නිදන කාමරය නිසා නින්ද පරක්කුද

නිදන කාමරය කියන්නේ අපි  දවස අරඹන මෙන්ම අවසාන කරන ස්ථානය. ඉතින් ඒ කියන්නේ අපේ ජීවිතේට වඩාත්ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තැනක් තමයි මේ නිදන කාමරය. ඉතින් දවසක විඩාව නිවනවා වගේම දවසක ආරම්භය සනිටුහන් කරන නිදන කාමරය ඔබට විවේකය මෙන්ම ප්‍රබෝධය ගෙනෙන ප්‍රසන්න ස්ථානයක් කරගතම යුතුයි නේද ?

  1. නිතරම ඔබේ සයනය පිරිසුදුව ,පිළිවෙලට සකසා තබන්න.
  2. අනවශ්‍ය දේ සියල්ලම නිදන කාමරයෙන් බැහැර කරන්න.
  3. ගෘහ භාණ්ඩ වලින් කාමරය පුරවා නොගන්න.
  4. රුපවාහිනිය නිදන කාමරයෙන් ඉවත් කර තබන්න.
  5. දිවා කාලයේදී හිරු එළිය සේම රාත්‍රී කාලයේදී කෘතීම ආලෝකය පාලනය කර ගත හැකි සේ සකසා ගන්න.
  6. සෞම්‍ය වර්ණයක් ආලේප කරන්න
  7. අලංකාර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න .ඊට ගැළපෙන සේ කොට්ටා උර ද තෝරා ගන්න.
  8. සංගීතය ශ්‍රවනය කිරීමට අවශ්‍ය ප්ලේයරයක් තබා ගන්න.
  9. සමස්ත කාමරයේම වර්ණ භාවිතය ගැන සැළකිලිමත් වන්න.
  10. දවස් කිහිපයකට වතාවක් ඇඳ රෙදි කොට්ටා උර ආදිය මාරු කරන්න.
  11. කාමරයේ වර්ණයන්ට ගැළපෙන තිරරෙදි තෝරා ගන්න.
  12. අල්මාරි උඩ,ඇඳ යට බඩු මුට්ටු ගොඩ ගැසීමෙන් වළකින්න.
  13. කාමරයේ බිත්ති අනවශ්‍ය ඇසට වෙහෙසකර පින්තූර වලින් පුරවා නොගන්න.
  14. කලබල කාරී නොවන එක බිත්ති සැරසිල්ලක් භාවිතා කරන්න.
  15. දිනපතා අතුගා පිරිසුදු කරගන්න.
  16. කිලිටු ඇඳුම් කාමරයෙන් පිටත තැබීමට ක්‍රමයක් සකසා ගන්න.

ඉතින් මෙන්න මේ ටික අනුගමනය කළොත් ඔබට වැටහේවි ඔබට අවශ්‍ය සැනසිලිදායක සුවය ලබන්නට හොඳම තැනක් වන්නේ ඔබේ නිදන කාමරය කියා .ලොකු දේවල් නෙවේ. සමහර පුංචිම පුංචි දේවල් අපේ ජීවිතය වෙනස් කරනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles