ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

මුදවාපු කිරි හෝ යෝගට්

මුදවාපු කිරි හෝ යෝගට් වලට තුනෙන් එකේ අනුපාතයට දෙහි යුෂ කලවම් කරන්න. මෙම මිශ්‍රණය හොඳින් හිස්කබලේ තවරන්න. විනාඩි 15 පමණ පිරිමදින්න. සාමාන්‍ය ජලයෙන් සෝදන්න. හිස සෝදන විට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.

තේ කුඩු සහ යෝගට්

යෝගට් හැඳි එකකට තේ කුඩු හැඳි එකක් ගෙන ස්ක්රබ් එකක් සකසා ගන්න. මෙය හිස් කබලේ හොඳින් තවරමින් සම්බාහනය කරන්න. හිස් හොරි, තෙල් කොටස් මින් ඉවත් වෙනවා. සතියකට වරක් කරන්න. විනාඩි පහලවක් පමණ හිසෙහි තබාගන්න.

දෙහි ලෙලි

යුෂ මිරිකා ඉවත් කළ දෙහි ලෙලි කුඩාවට කපා ගන්න. මඳ උණුසුම් ජලයට දමා තබා නිවුණු පසු ගල්වන්න.

වෙරළු කොළ සහ මී පැණි හෝ දෙහි යුෂ

කොළ හොඳින් කොටන්න. මී පැණි හෝ දෙහි යුෂ ටිකක් එක් කරන්න. හිසේ හොඳින් තවරා විනාඩි පහළවක් පමණ තබා සෝදා හරින්න.

සුදු ළුණු

සුදු ළුණු තලපයක් සේ සකසා ගන්න. දෙහි යුෂ බින්දු කිහිපයක් දමා හිස් කබලේ තවරන්න. හිස් හොරි වලට කදිම ප්‍රතිකාරයකි. එහෙත් තරමක දුර්ගන්ධයක් ඇත.

ඉතින් මේ ප්‍රතිකාර ඔබට නිරෝගී කෙස් කළඹක් වගේම නිරෝගී හිසක් ද දායාද කරාවි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles