රහසින් තවත් කාන්තාවක් ඇසුරු කළ සැමියාට වසර ගණනාවක් රැවටුනු බිරිඳක්

අසේලට ඉරේෂාව මුණ ගැසෙන්නේ ඉරේෂා පාසල් යන කාලයේදීමයි.ඒ කාලේ අසේලට හරිහමන් රැකියාවක් තිබුණේ ද නැහැ.නමුත් ආදරයට කිසිම හේතු සාධකයක් අදාල නොවන බව තහවුරු කරමින් ඉරේෂා ඒ ආදරය දිගින් දිගටම පවත්වාගෙන යනවා.ඇගේ පාසලෙන්ද දෙමාපියන්ගෙන් ද ආදර සම්බන්ධතාවයට දැඩි ලෙස බාධා එල්ල වුණත් ඔවුන් එය කිසිම ලෙසකින් නවත්වන්නේ නැහැ.

“අපි පැනල යං?”

පියා ද අහිමි ඉරේෂා ඒ කතාව පිළිගත්තෙ දෙවරක් නොසිතා.ඇය ඉතා දුරබැහැර පිහිටි අසේලගේ නිවසට ඔහු සමග ගියේ ඇගේ මුළු අනාගතයම ඔහු අත තබමින්.හෘද රෝගයක් ද සහිත අම්මා මේ කසාදය නිසා දැඩිව දැඩිව වේදනාවට පත් වීම නිසා ඉරේෂාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ඇය අමතා තර්ජනය කළා.

“අම්ම මරාගන්න වැඩ කරපු උඹත් එක්ක ආයෙ අපේ කිසිම සම්බන්ධයක් නෑ.ආයේ අපිට කතා කරන්නත් එපා”

හරි හැටි රැකියාවක් නොමැතිව බිරිඳක් නඩත්තු කළ නොහැකි නිසා අසේල කොළඹ රැකියාවකට යොමු වීමට සිතා ගත්තා.ඒ වෙද්දී ඔහුට පාසල් යන වයසේ තවත් සහෝදරයෙකු වූ අතර ඔහුගේ අම්මා සහ තාත්තා ද රැකියාවන් කළේ නැහැ.වත්තේ ඇති දේවල් වලින් ලබා ගන්නා ලබාගන්නා ආදායමෙන් ඔවුන් ජීවත් වුනත් අසේල පවුලක් නඩත්තු කිරීමේ හැකියාව ඒවායෙන් ලැබුණේ නැහැ.

“මම මේ රස්සාවට යන්නෙ අපි දෙන්න ගැන හිතලා.”

අසේල රැකියාවට ගියේ එසේ කියමින්.ඔහු රැකියාව කර මුදල් උපයන්නට පටන් ගත් පසු ඉරේෂා අගහිඟයක් නැති ජීවිතයක් ආරම්භ කළා.ඇගේ අම්මා සහ අයියලා ඇයව පිළි නොගත්තත් අසේලගේ අම්මා ඇයට ආදරය කළා.විවාහයෙන් වසර කිහිපයක් ගත වන තුරුම ඉරේශා ගැබ් නො ගත්තත් එය අසේලගේ අම්මට ගැටලුවක් වුයේත් නැහැ.

“කසාද බඳින කොටත් ඒ ළමයට අවුරුදු 18”

ඒ ගැන විමසන ඕනෑම කෙනෙකුට අසේලගේ අම්මා එසේ පැවසුවා.නමුත් විවාහයෙන් වසර හත අටක් ගෙවී යන විට වෛද්‍ය තාක්ෂණයේ උදව් ලබාගෙන දරුවකු ලබා ගන්නට ඔවුන් තීරණය කළා.IUI තාක්ෂණය ඔස්සේ දරුවකු ලබා ගැනීමට තරම් මුදලක් ඒ වෙද්දි අසේල සතු වුණා.කුඩා පුතෙකුගේ අම්මා සහ තාත්තා වූ පසු ජීවිතය සර්වසම්පූර්ණ වූ බව ඉරේශා ට සිතෙන්නට ගත්තා.

දරුවා ලැබුණු පසු අසේල දරුවාව දකින්නට ආවේ සතියකට පසුවයි.දරුවා ලැබී ඉරේෂාව නිවසට ඇරලවා එදින රාත්‍රියේම කොළඹ ගිය ඔහු නැවත පැමිණියේ සතියකට පසු බව ඉරේශා විශාල වශයෙන් හිතට ගත්තේ නැහැ.ඇයට තමන්ගේ අම්මා මෙන් නැන්දම්මා සිටින නිසා කිසිම විටක ඒවා ගැටලු වූයේ නැහැ.

පුතාගේ සෑම කටයුත්තකටම ඉරේශාට අසේලගේ අම්මා උදව් කළා.ඒ නිසා ඔහු රැකියාවට ගොස් සති දෙක තුන නිවසට නොපැමිණීම ඉරේෂාට ගැටලුවක් වූයේ නැහැ.ඇය නැන්දම්මා සහ මාමා සමග සතුටින් ජීවත් වුණා.දැන් ඇගේ විවාහයට වසර දහයක් පමණ ගෙවී ඇති නිසා ඉදහිට ඔවුන් දකින්නට ඇගේ අම්මා සහ අයියලා පැමිණියත් ඔවුන් අතර සම්බන්ධය සැබෑවටම ලඟ එකක් වූයේත් නැහැ.

අසේලගේ මල්ලි මේ වෙද්දි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හදාරන සිසුවෙක්.ඔහුගේ සම්පූර්ණ වියදම් ද අසේල පිට පැවරුණා.මුළු නිවසෙහි ම බර දරන්නට සිදු වුණත් ඔහු කිසිම විටෙක ඒ සම්බන්ධයෙන් අමනාප වූයේ නැහැ.ඇයට සිටින්නේ මේ ඥාතීන් පමණක් නිසා ඉරේශා ද කිසිම දිනක ඒවා ප්‍රශ්න කරන්නට උත්සාහ කළේ නැහැ.

“අපි හරි සතුටින් ජීවත් වුණේ.එයා අපිට හරිම ආදරෙයි ගෙදර ආවම අපිව කොහේ හරි එක්ක යනවා.කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ යාලුවොත් එක්ක සෙට් වෙන්නෙත් නෑ ට්‍රිප් එකක් යන්නෙත් අපි එක්ක විතරයි.”

ඉරේෂා ඕනෑම කෙනකු ගැන සැමියාව වර්ණනා කළා. සැබෑවටම ලාබාල වයසේදී විවාහ වී දරුවකු හදන්නට ද ප්‍රමාද වූවාට ඇයට විවාහ ජීවිතේ කිසිම ගැටලුවක් තිබුණේ නැති තරම්.ඔහුගේ සේවා ස්ථානයට වතාවක් දෙකක් ඉරේෂා ගොස් තිබුණා.නමුත් ඔහු නැවතී සිටින නවාතැනට ඇය ගොස් තිබුණේ නැහැ ඒ එහි ජීවත් වන්නේ පිරිමින් පමණක් වන නිසා.

කාලයත් සමග අසේල තමන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ලෝබ වන බව ඉරේෂා ට වැටහෙන්නට පටන් ගත්තා.

“ෆෝන් එකේ සල්ලි ඉවරයි”

වැනි සුළු ඉල්ලීම් කරත් සල්ලි කන්නට එපා යැයි ඉරේෂා ට තර්ජනය කරන අවස්ථා හිටිහැටියේ අසේල වෙතින් මතු වුණා.නමුත් ඒවා මල්ලි බොහෝ වියදම් කරන්නට සිදුවන නිසා ඇති ඇතිවන්නක් බව සිතූ ඉරේෂා ඉක්මනින්ම ඒවා අමතක කළා.

“ලැජ්ජ නැද්ද ඕයි අනුන්ගේ මිනිහෙක්ව තියාගෙන ඉන්නේ?”

එවැනි දුරකථන ඇමතුමක් ඉරේෂාට පැමිණෙන්නේ හිටිහැටියේ.පසු ඒ අංකයෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් පැමිණෙන අතර සමහර වෙලාවට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වැදී කෙටි පණිවිඩ පවා පැමිණෙනවා.

“මම අසේලත් එක්ක අවුරුදු තුනක් එක බෝඩිමක ජීවත් වෙනවා.එයා මගේ”

එයින් පසු ඔවුන් දෙදෙනාගේ අතිශය පෞද්ගලික තොරතුරු ඒ කාන්තාව හෙළි කරන්නට පටන් ගන්නවා.

“තමුන් ළමයෙක් නැතුව අසරණ වෙලා හිටපු එකියක්.තමුන්ගෙ මිනිහා පන්නපු නිසා තමුන් ඇවිල්ල නේද ගෙදර පදිංචි වුණා නේද? අසේල තමුන්ට කවුරුත් නැති වෙයි කියලා කසාද බැඳලා උදව්වක් විදියටයි මේ ළමයව හදලා දුන්නේ.iui වලින් ළමයෙක් හදන්න අතින්වත් අල්ලන්න ඕනෙ නෑ කියලා මම දන්නවා.”

සත්‍ය තොරතුරු වලට අසත්‍ය තොරතුරු මිශ්‍ර කරමින් පවතින මේ කතා සම්බන්ධයෙන් ඉරේෂා මහත් අපහසුතාවයකය පත්වෙනවා. නමුත් අසේල ඒවා ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා.ඒත් අර කාන්තාව දිගින් දිගටම අසේල සම්බන්ධ ඉතාම පෞද්ගලික තොරතුරු පවා නිවැරදිව පැවසීමට පටන් ගන්නවා.කාගේ හෝ කුමන්ත්‍රණයක් බව අසේල පවසන්නේ ඉතාමත් සැරෙන්.

එහෙත් ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.ඔහු ඉරේෂා කායික එක්වීම ප්‍රතික්ෂේප කරන අතර නිවසට පැමිණි සෑම අවස්ථාවක්ම දරුවා මැදින් තබා නිදා ගන්නවා.ඒ වගේම ඇයට මුදල් ලබාදෙන්නේ ලබා දෙන්නේ ඉතාමත් ස්වල්පවයි.අසන සෑම දෙයකටම සැරෙන් උත්තර දෙන අතර නිවස තුළ ගැටුම් ඇති කර ගැනීමට අකමැත්තෙන් ඉරේශා සෑම මොහොතකම නිශ්ශබ්ද වෙනවා.

කාන්තාව නිශ්ශබ්ද වුවත් වරින් වර ඇමතුම් දෙන නිසා ඉරේශා ගේ ඉවසීමේ සීමාව එක් දිනක් ඉක්ම යනවා.ඇය අසේලගේ මල්ලි වූ මහේල සමඟ සියල්ල පවසන්නේ ඉන්පසුවයි.විවෘත මනසක් ඇති තරුණයකු ඔහු ඉරේෂාව නීතිමය උපදෙස් උපදෙස් වෙත යොමු කරන්නේ ඉන් පසු.

පොලිස් පැමිණිල්ලක් යොදා අසේල සම්බන්ධයෙන් විභාගයක් කිරීමේදී ඔහු අර කාන්තාව සමග එකට ජීවත්වන බව හෙළිදරව් වනවා.ඇය කියන අන්දමට ඔවුන් විවාහක නෑ. එසේ ද්වි විවාහයක් කරගෙන තිබුණා නම් එය අපරාධමය වරදක් යටතට ගැනෙන්නට තිබුණා.නමුත් ඔවුන් එකට ජීවත් වනවා පමණයි.අනාචාරය යටතේ ඔහු වැරදිකරු කරමින් ඉරේෂා දික්කසාද නඩුවක් ගොනු කරනවා.කාන්තාවගේ තර්ජන සහිත දුරකතන ඇමතුම් ද කෙටි පණිවිඩ ද නීතිඥ උපදෙස් මත උසාවියට ඉදිරිපත් කිරීමට හැකිවීම නිසා සාක්ෂි බලවත් වනවා.

අසේල ජීවත්වෙන මහ ගෙදර අයත් වන්නේ මහේලටයි.ඔහු ඒ ඉඩමෙන් කොටසක් තෑගි ඔප්පුවකින් කුඩා පුතුට පවරන නිසා ඉරේෂාට යම් සහනයක් දැනෙනවා.දික්කසාදය ලබා ගැනීමෙන් පසුව ඉරේෂාට වන්දියක් ද පුතුට නඩත්තුද ගෙවීමට අසේලට උසාවියෙන් නියම වෙනවා.

මානුෂිකත්වය සියල්ලටම ඉහළින් සැලකූ අසේලගේ පවුලේ අය ඉරේෂා තනි කරන්නේ නැහැ.දික්කසාදය ලබා ගත්තත් ඇය තවමත් අසේලගේ ගෙදර රැඳී සිටින්නේ එය අයත් මල්ලිට වන නිසා.මේ වෙද්දි ඇය රැකියාවක නිරත වන අතර අසේලගේ අම්මා තාත්තා දරුවා බලා ගැනීමේ කටයුතුවල නිරත වෙනවා.අසේල ගෙන් කිසිම ආරංචියක් නැති බව පැවසෙනවා.

සැකයක් නොසලකා නො හැර ඒවා පසුපස හඹා යාමෙන් ඔබේ ජීවිතයේ ඔබ රැවටී ඇති තැන් දැන ගැනීමට උපකාරී වන්නට පුළුවන්.ඒ නිසා කිසිවක් ම පහසුවෙන් නොසලකා හරින්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles