(අ)හිමි සිහින -120

මගේ කතාව ජීවන අන්දරයක්.ඒ කතාව කියවා යද්දී ඔබට විවිධ චරිත මුණ ගැහෙනවා.කාන්තා වෙබ් අඩවියක පළ වෙන කතාවක් නිසාම මේ කතාව කියවන ඔබ බහුතරය කාන්තාවන්.මේ කතාවේ හිඳින ඔබට හමු වූ ඉදිරියට හමුවන්නට නියමිත චරිත බොහොමයක් ද කාන්තා චරිත.මේ හැම කාන්තාවක්ම ජීවිතයට ආ විවිධ අභියෝග බාර ගත්තේ විවිධාකාරයෙන්.ඒ තම තමන්ගේ ජීවන දර්ශනය අනුවයි.

ආදරය සම්බන්ධයෙන් අපි ප්‍රතිචාර දක්වන්නේ ඒ ආදරය අපට ලැබෙන ආකාරයට.මගේ කතාවට ඔබෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා.ඒ අතර හොඳ වගේම නරක ප්‍රතිචාර තිබුණත් මට ඇත්තටම ඔබ සමඟ කිසිම අමනාපයක් නැහැ.මේ මගේ සත්‍ය කතාව නිසා ඔබට ඒ දෙස විවිධ කෝණයන්ගෙන් බලන්නට පුලුවන්.නමුත් ආදරය යන මාතෘකාව තුළ අප හැම කෙනෙකුම යම්තාක් බොළඳ බව පමණක් මම ඔබට කියන්නම්.

සුධාරකට මා මුණ නොගැසුණානම් ඔහුගේ ජීවිතය මොන අතකට පෙරළෙන්නට තිබුණාදැයි කියන්නටත් බැහැ.ඔහු දිල්හානි නිසා පුදුමාකාර මානසික පීඩා ඉහිළුවා.එය නරකකින් කෙළවර වන්නටත් ඉඩ තිබුණා.එක්තරා දිනක සුධාරක මට පැවසූ දෙයකින් මට එක් දෙයක් පැහැදිලි වුණා.වක්‍රාකාරව දිල්හානිගේ ජීවිතය බේරා තිබුණේ ද මා විසින්මයි.

“මං ආයේම මුණ නොගැහුණානම් ඔයා මේ ප්‍රශ්න වලට කොහොම මූණ දෙයිද මහත්තයා?”

මම එක් දිනක් සුධාරකගෙන් එසේ ඇසුවා.ඔහු මඳක් වෙලා කල්පනා කර ලබා දුන්නේ හොඳ පිළිතුරක් නම් නෙවෙයි.

“ගිහිල්ලා ගිහිල්ලා බිත්තියටම හේත්තු කරන මිනිහෙකුට එතනින් එහාට යන්න තැනක් නෑ.ඊට පස්සේ ඒ මනුස්සයා ඕනෑම දෙයක් කරනවා”

ඒ ඕනෑම දෙය දරුණු තීරණයක් වන්නට තිබුණා.දරුවන්‍ට හැම දේපලක්ම ලියා තබා දිල්හානිගේත් ඔහුගේත් ජීවිතය ගැන තීරණයක් ගන්නට පවා ඉඩ තිබූ බව ඔහු පැවසුවේ කලකිරීමෙන්. එහෙම බලද්දී දිල්හානිගේ ජීවිතය ආරක්ෂා වන්නට ඇත්තේ මා නිසා බව මම සිතුවා.

මේ සියල්ල අතරේ මගේ අපූරු විනෝදාංශයක් ගැන ඔබට කියන්නට මට හිතුණා.මම මගේ ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවක්ම ඡායාරූපයට නගන්නට සහ වීඩියෝ කරන්නට ප්‍රිය කරන්නියක්.ජංගම දුරකථනයේ සියලුම මතක ගබඩා කර ගත හැකි නිසා මම එදිනෙදා සිදුවෙන සමහර සුළු සිදුවීම් පවා සේයාරුවට නගා ගබඩා කර ගන්නවා.ඒ මගේ හිතේ සතුට වෙනුවෙන්මයි.ඒ නිසා මිහිරි මතක නොනැසී මා සතුව පවතිනවා.ඒ මගේ එක් විනෝදාංශයක්.මේ විනෝදාංශය මට සවියක් වූ තැන් ද ජීවිතයේ එක් කාලයකදී හමු වුණා.මේ ඔබ කියවන කාලයේ නිසංසලව ගලා ගිය ජීවිතය නැවත ගල්පර අතර රළුව ගලා යද්දී ඒ විනෝදාංශය පවා මගේ වාසිය පිණිස වූ අන්දම මම ඉදිරියට ඔබට කියන්නම්.

සෑම මොහොතකම කල්පනාවෙන් ජීවත් විය යුතුයි.නමුත් අපි සෑම මොහොතකම සජීවිව ජිවත් වන්නටත් වග බලා ගත යුතුයි.එවිට අපිට පසුතැවීමක් ඉතිරි වන්නේ නැහැ.මම සුධාරක සමඟ සන්තෝසයෙන් ජීවත් වූ කතා අතර ගොඩනැගිල්ලක් ගෙයක් කරද්දී මට මුහුණ දෙන්නට සිදු වූ සමහර සිදුවීම් ගැන මම හෙට ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...