සැප්තැම්බර් මස සිට ඔබට බලපාන පොලිතීන් නීතිය ගැන ඔබ දැනුවත්ද?

අපේ රටේ බරපතළම පාරිසරික ගැටලුවක් වන තුනී පොලිතින්  භාවිතය සැප්තැම්බර් මස පළමුවනදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ඔබ දන්නවා. මෙම තහනමට හේතුව, විසඳුම් සහ නීති ආදිය පිළිබඳව  දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත්.

මේ වන විටඅපේ රටේ දිනකට ලන්ච් ෂීට් ලක්ෂ 200ක් පමණ පාවිච්චි කරනවා. මේ සියල්ලම පරිසරයට මුදා හැරෙක අතර මින් පරිසරය විනාශ වෙනවා. ඩෙංගු වසංගතය ඇතුළු රෝග රැසක් ව්‍යාප්ත වීම සහ ගංවතුර,කුණු කඳු ගොඩගැසීමටත් පොලිතින්, ප්ලාස්ටික් ප්‍රධාන හේතුවක් වනවා.

මේ හෙයින් ලන්ච්ෂීට් ආනයනය, නිෂ්පාදනය, විකිණීම, භාවිතය සිලි සිලි බෑග් ඇතුළු වැඩි ඝනත්වයෙන් යුත් පොලිතින් බෑග් නිපදවීම, විකිණීම හා භාවිතය සැප්තැම්බර් සිට සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත. ලන්ච් ෂීට් නිපදවන විට සමහරුන් අළුහුණු වැනි දේවල් කොළය ඝනකම් වීමට එකතු කරනවා. මෙම කොළවල උණුසුම් ආහාර එතීම නිසා විවිධ අසාත්මිකතා හා ලෙඩ රෝග ඇති විය හැක. ලන්ච් ෂීට් තහනම් කරන්න මෙය ප්‍රධාන හේතුවක්. මෙම වැඩපිළිවෙළ යටතේ පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීමත් සපුරා තහනම් කෙරනවා.

රෙජිෆෝම් ආහාර සැකසුම් පෙට්ටි පිඟන් කෝප්ප සහ හැඳි ආනයනය නිෂ්පාදනය, විකිණීම හා භාවිතය ද තහනම් කෙරනවා. මේ අනුව සියලුම සැකසුම් කළ හා පිසූ ආහාර වර්ග විකිණීමේදි පිටරටට බහාලීම් හා ඇසුරුම් සඳහා පොලිතින් පාවිච්චි කිරීමත් තහනමට ලක්කර තිබෙනවා. රෙජිෆෝම් කෑම පෙට්ටි පරිසර දූෂණයට පොලිතින් තරම් බලපාන්නේ නැති  නමුත් එම පෙට්ටිවල දමන ලද ආහාර අනුභව කිරීම සෞඛ්‍යයට තර්ජනයක් බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සමඟම පිසූ ආහාර පොලිතින් කවරවල දැමීමත්  තහනම් කර තිබෙනවා. පිසූ රත්වූ ආහාර පොලිතින් බෑග්වල දැමූ විට ඉන් ශරීරගතවන අපද්‍රව්‍ය හා විෂබීජ ප්‍රමාණය වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

පරිසර හිතකාමී ලෙස විවිධ කොළ වර්ග මඟින් කෑම එතීමට පුරුදුවීම සහ වසර ගණනක් පවා භාවිතා කළ හැකි සෞඛ්‍යාරක්ෂිත අහාර බහාලුම් මෙම ගැටලුවට හොඳම පිළියමකි. කෙසෙල් කොළ, කැන්දකොළ ආදිය වේලා හොඳින් සකස් කර  දින කිහිපයක් කෑම එතීම සඳහා පාවිච්චි කළ හැකි අයුරු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් තොරතුරු ලබාගත හැකියි. එසේම විවිධ නව නිපැයුම් භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවලදි දෙන පොලිතින් ඇසුරුම් වෙනුවට කඩදාසි, පන් හා රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් යොදා ගත හැකියි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ පොලිතින් වලින් සැරසිලි කරන්නටත් බැහැ. ඒ වෙනුවට සව් කොළ රෙදි හෝ දිරන පොලිතින් යොදාගත හැකියි. සැප්තැම්බර් 01 වැනිදාට පසුවත් මේ නීතිරීති අනුගමනය නොකරන ස්ථාන හා පුද්ගලයන් වැරැදිකරුවන් බවට පත්වුව හොත්ජාතික පාරිසරික පනත යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබේ.

නීතිමය ක්‍රියාමාර්ග කෙසේ වූවත් පරිසරයට ආදරය කරන්නන් ලෙස පොලිතීන් භාවිතයෙන් වැළකුණහොත් රටටත් ලොවටත් කෙතරම් වැඩ දායකද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles