තෝසේ කන්න රසවත් සාම්බාරු හදමු

තෝසේ, ඉට්ලි කන්න රසවත් සාම්බාරු හොද්දක් තිබෙනවා නම් හොඳයි නේද? එනිසා ගෙදරදී රසට පිරිසිදුවට සාම්බාරු හොද්දක් හදා ගනිමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැරට්, අල, බෝංචි, වම් බටු, මුරුංගා, වට්ටක්කා, තක්කාලි
  • පරිප්පු ටිකක්
  • ළූණු
  • රම්පේ සහ කරපිංචා
  • අමු මිරිස්
  • තුනපහ කුඩු
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • රස අනුව ලුණු

තිබෙනවා නම් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

තෙම්පරාදුව සඳහා:

  • සුදු ළූණු
  • ළූණු
  • අබ
  • කරපිංචා

සාදන අයුරු:

එළවළු සෝදා කපා ගන්න. සෝදා ගත් පරිප්පු ටිකට එළවළු, තුනපහ, අමුමිරිස්, රම්පේ, කරපිංචා එක්කර වතුර වැහෙන්නම දාලා හොදින් එළවළු ටික හොඳින් තම්බා ගන්න. කැමති තක්කාලි ටික ද තැම්බෙන්න එක්  කරන්නට හැකියි. නැත්තම් තෙම්පරාදුවට එක් කර ගන්න. රස අනුව ලුණු එක් කර ගන්න.

තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බැද ගෙන එළවළු මිශ්‍රණයට එක් කර ගන්න. කුඩාවට ලියා ගත් කොත්තමල්ලි කොළ අවසානයට එක් කරගන්න.

සාමාන්‍යයෙන් සාම්බාර් හොද්ද සකසනුයේ දියර ගතියටය. හොද්ද උකු කර ගන්න කැමති නම් පොල් කිරි ස්වල්පයක් එක් කර ගන්න පුළුවන්.  නැතිනම් එළවළු තම්බා ගත් හොද්ද පරිප්පු ටික සමඟ බෙරෙන්ඩර් කර එක් කර ගන්න.

මෙහි සඳහන් එළවළු සියල්ල අවශ්‍ය නොවන අතර නිවසේ ඇති ද්‍රව්‍ය වලින්ම සකසා ගත හැකියි. තෝසේ සම්බෝලයට මෙම රසවත් සාම්බාරු හොද්ද එක්ක තෝසේ, ඉට්ලි, වඩේ කන්න ගෙදර උදවිය වැඩියෙන්ම කැමති වේවි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles