මාරක ‘බ්ලූ වේල් ‘ ගෙන් ඔබේ දරුවා බේරා ගන්න

මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කර අවසානයේ සිය දිවි හානි කර ගැනීමට අනුබල දෙන ‘බ්ලූ වේල්’ (Blue whale) නමැති online ක්‍රීඩාව සහ ඉන් ඇතිවන ව්‍යවසන පිළිබඳව ඔබ දැනුවත් ද?

බ්ලූ වේල් ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ ව්‍යාකුල තත්ත්වයක් පවතින නමුත් හිතා මතාම වෙරළ වෙත පීනා ඇවිත් මරණයට පත් වන ඇතැම් නිල් තල්මසුන් හා සම්බන්ධ සංසිද්ධියක් යොදා ගනිමින් එය එසේ නම් කර ඇති බව විශ්වාස කෙරේ. මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන්ගෙන්බපටන් ගන්නා මෙම මාරක සෙල්ලම ක්‍රමයෙන් අභියෝගාත්මක වෙයි.  මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවේලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹෙන අතර ඉන් පසුව තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම ආදිය දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන වනුයේ 50 වන අභියෝගය වන සිය දිවි හානි කරගැනීමේ අභියෝගයෙනි.

2013 වසරේ රුසියාවේ ඇරඹුණා යැයි සැලකන මෙය විශ්ව විද්‍යාලයකින් නෙරපන ලද මනෝ විද්‍යාව හදෑරූ ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇති බවට විශ්වාස කෙරේ. අසල්වැසි ඉන්දියාව ද මේ වන විට මෙයට ගොදුරු වී ඇතැයි සැලකේ.

මෙවැනි අන්තර්ජාල ක්‍රියාකාරකම් වෙත නැඹුරු වන නව යෞවනයන් අවසානයේ මානසික සෞඛ්‍යය හා සම්බන්ධ ගැටලුවලට මුහුණ දීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකාව තුළ ද සමාජ ජාල භාවිත කරන පාසල් දරුවන් සහ නව යෞවනයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඔවුන් අතර දිවි නසා ගැනීමට යොමු වීමේ ප්‍රවණතාව ඉහළ යන ආකාරයක් දක්නට ලැබේ.

පෞරුෂය දුර්වල මට්ටමේ පවතින දරුවන් බ්ලූ වේල් වැනි මනසට අහිතකර ක්‍රීඩා වෙත යොමු වීමේ ඉඩකඩ වැඩිවේ. මෙම තත්ත්වයෙන් බේරීමට නම්  දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි. එනිසා ආදර දෙමව්පියනි ඔබේ දරුවා ගැන නිරන්තර අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීම නම් අනිවාර්යයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles