රුව ලස්සන කරන තක්කාලි

මුහුණේ කුරුළෑ ඇති වීම  සැබවින්ම කරදරයක්. කුරුළෑ සුව කර ගැනීමට හැකි වූවත් එයින් ඇතිවූ ලප කැළැල් ඉවත් තර නොගතහොත් සමෙහි පැහැපත් බව රැඳෙන්නේ නැහැ. රසායනික දෑ යොදා නොගෙන නිවසේදී පහසුවෙන්ම කළ හැකි සත්කාරයන් මඟින් ඔබට පැහැපත් සමකින් යුත් මුහුණක්‌ හිමිකර ගන්න පුළුවන් නම් හෙඳයි නේද? කුරුළෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට ඔබට තක්‌කාලි ගෙඩියේ යුෂ භාවිතා කළ හැකියි.

රසවත් ආහාරයක් වන තක්‌කාලිවල අඩංගු ප්‍රබල ප්‍රති ඔක්‌සිකාරක මඟින් සමට වාසි රැසක්‌ හිමිකර දෙයි. අකලට සම රැලි වැටීම වැළැක්‌වීම, පාරජම්බුල කිරණින් සම ආරක්‌ෂා කිරීම, චර්ම පිළිකා ඇතිවීම වැළැක්‌වීම තක්‌කාලිව මඟින් සිදු කරෙනවා. මෙම සත්කාර සඳහා විස නොමැති තක්‌කාලි තෝරා ගැනීමට සෑම විටෙකම මතක තබා ගන්න.

කුරුළෑ හටගෙන ආසාත්මිකතාවයට පත්වීමට පෙර තක්‌කාලි ගෙඩියක්‌ දෙකට කපා සෙමින් මුහුණේ අතුල්ලා විනාඩි 15 – 20 ත් අතර කාලයක් තබා ඇල් වතුරෙන් මුහුණ සෝදා තෙත මාත්තු කරන්න.

තක්‌කාලි යුෂ face wash එකක්‌ ලෙස ද භාවිත කළ හැකියි. තක්‌කාලි යුෂ මේස හැන්දකට ලෙමන් යුෂ බිංදු කීපයක්‌ එකතු කර හොඳින් මිශ්‍ර කර පුළුන් කැබැල්ලකින් මෙම මිශ්‍රණය කුරුළෑ ඇති ස්‌ථානවල හොඳින් ආලේප කර විනාඩි 5 – 10 ත් අතර කාලයක් තබා මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න.

තක්‌කාලි යුෂ සහ අලිගැටපේර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. සකසා ගත් මිශ්‍රණය මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 20 – 30 ත් අතර කාලයක්‌ තබා ඇල් ජලයෙන් මුහුණ සෝදන්න. මෙම සත්කාරය සතියකට වතාවක්‌ කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගත හැකියි..

මුහුණේ ඇති වූ කුරුළෑ කැඩීම හෝ නිතර ඇල්ලීමෙන් වළකින්නට මතක තබා ගන්න. මෙවැනි සත්කාර ක්‍රමිකව සිදුකිරීමෙන් පැහැපත් සමකින් යුත් ප්‍රියමනාප මුහුණක්‌ ඔබටත් ලබා ගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles