මුහුණේ අනවශ්‍ය රෝම ලෙහෙසියෙන්ම මට්ටු කරමු

බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්.  දැනට bleaching, threading,  electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගත හැකිවේවි.

 

කහ අතීතයේ පටන්ම කාන්තාවන් රුව වැඩිම සදහා භාවිතා කල ඔසුවක්. ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට වියළි කහ කුඩු කර යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කල හැක. මෙමගින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරන අතර එක දිගටම කලක් භාවිතා කර  මුහුණ මත  අනවශ්‍ය රෝම වැවීම සම්පුර්ණයෙන්ම පාලනය කරගත හැකිවේ. ඒ වගේම මුහුණ පැහැපත් කර ගැනීමටත් හැකියි.

කුඩු කර ගත් කඩල පරිප්පු වලට හොඳින් බ්ලෙන්ඩර් කර ගත් ගස්ලබු එකතු කර සාදාගන්නා මිශ්‍රණය ද දිගු කලක් භාවිතා කිරීම තුලින් මුහුනේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කර ගන්න පුළුවන්.

කඩල පිටි සමග වියලි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට ගෙන මිශ්‍ර කර මුහුණ මත ආලේප කර එය වියළුණාට පසු උණුසුම් ජලයේ පොගවා ගත් තුවායක් භාවිතා කරලා රවුමට රවුමට මුහුණ පිරිමදිමින් ඉවත් කර ගන්න. කඩල පිටි මගින් ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.

බිත්තර සුදු මද සමග සිනි හා ඉරිගු පිටි අවශ්‍ය ප්‍රමානයට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර හොඳින් වියළුණු පසු මද උණුසුම් තෙත තුවායක් මගින් හෝ තෙත් කර ගත් ඇගිලි තුඩු වලින් ආලේපනය ඉවත් කර ගන්න. මෙම මිශ්‍රණය මුහුණ මත පැක් එකක් ලෙස ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතාමත් හොදින් පවිත්‍ර කරනවා.

ඔබ තව දුරටත් ශරීරයට අහිතකර, රිදුම්දෙන, වියදම් අධික කෘත්‍රීමව සත්කාර ක්‍රම වලට යොමු නොවී ස්‍යෙඛ්‍යාරක්ෂිත මෙවැනි ක්‍රම යොදා ගැනීම වැදගත් නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles