මවක්වන්න ඉන්න ඔබට ගැලපෙන Maternity fashion

ලෝකයේ ඕනෑම කාන්තාවක් ලස්සනට අඳින්න කැමතියි. ගර්භණී සමයේදී වූවත් ලස්සනට ඉන්නට කාන්තාවන් කැමතියි. බියොන්සේ, කේට් වින්ස්ලට්, කිම් කාර්ඩෑෂියන්, කරීනා කපූර් වගේම කේට් කුමරියගේද සුන්දර ගර්භනී විලාසිතාවන් පසුගිය කාලයේ දී ඉතාමත් ජනප්‍රිය වුණි.

නමුත් ගර්භණී සමයේදි ලාංකීක කාන්තාවන් හුඟාක් තමන්ගේ පෙනුම ගැන නොසැලකිලිමත් වෙනවා. බොහෝ විට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතු සඳහාද දක්වන්නේ මද උනන්දුවක්. ගර්භනී බවේ ලක්ෂණත් සමඟ බොහෝ වෙලාවට කාන්තාවන්ගේ පෙනුම බෙහෙවින් වෙනස් වෙනවා. නමුත් සෑමවිටම තම දරුවාට දක්වන සැලකිල්ල තරමට නැතත් අනික් අයට ප්‍රියමනාපව ඉන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. දරුවෙක් ලැබුණු පමණින් වයසට වඩා වැඩි පෙණුමක් බලෙන් ලබා ගන්නට අවශ්‍ය නැහැ. අන් අයට කෙසේ වූවත් තම ස්වාමිපුරුෂයා සහ දරුවන්ට ප්‍රියමනාප වන ලෙස සිටීමට හැකිනම් හොඳයි. ස්වාමිපුරුෂයා සහ දරුවන් අනිවාර්යයෙන්ම කැමතියි අම්මා හුඟාක් ලස්සනට සිටිනවාට. මෙයින් ඔබේ සිතට ද සැනසිල්ලක් දැනෙනවා.

මෙම අවධියේ දී ඇඟට ඉතාමත් තද වූ ඇඳුම් ඇඳීම කොහොමටත් සුදුසුවන්නේ නැහැ. එසේ වූවත් පරණ විදිහට හවුස් කෝට් වැනි හැඩයක් නැති ගෙදරට අඳින ආකාරයේ ඇඳුම් අඳින්නට අවශ්‍යතාවයක් නැහැ. ඇඟට අපහසු නැති සරල නමුත් සංවර, සරළ අලංකාර ඇඳුම් ඕනෙ තරම් අඩු මිලට දැන් වෙලළදපලේ තිබෙනවා .

විලාසිතා කෙතරම් හොඳ වුණත් තමාට හෝ දරුවාට අනතුරක් වන ආකාරයේ විලාසිතාවලින් වැළකිම නම් අත්‍යාවශයයි. අඩි උස සපත්තු, ලිස්සන සුළු අඩි ඇති සපත්තු, පෑගෙන්නට හැකි දිගු ඇඳුම් ආදිය, ඇඟට හිර ඩෙනිම් මෙම ගණයට අයත් වනවා.

මේ කාලයට තරමක් මහත් වීම වළක් වන්න නම් බැහැ කැමති නමි නිසි වෛද්‍ය මගපෙන්වීම මත ගැලපෙන සරළ ව්‍යායාමයක් හෝ සරළ යෝගා වැනි ව්‍යායාමයක් දෙයක් කරොත්. එවිට  කකුල් ඉදිමුම වැනි ප්‍රශ්න වලින් මිදෙන්නට හැකියි.

Maternity fashion ලෝකය පුරා ප්‍රචලිත නමුත් ලංකාවට තවමත් මෙය තරමක අලුත් දෙයක්. අලුත් කියා බැහැර කරන්නේ නැතිව තමන්ට ගැලපෙන, මාතෘතවයට ගැලපෙන විලාසිතා තෝරා ගැනීම උචිත නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles