මැණික් ගැන මේ දේවල් ඔබ දන්නවාද?

වර්තමාන සමාජයේ දිනෙන් දින ජනපි‍්‍රයත්වයෙන් ඉහළ යමින් ආභරණ විස්මිත පෙරැලියක් සිදුකර තිබේ. එසේම රන්, රිදී ලෝහ වලින් තැනෙන ආභරණ වඩාත් අලංකාර කිරීම සඳහා මැණික් නැතිවම බැරිය. කාන්තා රුව වඩාත් ආකර්ශනීයත්වයට පත්කරන මැණික් ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

ලෝකයේ වැඩිම මැණික් නිධි ඝනත්වය සතුව ඇති ශ්‍රී ලංකාව දැනට ලෝකයේ හඳුනාගෙන ඇති අතර ලංකාවේ මැණික් වර්ග 200ක පමණ ප්‍රමාණයෙන් මැණික් වර්ග 70කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා නිල් මැණික් එහි ඇති විශිෂ්ඨ ගුණාත්මක භාවය සහ විශාලත්වය මත ලෝකයටම කීර්තිමත්ය.  ශ්‍රී ලංකාවේ නිල් මැණික් විශිෂ්ඨ ගුණාත්මක බවින් යුත් විනිවිද පෙනෙන සුළු වු ඉතා ප්‍රසන්න භාවයෙන් යුතු වේ.

නිල් වර්ණයෙහි තිබිය හැකි ලා පැහැයෙහි සිට අඳුරුතම පැහැය දක්වා වු වර්ණ පරාසයතුල ශ්‍රී ලංකාවේ නිල් මැණික් දැක ගත හැක

රතුපාටින් යුත් මැණික් විශේෂය (Ruby) රතුකැට ලෙස හදුන්වනු ලැබේ. බොහෝ ශ්‍රී ලාංකි රතුකැට ක වර්ගයන් රෝස පැහැති රතු හා දම් පැහැයට හුරු බවක් දර්ශනය වේ. මෙම දම්පැහැයට හුරු අනුවර්ණක සංයුතිය තුල ක්රෝමියම් ඔක්සයිඩ් මෙන්ම යකඩ වලද ආරෝපනයක් වේ. එවැනි ගල් තාප පිරියම් කිරීම මගින් දම් පැහැය අවම කර එහි ඇති මුලික වර්ණය වන තද රතු පැහැය වඩා හොඳින් ඉස්මතු කර ගත හැක.

Padparadscha යනු ඉතා ආකර්ෂණී හා දුර්ලභ වන සුවිශේෂී වර්ණ එකතුවක් වී ඇති මැණික් විශේෂයක්. හිරු බැසයන අවස්ථාවේදී නිවර්තන අහස හරහා දක්නට ලැබෙන සුන්දර වර්ණයක් දැකිය හැක. Padparadscha හී වර්ණයන් රෝස සහ තැඹිලිවර්ණවල සම්මිශ්‍රණයක් වේ.

Yellow-Sapphire හෙවත් පුෂ්පරාග මැණික්වල වර්ණය ලා කහ පැහැයේ සිට තද කහ පැහැය දක්වා වර්ණ පරාසයක් තුල පවතින අකර තැඹිලි පැහැ අනුවර්ණකද ඇතැම් විට දක්නට ලැබේ. මෙම කහ පැහැති මැණික් බලංගොඩ – අලුත්නුවර වැනි පිළිගත් ප්‍රදේශවල බහුලව දක්නටලැබේ.

තරිප්පු මැණික් ඉතාමත් පිරිසිදු තත්ත්වයේදී වර්ණ රහිත (Goshenite) ය. මෙයට අමතර ළා කොල, කොළ, ලාරෝස සහ ලා කහ පැහැයන්ගෙන් මද වශයෙන් පැහැ ගැන්වු මැණික් ගල් ද වේ. තෘණ කොල, නිල්කොල, කහ පැහැති කොල, කහ, රෝස සහ රෝස පැහැති රතු යන විවිධ වර්ණ වලින් ද තරිප්පුද හමුවේ. ඒ අනුව විවිධ වර්ග වලින් හදුනාගෙන ඇත. මේවා මරකත, පච්චපඩියම්, රන්වන් තරිප්පු (heliodor), රෝස පැහැති තරිප්පු ආදී නම් වලින් හැඳින්වේ.

නිසි ලෙස ඔප දැමූ නියම මැණික් පැළඳීමෙන් ලැබෙන්නේ වැඩි අලංකාරයක්. එසේමපෙළොවෙන් ලැබෙන පාෂාණයක් නිසා මැණික් වලට ග‍්‍රහ අපල දුරු කිරීමේ හැකියාවක් ඇති බව බොහෝ දෙනකු ගේ අදහසයි. ඒ ඒ අපල වලට උචිත මැණික් වර්ග මොනවාද යන්න ඡ්‍යොතිෂයට අනුව දැනගත හැකිය නමුත් මෙම මැණික් ගල් තෝරා ගැනීම අද ගැටලුවක්ව පවතින අතර බොහෝ දෙනකු මැණික් ලෙස ව්‍යාජ ගල්වලට රැවටෙනු දැකිය හැකියි.

මෙවැනි හේතු නිසා නිවැරදි. මැණික් හා ස්වර්ණාභරණ  තෝරා  ගැනීම කාන්තාවන්ට අද විශාල ගැටලුවක් බවට පත්ව ඇත.  මෙහිදී උසස් තාක්‍ෂණ සහ ව්‍යවසාය සංවර්ධන කටයුතු අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මැණික් හා ස්වර්ණාභරන අධිකාරියට මඟින් අවශ්‍ය සහාය ලබා ගැනීමෙන් හිතේ සැකයක් නොමැතිව මැණික් පළඳින්නට ඔබටත් පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles