(අ)හිමි සිහින -134

“කොහෙද සර් ගියේ?”

මම එහෙම ඇහුවේ තිගැස්මෙන් ම නෙමෙයි.රැකියාවේ ස්වභාවය වගේම සුධාරකගේ ස්වභාවය අනුව වුණත් හිටිහැටියේ අතුරුදහන් වීම ගැන මට ලොකු බයක් දැනුණේ නැහැ.ඒත් සොබාදහම මට කියන්න උත්සාහ කරමින් හිටපු  මොකක්දෝ දෙයක් නිසා මගේ හිසට අමුතු බරක් දැනෙන බව මට දැනෙමින් තිබුණා.

“මැඩම්,සර්ට හදිසියේ අසනීප වුණා.අපි සර්ව මන්නාරම හොස්පිටල් එකට ගෙනාවා.”

ඔහු එහෙම කිව්වේ හරියට සුදාරක ට උණක් හෙම්බිරිස්සාවක් හැදුණු ගානට.මාව බියට පත් නොකර එසේ පැවසුවත් ඒ වෙනකොට ඔවුන් හැම කෙනෙක්ම එක් සත්‍යයක් විශ්වාස කර තිබුණා.

ඒ මගේ සුධාරක ජීවිතය අතැර ගොස් ඇති බව!!

මේ දිනවල සමාජජාලාවල දකින බොහෝ ජනප්‍රිය සිදුවීම් දෙකකදීම මා අතීතයට විසි වී යන්නේ මට ද සිතා ගත නොහැකි වේගයකින්.තමන් බොහෝ ආදරය කරන ගෞරව කරන ජේෂ්ඨ නිලධාරියා දැඩි අසාධ්‍ය මට්ටමකින් රෝහල් සයනයක සිටීම සුධාරකගේ කණිෂ්ට සෙබළුන්ට දරා ගන්නට අපහසු වන්නට ඇති.නමුත් ඔවුන් ඒ රෝහලට කිලෝමීටර් සිය ගණනක් දුරින් සිටි මා කලබලයට පත් නොකර කුඩා අනතුරක් සිදුවී ඇති බවක් හැඟවූවා.

මළ කඳක් සේ රෝහලට රැගෙන ගිය සුධාරකට හැකි සියලු ප්‍රතිකාර කරමින් මන්නාරම රෝහල් වෛද්‍ය කණ්ඩායම ඒ මොහොතේ ඉතා කාර්යබහුල වී සිටියා.ඔවුන්ගේ දැඩි පරිශ්‍රමය නිසා හදිසි හෘදයාබාධ තත්ත්වයන්ට දෙන සියලු ප්‍රතිකාර ලබාදී( Electric shots)

ඔහු මිය නොගිය බව තහවුරු කරගන්නට රෝහල් වෛද්‍ය කණ්ඩායම් සමත් වුණා.නමුත් මොළයට රුධිරය ගමන් කිරීම නැවතීම නිසා ඔහුට සිහි ගන්වන්නට හැකිව තිබුණේ නෑ.

ඒ වෛද්‍ය කාරණා සම්බන්ධයෙන් බොහෝ විස්තර සහිතව ලියන්නට මට වෛද්‍ය දැනුමක් ඇත්තේ නැහැ.නමුත් අප කවුරුත් දන්නා සිංහලෙන් සුධාරකගේ තත්ත්වය ගැන ලිව්වොත් ඔහු “එලොව ගිහින් මෙලොව පැමිණ” තිබූ බව පැහැදිලි සත්‍යයක්.එහෙත් ඒ වෙලාවේ වෛද්‍ය කණ්ඩායම් දැඩි ලෙස උත්සාහ දරමින් සිටියේ මෙලොවට ගෙන ආ පණ රඳවා තබා ගන්නටයි.ජීවිතය බේරා ගත්තත් ඔහු සදාකාලික කෝමා තත්ත්වයකට පත් වෙතැයි වෛද්‍ය කණ්ඩායම් ඒ මොහොතේ විශ්වාස කර තිබුණා.

ඒ ආරංචිය ලැබුණ වහා මට ඔහු වෙතට ඉගිලී යන්නට තරම් උවමනාවක් ඇති වුණා.සුළු හෘදයාබාධයකින් ඔහු රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබන බව කිව්වත් කුමක් හෝ විශාල අනතුරක් අනතුරක් සිදුව ඇති බව මට දිගින් දිගටම සිතෙන්නට වුණා.නමුත් මට ඒ මොහොතේම එතැනට යන්නට හැකියාවක් වූයේ නෑ.සුධාරකට මේ මොහොතේ මා තදින් උවමනා බව දැනෙද්දී පවා මට එතැනට යන්නට නොහැකි බව තේරුම් ගැනීමම මට මහත් මරණීය වේදනාවක් වුණා.ඒ මොහොතේ ඔහුගේ තත්ත්වය බරපතල නැති බව විශ්වාස කරමින් වුවත් මට ඔහු දකින්නට පුදුමාකාර උවමනාවක් වූ බව පැහැදිලි ඇත්තක්.

නමුත් මම ඒ මොහොතේ ඔහු වෙත ගියේ නෑ.

මහා සංසාරික ප්‍රේමයක් වූවානම් මේ මොහොතේ ඔහු තනි කරන්නට මා හිත හදා ගත්තේ කොහොමදැයි ඔබ මගෙන් අසන බව මම දන්නවා.ඔව්! එයට හේතුවක් තිබුණා.මා අතිශය පිඩාවක් පත් කරන හේතුවක් ඒ මොහොතේ මා රිදවමින් පාරමින් තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content