සොඳුරු දිවියක් ඔබට තිළිණ කරන හරිත තේ ගැන දැන ගත යුතුම දෑ

Green tea හෙවත් හරිත තේ වසන්තයක් පසුගිය දශක කිහිපය ඇතුළත ලොව පුරා පැතිර ගියා. එමෙන්ම විවිධ විද්‍යාත්මක අධ්‍යයන සඳහා ද හරිත තේ ජනප්‍රිය මාතෘකාවක් වුණි. ලංකාවේ ද මේ වන විට හරිත තේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන නිසා ඒ ගැන දැනු්වතව සිටීම වැදගත්.

හරිත තේ බොහෝ ආසියාතික රටවල් වල ජනප්‍රිය නමුත් එහි ආරම්භය සිදුවන්නේ චීනයෙහිය. කළු තේ සාම්ප්‍රදායිකව භාවිතා කරන බටහිර රටවල් වලද හරිත තේ වේගයෙන් ප්‍රචලිත වී ඇත. හරිත තේ මධ්‍යසාර වල අහිතකර දැ උරා ගැනීමට ,සෞඛ්‍ය සම්පන්න ආහාර සදහා , භෝජන අතිරේකයක් ලෙස සහ සුවද විලවුන් සදහා ද අමුද්‍රව්‍යක් ලෙස යොදා ගනී. පොදුවේ Green tea යැයි හැඳින් වූවද මෙහි විවිධ ප්‍රෙබ්ධ දකින්නට පුළුවන්. වගා කරන ක්‍රම, තේ දළු නෙලන කාලය සහ තේ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව මේවා එකිනෙකට වෙනස් වේ.

හරිත තේ වීදුරුවක අඩංගු ෆ්ලවෝනොයිඩ්ස් (Flavonoid) ප්‍රමාණය, සාම්ප්‍රදායිකව සෞඛ්‍ය සම්පන්නයයැයි පොදු භාවිතයේ පවතින නැවුම් පළතුරු, එළවළු  වල සමාන ප්‍රමාණයක ෆ්ලවෝනොයිඩ්ස් ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගනී. ෆ්ලවෝනොයිඩ්ස් යනු ශාක වල පවතින රසායනික ද්‍රව්‍යයක් වන අතර එමගින් ප්‍රති ඔක්සිකරණය වැනි විවිධ ප්‍රතිලාභ ලැබේඑ

හරිත තේ පානය කරන්නන් හට විවිධ සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් ලැබෙන අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම වීම   සහ පිළිකා අවදානම අවම වීම ඒ අතරින් මූලික තැනක් ගනියි. Green tea මගින් හෘද ස්පන්දනය වැඩිවීමකින් තොරව පරිවෘත්තීය ක්‍රියාවේ 4% සීඝ්‍ර වර්ධනයක් ඇති කරයි. එහි ඇති ප්‍රති ඔක්සිකාරක සංයෝග මඟින් පිළිකා අවදානම අවම කරයි. මොළය වයසට යෑමේ වේගය අවම කරන බැවින්, ඇල්සයිමර් සහ පාර්කින්සන් වැනි මොළය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.

හරිත තේ සතු ඔක්සිකාරක ගුණය මඟින් සමට වන හානිය වළක්වනවා. එමඟින් සම රැළි වැටීම, අවර්ණ වීම වැළකෙනවා. එමෙන්ම සමේ ඇතිවිය හැකි පිළිකා සෛල සමඟ සටන් කිරීමේ හැකියාවක් සමට ලබා දීමට හරිත තේ සමත්. දන්ත සෞඛ්‍ය රැක දෙන්නත් Green tea උපකාරී වෙනවා.

එපමණක් නොව ශරීර බර අඩු කරගන්නත් හරිත තේ පානය කදිමයි. දිනකට හරිත තේ කෝප්ප 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරනවා නම් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි. හරිත තේ නටන උණු වතුර මඳක් නිවෙන්නට හැර සෙල්සියස් අංශක 70දී පමණ පිළියෙළ කරගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. නිරෝගීමත් සොඳුරු දිවියක් ගත කරන්නට හරිත තේ ඔබේ දිවියට එකතු කරගන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles