පිරිසිදු මී පැණි අඳුරගන්න දන්නවාද?

පිරිසිදු මී පැණි ඉහළ වටිනාකමින් යුතු ඉතාමත් ගුණ සම්පන්න ද ඖෂධයකි. මී මැස්සන් විසින් සකසනු ලැබු මී වද වලින් ගන්නා රතුවන් දුඹුරු පැහැයක් ගන්නා ඖෂධ ගුණයෙන් පිරිපුන් මී පැණි නිසි ලෙස ප්‍රයෝජනයට ගැනිමට නම් පිරිසිදු මී පැණි නිසි ලෙස හදුනාගෙන වෙළදපොලෙන් මිලදී ගත යුතු වේ. පිරිසිදු මී පැණි හදුනාගන්නට ඒ පිළිබඳව නිසි අවබෝධක් තිබීම ඉතාමත් වැදගත්.

පිරිසිදු මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණ:

  • හොද මී පැණි පිරිසිදු ජලය විදුරුවකට දැමූ විට කෙලින්ම පහලට ගමන් කරන අතර ස්වල්ප වේලාවකින් දිය විම ඇරඹේ.
  • පිරිසිදු මී පැණි ගිනිකූරක බෙහෙත් තුඩ මී පැණියෙන් තෙමා ගැසූ විට ක්ෂණිකව දැල්වේ.  එසේම හොද මී පැණි ගින්නට දැමූ විට ශබ්දයක් නොනගාම ඉතා ඉක්මනින් දැවී යයි.
  • කෑමට ගන්නා හුණු අල්ලේ තවරා ඒ මත පිරිසිදු මී පැණි ආලේප කර ඒ දෙක හොදින් කලවම් කල විට අතට මද රස්නයක් දැනේ.
  • පිරිසිදු මී පැණි කඩදාසියක් මතට දැමුවිට කඩදාසියට උරා ගැනීමක් සිදු නොවේ.
  • අමිශ්‍ර පිරිසිදු මි පැණි භාජනයක දමා හොදින් කට වසා සීල් කර තැබිය හැක. උතුරන්නේ නැත.
  • පිරිසිදු මී පැණි සාමාන්‍යයෙන් කවලම් කල මී පැණි වලට වඩා බර වැඩිය.
  • දෙහි යුෂ, කන හුණු සහ මී පැණි මිශ්‍රකර තැටියක දමා ලිපේ තබා රත් කරමින් කූරු ගාන විට හොද මී පැණි දියරයක් සාදයි. සීනී හෝ වෙනත් පැණි වර්ග මිශ්‍ර කර ඇත්නම් මිශ්‍රනය ඝන තත්ත්වයට පත්වේ.
  • අර්ධ වශයෙන් විනිවිද පෙනෙන මිහිරි/මධුර රසැති මී පැණි හොදය.
  • ආවේනික රසක් සහ සුවදක් හොද මී පැණි වලට ඇත.

පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව ද පිළිගැනේ . ආයුර්වේද ඖෂධ  වර්ග සඳහා හෝ ලෙඩ රෝග සුව කිරීමට හෝ ස්ථුල තාව මට්ටු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පිරිසිදු මී පැණි භාවිතයෙන් වඩාත් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles