ගැන ඔබ දැනුවත් ද?

ඔබේ අත්සන කල්ගතවීමේදී ඔබ නොසිතන පරිදි විවිධ හේතු නිසා වෙනස්‌විය හැකිය. කල්ගතවීමේදී අත්සන සියුම්ව හෝ වෙනස්‌විය හැකි බවද මතක තබාගැනීම වැදගත්. විශේෂයෙන් ඔබ ළමා අවධියේ හෝ තරුණ වයසේදී යෙදූ අත්සන ඔබගේ අකුරු හැඩය වෙනස්‌වීමත් සමඟ අවුරුදු 25 ක්‌ හෝ 30 ක්‌ ගත වීමේදී වෙනස්‌වන්නට ඉඩ ඇත. පාසලෙන් නික්‌ම යාමට පෙර ලියූ ලස්‌සන අකුරු සරසවි අධ්‍යාපනයට පිවිස සරසවියේදී ශීඝ්‍රයෙන් දේශන සටහන් ලියා ගැනීමට සිදුවූ විට කෙනෙක්‌ නොදැනුවත්වම එදා ලස්‌සනට ලියූ රවුම් අකුරු වෙනස්‌ වියහැක.

විශේෂයෙන්ම බැංකු කටයුතුවලදී හෝ වෙනත් එවැනි ආයතනවලදී ඔබේ අත්සන වෙනස්‌ වූ ස්‌වභාවයක්‌ දක්‌නට ලැබුණු විට අදාළ ආදර්ශ අත්සන් කාඩ්පතක්‌ යළි ලබාගන්නේ ඉහත කරුණ හේතුවෙනි.

ජීවිත රක්‌ෂණ ඔප්පු, අර්ථසාධක ප්‍රකාශන ආදී කල්ගතවී ප්‍රයෝජනයකට ගැනීම සිදුවන සෑම ලියවිල්ලක්‌ සම්බන්ධයෙන්ම අත්සන වෙනස්‌ වීම ගැන අවධානය යොමු කර තිබීම ප්‍රයෝජනවත් වේ. නැතහොත් දිවුරුම් ප්‍රකාශ මඟින් අත්සන වෙනස්‌ වීම තහවුරු කරන්නට සිදු වෙනවා ඇත. විශේෂයෙන් කාන්තා පක්‌ෂයේ ඇතැම් අය විවාහයෙන් පසු ස්‌වාමියාගේ නම භාවිතයට ගත් විට තමා කලින් භාවිත කළේ නමට අනුරූප වූ අත්සනක්‌ නම් නම වෙනස්‌ කිරීම සමඟ අත්සනද නීත්‍යනුකූලව වෙනස්‌ කර ගැනීම අදාළ පරිදි කටයුතු කළ යුතුවේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles