පියයුරු රෝග පාලනය කරන අයඩීන් ගැන දැන ගනිමු.

අයඩීන් කියන්නේ සමහර ආහාර වල අඩංගු වන ඛනිජ වර්ගයක්.තයිරොයිඩ් හෝමෝන නිපදවීම සඳහා ශරීරයට අනිවාර්යයෙන්ම අයඩින් අවශ්‍ය වනවා .මෙම හෝමෝන ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සහ තවත් බොහෝ වැදගත් කාර්යයන් පාලනය කරනවා.ඊට අමතරව එන්සයිම ප්‍රතික්‍රියා පහසු කිරීමට,හෝමෝන නිපදවීමට , සෛලීය සන්නිවේදනය සක්‍රීය කිරීමට ආදී කාර්යයන් රැසකට අයඩින් අවශ්‍ය වනවා. සමහර පෝෂපදාර්ථ මෙන් අයඩින් අපේ ශරීරයට තනිවම සංස්ලේෂණය කිරීමට හැකි වන්නේ නැහැ. ඔබ දිනකට ලබාගත යුතු අයඩින් ප්‍රමාණය ඔබේ වයස අනුව වෙනස් වන අතර සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ඔබට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබා ගන්නට පුළුවන්. 

දිනකට කොපමණ අයඩින් ප්‍රමාණයක් ලබා ගත යුතුද ?

වැඩිහිටියන් – 150 mcg 

ගර්භණි මව්වරුන් – 200 mcg 

කිරි දෙන මව්වරුන් – 200 mcg 

අයඩින් වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවද ? 

ගර්භනී සමයේදි නිසි වර්ධනයට සහ කිරිදෙන මව්වරුන්ට 

ළදරුවන්ගේ මොලයේ නිසි වර්ධනයට අයඩීන් අත්‍යවශ්‍ය වේ.ගර්භනී සමයේදී ප්‍රමාණවත් තරම් අයඩින් ලබා නොගන්නා කාන්තාවන්ට උපදින ළදරුවන්ට බුද්ධිමය ප්‍රමාදයන් ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.එමෙන්ම මව් කිරි දෙන කාන්තාවන් ද අයඩින් නිසි ලෙස ලබා ගැනීම වැදගත්.ඔවුන් මව්කිරි හරහා දරුවාට එම ඛනිජ ලබා දීම එයට හේතුවයි. 

fibrocystic ( ෆයිබ්‍රොසිස්ටික් ) පියයුරු රෝගය පාලනය කර ගත හැක  

fibrocystic පියයුරු රෝගය යනු පියයුරු වල වේදනාකාරී ගැටිති ඇති කරන පිළිකා නොවන තත්ත්වයක්.එය සාමාන්‍යයෙන් ප්‍රජනක වයසේ සිටින කාන්තාවන්ට ඇති වන තත්ත්වයක් වන අතර ආර්තවහරණයෙන් පසු අවධියේ සිටින කාන්තාවන්ට ද ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට ශරීරයට ප්‍රමාණවත් තරම් අයඩින් ලබා ගැනීම මඟින් හැකියාව ලැබෙනවා 

ගොයිටර් අවදානම අඩු කරයි

ගොයිටර් යනු තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීමෙන් ඇතිවන තත්ත්වයකි.පිළිකා නොවන තයිරොයිඩ් ගැටිති ද තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීමට හේතු විය හැකියි.සමහර අවස්ථාවලදී අයඩින් ඌනතාවක් ඇති බව පෙන්නුම් කිරීමට ද ගොයිටර් වර්ධනය වනවා.මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සහ අවදානම අඩු කර ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස අයඩින් ලබා ගැනීම වැදගත් වෙනවා 

ආසාදන වලට ප්‍රතිකාර කිරීමට

විවිධ ආසාදන වලට ප්‍රතිකාර කිරීමට සහ වැලැක්වීමට අයඩීන් දියර ආකාරයෙන් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.එය ක්‍රියා කරන්නේ මෘදු කැපුම් සහ සීරීම් වල අවට ඇති බැක්ටීරියා විනාශ කිරීමෙනි. 

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි

නිසි ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියක් සඳහා ද අයඩින් අත්‍යවශ්‍ය වනවා.විෂබීජ විනාශ කිරීම සහ ඒක සෛලික ජීවීන් විනාශ කිරීමට අයඩින් වලට ඇති හැකියාව එයට හේතුවයි.ඊට අමතරව ආමාශයේ අසාමාන්‍ය බැක්ටීරියා වර්ධනයද අයඩින් මගින් වළක්වනවා.

ස්නායු පද්ධතියට සහ මොළයේ වර්ධනයට 

ස්නායු පද්ධතිය වටා ඇති ආරක්ෂිත කොටස් සහ මොළයේ බොහෝ කොටස් අයඩින් ඌනතාවය හේතුවෙන් පීඩාවට පත්විය හැකියි.එම නිසා දිනකට ශරීරයට අවශ්‍ය වන අයඩීන් ප්‍රමාණය ලබා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. 

අයඩීන් ඌනතාවයේ රෝග ලක්ෂණ 

අයඩින් ඌණතාවය හඳුනාගත හැකි වන්නේ මුත්‍රා පරීක්ෂණයක් මඟිනි. ඔබට අයඩින් ඌණතාවය ඇති බවට හැඟවෙන රෝග ලක්ෂණ කිහිපයක් ඇත. එනම් , 

තයිරොයිඩ් ග්‍රන්ථියේ වේදනාකාරී බව 

වැතිර සිටින විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව 

ගිලීමේ අපහසුතාවය 

තෙහෙට්ටුව 

සාමාන්‍ය උෂ්ණත්වය තිබියදීත් දැනෙන අධික සීතල 

මානසික අවපීඩනය 

නොදැනුවත්වම බර වැඩිවීම 

අයඩින් අඩංගු ආහාර මොනවාද ? 

කිරි නිශ්පාදන 

අයඩින් අඩංගු වන ප්‍රධාන ප්‍රභවයන් ලෙස කිරි නිෂ්පාදන සැලකෙනවා.කිරි ,යෝගට් , චීස් ,ගෘහ චීස් ඒවා අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. චීස් වල අඩංගු වන අයඩින් ප්‍රමාණය ඒවායේ වර්ගය අනුව වෙනස් වන අතර ගෘහ චීස් වල වැඩිපුර අයඩින් ප්‍රමාණයක් අඩංගු වනවා

අයඩින් සහිත ලුණු 

අයඩින් සහිත ලුණු වර්තමානය වන විට ඔබට පහසුවෙන්ම ඕනෑම වෙළඳසැලකින් ලබාගත හැකියි . අයඩීකරණය කල ලුණු තේ හැඳි බාගයක් පමණ පරිභෝජනය කිරීම මගින් දෛනික අයඩින් අවශ්‍යතාවය සපිරෙනවා.

ඉස්සන් 

අඩු කැලරි සහිත ප්‍රෝටීන් බහුල ආහාරයක් වන ඉස්සන් ඉතා හොඳ අයඩින් ප්‍රභවයක් ලෙස සැලකෙනවා.ඉස්සන් සහ තවත් ආහාරයට ගත හැකි මුහුදු පැළෑටි පරිභෝජනය කිරීම මගින් අයඩින් ලබා ගත හැකිවෙනවා.එයට හේතුව වන්නේ ඒවා මුහුදු ජලයේ ස්වාභාවිකව පවතින අයඩින් අවශෝෂණය කර ගැනීමයි 

ටූනා 

අඩු කැලරි සහිත ප්‍රෝටීන් , පොටෑසියම් ,යකඩ , සහ බී විටමින් සහිත ආහාරයක් වන ටූනා ඉතා හොඳ අයඩින් ප්‍රභවයක් ද වෙනවා.

බිත්තර 

ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වන බිත්තර අයඩින් වලින්ද පොහොසත් ප්‍රභවයක්. තම්බාගත් එක් බිත්තරයක අයඩින් 26 mcg ප්‍රමාණයක් අඩංගු වෙනවා.

දැල්ලන්

කලමාරි ලෙස ද හඳුන්වන සාමාන්‍ය ප්‍රමාණයේ එක් දැල්ලෙකුගේ 65 mcg ප්‍රමාණයක් අයඩීන් අඩංගු වනවා.දැල්ලන් යනු යකඩ , කැල්සියම් , සහ ඔමෙගා 3 අම්ල යන පෝෂණ කොටස් අඩංගු හොඳ ප්‍රභවයක් ද වනවා 

කෙසේ වෙතත් අයඩින් අධික ලෙස ලබා ගැනීම ශරීරයට හිතකර නොවන අතර දෛනිකව අවශ්‍ය අයඩීන් ප්‍රමාණය පමණක් ආහාර මගින් ලබා ගැනීම ප්‍රමාණවත්.

Related Articles

Don't Miss


Latest Articles