(අ) හිමි සිහින -127

නමුත් ඒ විදේශ සංචාරය අතරතුර ඔහුට කිසිම ගැටළුවක් ඇති නොවුණේ මගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමෙන් වෙන්නට ඇති.සුදාරක ඒ ගමන ගොස් සතුටින් නැවත පැමිණියා.ඒ අතර තමයි ඔහු උසස් වීමකට නිර්දේශ වුණේ.ඒ ආරංචිය සුදාරක මහත් ප්‍රීතියට ලක්කරන්නට සමත් වුණා.

“මැණිකේ මගේ ඇඳුම් ටික සේරම හදන්න ඕනේ”

ඒ වගකීමත් පැවරුණේ මට.නිලයක් උසස් වෙනකොට කරන කියන දේවල් මම අසා තිබුනත් ඒ ගැන කිසිම ප්‍රායෝගික දැනීමක් මට තිබුණේ නැහැ.නමුත් සුදාරක නොබියව ඒ සියල්ල මට පැවරුවා.ඉතින් මම නිල ඇඳුම් පරීක්ෂාකර බලමින් ඒවා තිබෙන ආකාරය සිතා බලමින් මැහුම් කටයුතු කළා.

සුධාරක උතුරේ සේවයට යන්නට පෙර බස්නාහිර පළාතේ කඳවුරක සේවය කළා.එහි මඩ වූ ඉඩමක් තිබුණා.සුධාරකට ඒ සම්බන්ධයෙන් අපූරු බලාපොරොත්තුවක් තිබුණා.

“මේක මෙතැන ගඳ ගගහා මල ජරාවක් මැණිකේ.මම මේක ගොඩ කරලා බුදුමැදුරක් හදනවා”

ඒ තමයි ඔහුගේ බලාපොරොත්තුව!

ඔහු ඒ වෙනුවෙන් උත්සාහයෙන් කටයුතු කළා. ඔහු මුළු සේවා ස්ථානයේ ම හැමෝගෙම හිතවතෙක් වීම මේ කටයුත්ත පහසුවෙන් කරගන්නට හේතුවක් වුණා.සාමාන්‍යයෙන් උසස් නිල දරන අය සමඟ සෙසු අයගේ ඒ තරම් හොඳ හිතක් නැහැ.නමුත් සුදාරක කියන්නේ මහපොළොවේ ජීවත් වූ මිනිසෙකුට.ඔහු සෑම මොහොතකම අනෙකා ගැන විමසිලිමත් වුණා.අනෙකාට උදව් කරා.ඔහුට තමන්ගේ ආයතනය තුල නොව ඊට අනුබද්ධ ඕනෑම තැනකට කතා කර ඕනෑම වැඩක් කර ගැනීමට තරම් හැකියාවක් තිබුණා.ඒ ඔහු නිල බලයෙන් උපයා ගත් දෙයක් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් උපයා ගත් දෙයක්.ඒ උත්සාහයෙන් ඔහු අර මඩ වගුර ගොඩ කරන්නට කටයුතු කළා.ඉන්පසු ඔහු එය බුදු මැදුර කරවන්නට කටයුතු කරා.

“මෙතැන සල් ගහක් හිටවන්න ඕනෑ.”

එය ඔහුගේ අනිත් සිහිනයක් වූවා.නමුත් අපිට සොයා ගන්නට හැකි වූයේ බෝ පැළයක් පමණයි.සල් ගහක් සොයා ගන්නට හැකි වූයේ නෑ.

ඒ බුදුමැදුර වෙනුවෙන් ඔහු පුදුම වෙහෙසකින් සහ සතුටකින් කටයුතු කළා.අනුරාධපුර පොලොන්නරුව ට පවා බුදු මැදුර  වෙනුවෙන් බුදු පිළිමයක් සොයන්නට ඔහු මාත් සමඟ ගියා.අභය මුද්‍රාව සහිත බුදු පිළිමයක් මේ වෙනුවෙන් සොයා ගන්නට ඔහු කටයුතු කළා.පිලිමය වඩා හිඳුවන කොන්ක්‍රීට් ලෑල්ල දමන්නට ඔන්න මෙන්න තබා තමයි ඔහුට උසස් වීම ලැබුණේ.ඒ ඉතා ඉහළ නිලයක් වෙනුවෙන්.මඩු පල්ලියේ භාරකාරත්වය පවා පැවරෙන්නේ ඔහුට.එවැනි උසස් නිලයකට ඔහුට සුදුසුකම ලැබෙන්නට ඇත්තේ ඔහු සතු හැකියාව නිසාමයි.ඕනෑම රාජකාරියක් නිවැරදිව ඉටු කරන්නට සමත් අපූරු මිනිසෙක්.

ඒත් මේ නව නිලය පැවරී සතියක කාලයක් ගත වෙන තුරුම සුධාරක වැඩ භාර ගත්තේ නෑ.ඒ අපූරු හේතුවකට.ඒ හේතුවට ද හේතු වන්නට ඇත්තේ ඔහුගේ අප්‍රමාණ මනුෂ්‍යත්වයයි.

ඒ හේතුව ගැන හෙට ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles