මවුකිරි සහ පිටි කිරි ගැන මේ දේවල් දන්නවා ද?

මව් කිරි යනු අලුත උපන් දරුවකුට ලොව ඇති වඩාත්ම  වැදගත්ම ආහාරයයි. අලුත උපන් ළදරුවාට මව්කිරි දීම උපතේ සිට මාස 6ක්‌ දක්‌වා ළදරුවාට මවුකිරිවලින් පමණක්‌ පෝෂණය විය හැකි ය. දරුවාට පිටිකිරි දීම අනිටු විපාක සඳහා ඇති අවදානම වැඩි කරවයි. ශ්‍රී ලංකාවේ පවතින නිර්දේශය අනුව උපතේ පටන් ළදරුවාට මාස 6 ක් ගතවන තුරු මව්කිරි පමණක් ලබාදීම අනිවාර්යයි. ඉන් අනතුරුව, අමතර ආහාර සමග අවුරුදු 2-3 ක් පමණ මව්කිරි ලබාදීමට නිර්දේශ කර ඇත. මන්ද, කුඩා දරුවෙකුට ලබාදිය හැකි හොඳම කිරි වර්ගය මව්කිරි වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවුරුදකට වඩා අඩු ළදරුවන්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව කිරිපිටි ලබා දීම තහනම්.  අවුරුද්ද සම්පූර්ණ වෙන්න කලින් කිරි පිටි ලබා දුන් ළදරුවන් එහෙම නැති ළදරුවන් ට වඩා   ඇදුම/ හතිය, ඇලජික් රෝග, දද / කුෂ්ඨ යනාදී ඒටොපික (Atopic) රෝග, ළමාවිය ස්ථුලතාවය, දියවැඩියාව ආදී රෝග වලට ගොදුරු වීමට ඉතා වැඩි ඉඩ කඩක් තිබෙනවා.  ඊට අමතරව අවුරුද්ද සම්පූර්ණ වෙන්න කලින් කිරි පිටි නොදුන් ළදරුවන් එනම් මව් කිරි හා අමතර ඝන ආහාර වලින් පමණක් පෝෂණය වූ  ළදරුවන්ට රෝග වැළඳීම ඉතා අඩු බවත්, බුද්ධි මට්ටම වර්ධනය කිරි පිටි බිවු ළදරුවන්ට වඩා ඉහළ අගයක ඇති බව

ඇදුම, අසාත්මිකතාවන්, කනේ ආසාදන, ශ්වසන ආසාදන, යකඩ ඌණතා, නීරක්‌තිය, ආහාර දිරවීමේ අපහසුතා, නින්දේ දී ඇති වන හුස්‌ම ගැනීමේ ආබාධ, ළමා වියේ ඇති වන පිළිකා වර්ග, දන්තාබාධ සහ දන්ත විකෘති, පාරිසරික අපද්‍රව්‍යයන්ට/ හානිකර රසායන ද්‍රව්‍ය නිරාවරණය වීම, අධි රුධිර පීඩනය සහ හෘද රෝග, දරුවාට මවුකිරි නො දෙන්නේ නම් ඇති විය හැකි අනිටු විපාක වේ. එසේම දියවැඩියාව, අධි බර සහ ස්‌ථුලතාව, අස්‌ථි දුර්වල වීම (ඔස්‌ටියෝපොරෝසිස්‌), පියයුරු, ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා, අධි රුධිර පීඩනය හා හෘදායාබාධ වැනි රෝගවලට වැඩියෙන් ගොදුරු වීමේ අවදානම මවුකිරි නො දුන් දරුවන්ට ඇති වේ.

මවුකිරි දීම යනු දරුවකු වෙනුවෙන් කළ හැකි ඉතාම ඵලදායිතම ආයෝජනය නිසා ඒ ගැන සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි.  ලංකාවේ මවුවරුන් ගෙන් 82%ක්‌ පූර්ණ ලෙස මවුකිරි දෙන ප්‍රවර්ගයට ඇතුළත් වීම විශාල ආඩම්බරයක්‌ වන අතර එම තතත්වය වර්ධනය කර ගත යුතුවේ.

ළමයින් ගේ හා මවුවරුන් ගේ නිරෝගී බව රැකගැනීම සඳහා මවුකිරි දීම අත්‍යවශ්‍ය වන අතර මේ කරුණ ගැන මවුවරුන් මෙන්ම සමස්‌ත සමාජය ද දැනුවත් ව සිටීම වැදගත්.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles