බ්ලීචින් පාවිච්චියට පෙර අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙන්න

ලලනාවන්  සෑම විටම තම රුව දැකුම්කළුව තබා ගැනීමට නිතරම උත්සාහ කරති . මෙහිදී ඡවි කළ්‍යාණය රැකගන්නට බොහෝ වෙර දරයි. ලංකාවේ කාන්තාවන් තම සම සුදු පැහැ ගන්වනට වෙසෙසින් වෙර දරයි. වර්තමානයේ බොහෝ දෙනා මේ සඳහා වෙළඳපොළේ ඇති නොයෙකුත් bleaching ක්‍රීම් වර්ග භාවිතා කිරීමට නැඹුරුව ඇත. නමුත් මෙම ක්‍රීම් වල ප්‍රමිතීන් ගැන නිවැරැදි දැනුමක් බොහෝ දෙනාට නොමැත. සම bleach කිරීම නැතහොත් විරංජනය කිරීම, සම කෘතිමව සුදු කිරීම පිළිබඳව  නිසි දැනුමක් තිබීම වැදගත්.

Skin bleaching යනු යම් යම් රසායනික ද්‍රව්‍ය වල යෙදීම් හා පරිහරණය මගින් සම පැහැපත් කිරීම හෝ සමේ වර්ණයට බලපාන (melanin) මෙලනින් නම් වර්ණකයේ සාන්ද්‍රතාවය අවම කර සමේ පැහැය තීව්‍ර කිරීමයි. මෙලනින් තිබීම මගින් අපට බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට එය ආවරණයක් ලෙස භාවිතා වේ. විශේෂයෙන්ම සමේ පිළිකා වැනි තත්ත්ව මඟහැරීමට මෙලනින් වලින් විශේෂිත කාර්යයක් සිදුවේ.

බ්ලීච් කිරීම සඳහා නොයෙකුත් ක්‍රීම් වර්ග වෙළඳ පොළේ අලෙවි වෙමින් පවතී. ඒවා නිෂ්පාදනය කිරීමේදී අමුද්‍රව්‍ය ලෙස විවිධ විරංජනකාරක ද්‍රව්‍ය, විවිධ රසායනිකයන් භාවිතා කරයි. මෙහිදී රසදිය, හයිඩ්‍රොක්විනොන්, ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ්, විවිධ අම්ල වර්ග බෙහෙවින් භාවිතා වේ. මෙම බොහෝ රසායනිකයන් ශරීරයට උග්‍ර විෂ සහිත වේ.

රසායනික සංයෝගයන් ප්‍රමිතියට අනුව තිබිය යුතු සාන්ද්‍රණයට වඩා වැඩි සාන්ද්‍රණවලින් ඇති බ්ලීචින් ක්‍රීම් වර්ග භාවිතා කිරීමෙන් සමේ ආසාත්මිකතා ඇතිවිය හැක. රසදිය ශරීරයට විෂ සහිත ද්‍රව්‍යයක් වන අතර රසදිය ශරීරගතවීම නිසා වකුගඩු අක්‍රීය වීම්, අක්මාවට හානි වීම් වැනි තත්ත්වයන් මතු විය හැක. ගර්භනී නම් හෝ කිරිදෙන මවක් නම් බ්ලීචින් කිරීමෙන් වැළකීම අනිවාර්ය වේ. මන්ද එම රසායනිකයන් බිලිඳාට ගමන් කිරීම තුළින් බිලිඳා තුළ සෞඛ්‍ය ගැටලු රාශියක් පැන නගින හෙයිනි.

ඉක්මනට සුදුවන නිසා සම පැහැපත් වන නිසා බොහෝ දෙනා කිසිඳු පැකිලීමකින් තොරව මෙම විරංජනය කිරීම සඳහා පෙළඹී ඇත. දැනුමැති තැනකින් අසා ප්‍රමිතියකට ඇති බ්ලීචිං ක්‍රීම් වර්ග පමණක් පරිහරණය කරන්නට වගබලා ගත යුතු වේ. නමුත් මෙලෙස බ්ලීච් කිරීම කෙතරම් දුරකට ස්‍යෙඛ්‍ය  ආරක්ෂිත ද යන්න  විශාල ගැටලුවකි.  පැහැපත් වන්නට අවශ්‍ය නම් ස්වාභාවික ද්‍රව්‍යම භාවිතා කිරීමට සෑම විටම උත්සාහ කරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles