සුවබර දිවියට විනකරන ආතතියට සමුදෙමු

පුද්ගලික සම්බන්ධතා, රැකියාව, පවුලේ ප්‍රශ්න, අධ්‍යාපනය ආදී විවිධ හේතු නිසාවෙන් ඔබ ආතතියෙන් පෙළෙනවාද? ගැටලුව කුමක් වුවත්, ඔබට පහසුවෙන් ඔබේ ආතතිය අවම කර ගැනීමට හැකියාව ඇත.  මේ ඒ සඳහා ඔබට ගතහැකි කුඩා පියවර කිහිපයක්-

නිල් වර්ණය ආතතිය අවම කරයි. එදිනදා දෑ සඳහා ඔබට නිල් පැහැය එක්කර ගත හැක. ආතතිය සඳහා චුයින්ගම් හොඳ බෙහෙතකි. නමුත් එහි අඩංගු අධික සීනි ප්‍රමාණය හා රසකාරක ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතය, ඔබේ ශරීරයට සුදුසු නැත. එසේම ඔබ ශරීරයට ලබා ගන්නා කැෆෙන් ප්‍රමාණය අවම කර ගැනීමට වගබලා ගතයුතු ය. තේ, කෝපි හා ශක්තිජනක පානවලින් ඔබේ සිරුරට ලබා ගන්නා කැෆෙන් ප්‍රමාණය අධික වීම, ආතතියට හේතු විය හැක.

ආතතිය දුරලන්න, යෝග අභ්‍යාස හෝ ව්‍යායාමවල යෙදීම වඩාත් යෝග්‍ය වේ. සිත නොසන්සුන් වූ විට, ගැඹුරු හුස්මක් ගෙන පිට කිරීම වැනි relaxing exercise වල යෙදිම අත්‍යවශ්‍ය ය.  ඔබේ නිවාස, ඔබේ කාර්යාලය, වාහන වැනි ස්ථාන සුවඳවත්ව, පිරිසුදුව තබා ගැනීමටත් ක්‍රියා කළ යුතු ය. සුවඳවත් ඉටිපන්දම් දල්වා, එහි දැල්ල දෙස මද වේලාවක් බලා සිටීම, ආතතිය අවම කර ගැනීමට පුරුදු පුහුණු කළ හැකි හොඳ අභ්‍යාසයකි. ලවෙන්ඩර් සුවඳ විශේෂයෙන්ම ආතතිය අවම කිරීමට උපකාරී වේ.

සිනහ මුසු මුහුණින් යුතුව නිතරම කටයුතු කිරීම අත්‍යවශ්‍ය ම දෙයකි. සුරතලුන් සමඟ මෙන්ම සොබාදහම සමගත් කාලය ගත කිරීමට ඔබ අමතක නොකළ යුතු ය. ඔබේ විශ්වාසවන්ත සමීපතමයන්ට වුණත් පවසන්න බැරි විය හැකි දෑ ඔබට හැඟෙන දේ සිත සැහැල්ලු කර ගැනීමට ලියා තබන්නට පුරුදු වියහැක.

ඔබ දැඩි ආතතියෙන් පෙළෙන්නේ නම්, නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසුවේ. මේ අන්දමින් දැනුවත්ව කටයුතු කළහොත්, ඔබට ආතතිය මඟහරවාගෙන සතුටින් නීරෝගීව ජීවත් විය හැකි ය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles